Fact Check : ස්වරූපය වෙනස් වූ අලුත් 1000 නෝට්‍ටුවක් මුද්‍රනය කර ඇති බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

Update: 2020-09-25 16:34 GMT

විවිධ කාල වලදී මහ බැංකුව විසින් අලුතින් මුදල් මුද්‍රණය කරන අතර යම් යම් අවස්තාවලදී පවතින මුදල් කාසි සහ නෝට්ටු වල වෙනස් කම් සිදු කරනුද අපට දැකගනන්ට පුළුවන්. කලකට ඉහත පැවති රුපියල් දහයේ නෝට්‍ටුව වෙනුවට පසුකාලීනව හඳුන්වා දුන් දහයේ කාසියද පෙර පැවති රුපියල් දහසේ නෝට්ටුව වෙනුවට නව ප්‍රමාණයෙන් කුඩා වර්තමානයේ පවතින රුපියල් දහසේ නෝට්ටුව හඳුන්වාදීමද එසේ ස්වරූපය වෙනස් කල අවස්ථාවන් ලෙස පෙන්වා දිය හැකිය.

මේ අතර මහ බැංකුව විසින් පසුගිය දිනෙක රුපියල් 1000 මුදල් නෝට්‍ටුවක් හඳුන්වා දී ඇති බවට ෆේස්බුක් සටහනක් අපට දැකගන්නට ලැබුනා. SNS Creations නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් "කොහොමද? අලුත් 1000 කොලේ…" ලෙස නම් කරමින් එම නව දාහේ නෝට්‍ටුවක ඡායාරූපයක් බව හඟවන සටහනක් මූනුපොතට එකතු කර තිබුනා. බැලූ බැල්මටම අප සාමාන්‍යයෙන් භාවිතා කරන දාහේ නෝට්‍ටුවට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් ලෙස දක්වා ඇති එම නෝට්‍ටුවේ සම්මත මුදල් නෝට්ටු වල අඩංගු විය යුතු කිසිඳු විස්තර අඩංගු වී තිබුනේද නැති බවද අපට දැකගන්නට ලැබුනේ මෙලෙසින්

Original LinkArchived LinkOriginal LinkArchived Link

මේ ආකාරයට අලුතින් දාහේ නෝට්ටුවක් මුද්‍රනය කර ඇතිද යන්නේ සත්‍යතාවය පිලිබඳව සොයා බලන මෙන් පාඨකයන්ගෙන් අපට ලැබුනු ඉල්ලීම් නිසා සහ නව රුපියල් 1000 මුදල් නෝට්‍ටුවක් පිළිගැන්වීමේ පුවතක් පසුගියදා පළවූ බැවින් මේ පිලිබඳව වැඩිදුරටත් සොයා බලන්නට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිලිබඳව විමසීමට අප පලමුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන නිලධාරියෙකුව සම්බන්ද කර ගත්තා.පසුගියදා එලිදැක්වුනු නව රුපියල් 1000 මුදල් නෝට්‍ටුවේ ස්වරූපය වෙනස් කලේද යන්න අප ඔහුගෙන් විමසා සිටියා.එහිදි ඔහු සඳහන් කලේ කිසිම විටෙක 1000 නෝට්‍ටුවේ ස්වරූපය වෙනස් කර නොමැති බවයි. සමාන්‍යයෙන් මහ බැංකු අධිපති හෝ මුදල් ඇමති වරයා වෙනස් වන අවස්ථාවකින් පසුව අලුතින් මුදල් නෝට්‍ටු මුද්‍රනය කිරීමට ඇත්නම් නව අත්සන් සහිතව පලමු නෝට්‍ටුව පිලිගැන්වීම සාම්ප්‍රදායිකව සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටියා.

W.D ලක්ෂ්මන් මහතා අලුතින් මහ බැංකු අධිපති ලෙස පත්වීමත් මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස අලුතින් පත්වීමත් සමඟ අලුතින් 1000 නෝට්‍ටුවේ මුද්‍රනය කිරීමේ අවශ්‍යතාවය මත ඔවුන්ගේ අත්සන් සහිතව මෙසේ අලුතින් දාහේ නෝට්ටු මුද්‍රයනය කර පිලිගැන්වීමක් සිදු කල බවත් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ කොල පැහැයෙන් දිස්වන්නේ එම පිලිගැන්වූ දාහේ කොලය බහා තිබූ කවරය බවත් ඔහු වැඩි දුරටත් සහතික කලා.ඒ අනුව මෙම ස්වභාවය සම්පූර්නයෙන්ම වෙනස් කල 1000 නෝට්‍ටුවක් ලෙස හැඟවෙන පරිදි පල කල Facebook සටහන වැරදි එකක් බව තහවුරු වෙනවා.

මේ පිලිබඳව වැඩි දුරටත් කරුනු සොයා බැලීමට මෙම නව 1000 නෝට්ටුව පිලිගන්වන අවස්තාවේ පළවූ ඡායාරුප සටහන් පිලිබඳව අප අවධානය යොමු කලා. Ada.lk වෙබ් අඩවිය මෙම අවස්තාව ඡායාරූප සටහනක් සමගින් වාර්තා කර ඇති බවක් දක්නට ලැබුනා.

එම පුවතට අනුව ඔවුන් එහි පැහැදිලිව 1000 නෝට්‍ටුව සහ එය බහා ඇති කවරය ඇතුලත් ඡායාරුපය වෙන වෙනම දක්වා තිබෙනවා.

Link

එමෙන්ම මහ බැංකු අධිපතිවරයා විසින් අගමැතිවරයාට ලබා දෙන මෙම මුදල් නෝට්‍ටුව එම ඡායාරුපයේ නිවැරදිව දැකගන්නට හැකියි. පහත පුවත් සටහන් වලින්ද මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වෙත මෙම 1000 නෝට්‍ටුව සංකේතාත්මකව ලබා දෙන ඡායාරූපය දැකගන්නට හැකියි. Link 1 | Link 2 | Link 3

මේ අනුව නව මුදල් ඇමතිවරයාගේ සහ මහ මහ බැංකු අධිපතිවරයාගේ අත්සන සහ දිනයට අමතර අනෙකුත් අංගවල කිසිඳු වෙනසක් සිදුව නොමැති අබව අපට තහවුරු විය

එසේම මීට පෙරද මෙසේ 2015 වසරේ පෙබරවාරි මස රවී කරුණානායක මහතා මුදල් ඇමැති ධුරයටද අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරයටද පත්වීමෙන් පසු මෙලෙසම අත්සන් තබමින් නව රුපියල් 1000 නෝට්ටු නිකුත්කර තිබේ. එමෙන්ම 2018 වසරේදී 70 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන්ද එවකට මුදල් ඇමති මංගල සමරවීර මහතා මහ බැංකු අධිපතිව සිටි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ අත්සන් යොදා රුපියල් 1000 සමරු නෝට්ටුවක් නිකුත් කල බවට මාධ්‍ය වාර්තා මෙසේ පලවී තිබුණි

මහ බැංකුව විසින් නිකුත් කල සමරු කාසි සහ සටහන් (Commemorative Coins and Notes) | වත්මන් නෝට්ටු (Current Note Series)

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු සලකා බලන කල අපට තහවුරු වන්නේ අලුතින් 1000 නෝට්‍ටුවක් මුද්‍රනය කර ඇති බවට හැඟවෙන සේ හුවමාරු වන ඡායාරුපය අසත්‍ය එකක් බවයි. නව මහ බැංකු අධිපති සහ මුදල් ඇමතිවරයාගේ අත්සන් යොදා පසුගියදා නිකුක්කල රුපියල් 1000 නෝට්ටුවේ එම අංග සහ දිනය හැර වෙනත් කිසිඳු වෙනසක් නොමැත. සටහනේ දක්වා තිබෙන්නේ එසේ අත්සන් යොදා පිරිනැමූ රුපියල් 1000 නෝට්‍ටුව බහාලීම සඳහා භාවිතා කල කවරයයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ස්වරූපය වෙනස් වූ අලුත් 1000 නෝට්‍ටුවක් මුද්‍රනය කර ඇති බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News