FACT CHECK : කමල් ගුණරත්න මහතා අලලා පලවූ ව්‍යාජ සටහනක්!

Update: 2020-10-03 05:49 GMT

දේශපාලකයින් මෙන්ම සහ අමාත්‍යංශ ලේකම්වරු වැනි ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් අළලාද සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විටින් විට විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වෙනු පෙනේ. පසුපසින් අව්කන්නාඩි පැළඳ ගෙන සිටින්නේ මමයන තේමාවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ බව හඟවමින් හුවමාරු වූ ඡායාරුප සටහනක, අමාත්‍ය චමල් රාජපක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රිෂාඩ් බතියුදීන් ඇතුළු පිරිසක් පිටුපස ආරක්ෂක ලේකම්වරයා සිටින සේයාරුවක් “මුන්ට ඡන්දය දෙන්න එපා” නමින්වු ෆේසබුක් පිටුවක ඉදිරිපත්වී තිබෙනු දැකගන්නට හැකිවිය

මේ පිලිබඳ අප සිදුකළ විමර්ශනයේදී එය ව්‍යාජ සටහනක් බව අපට අනාවරනය විය.

LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ ‍නමින් ඇති පරිශීලකයින් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින ඉහත සටහන සඳහා යොදාගෙන තිබු පින්තූරයද (Profile Image) සතිත මෙම ෆේස්බුක් පිටුවේ පරීක්ෂා කළ නමුදු එහි එවන් පළකිරීමක් නොවූ අතර එම පිටුවේ කිසිඳු ආකාරයේ සටහනක් මෑතකදී පලවී නොමැති බවද තහවුරු විය. 2019 වසරේ නොවැම්බර් මස Profile ඡායාරුපයක් උඩුගත කිරීමෙන් පසුව එම ෆේස්බුක් පිටුවේ කිසිඳු යාවත්කාලීන කිරීමක් දැකගනන්ට ලැබුනේ නැත.

මෙම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස ආරක්ෂක ලේකම්වරයාගේ ලේකම් වෙත දුරකථන ඇමතුමක් ලබා ගත්තෙමු. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සක්‍රීය ෆේස්බුක් ක්‍රියාකාරිකයකු නොවන බව තහවුරු කළ ඔහු මෙම ඡායාරූපය 2020 ඔක්තෝබර් මස 1වන දින වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයේදී ගත් ඡායාරූපයක් බව සඳහන් කළේය. එසේම ඉහත ආකාරයේ කිසිඳු සටහන් කිසියම් සටහනක් ෆේස්බුක් ගිනුමක හෝ පිටුවක ඔහු පළකර නොමැති අතර ඉහත පරිශීලකයින් තිස්දහසකට වැඩි පිරිසක් සිටි ඉහත සඳහන් කල ෆේස්බුක් පිටුව වුවද ඔහු පවත්වාගෙන යන එකක් නොවන බව පවසා සිටියා. එම ෆේස්බුක් පිටුවේ එවැනි සටහනක් පළකර තිබුණද ඒ කිසිවක් ආරක්ෂක ලේකම්තුමාගේ නිල ගිණුමක් නොවන බවද පවසා සිටියා.

මේ පිළිබඳව තවදුරටත් කරුණු සොයා බැලීමේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ ඡායාරූප පෙළක් සමඟ, භාෂා තුනෙන්ම පහත කථාංගය සහිත සටහන දැකගැනීමට හැකිවිය.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය, නව ශ්‍රවණාගාරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු සම්භාවනීයයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වින.

ආණ්ඩුකාරවරු වන අනුරාධා යහම්පත්, මහීපාල හේරත්, පී.එච්.එම්. චාර්ල්ස් යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කාදර් මස්තාන්, සෙල්වම් අඩෙක්කලනාදන් ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

එම සටහන පහතින්.

https://www.facebook.com/RishadBathiudeenOfficial/posts/3919690358047130?__xts__%5B0%5D=68.ARAuw1NderzRtE6-QM7qs-wilnAIT5Bcpr9PjF6kvkC_yZ9JrmnpNTYopX5fKO3uEO44yacFwfIu5_Q0MSUdtzQXfcO1JiSag1xESoqcr_LbmbD1tWTmTpIW5as53qmvsNTrHAX5Hl9E8S0-dlUSQxDM9YL5aZ5_5szjwf56nZyFpLUmtOaEbKqGFuyRpvqQyW3hE3TVsB2jGdYk9Zfgx-PTeNm1BBclyvutNvMW9nA32kmpPGQGC5YelwyBYnxHflSFSa99s9tHn4lV-DnsnUm1XhqdKp4TXL1gHdt1azM5n12_hRdpAF4pAt_t_BuA2Yaww0WInBHlvMF2csxrLlGb0A&__tn__=-R

Facebook Archived Link

News 1st , Rivira වැනි මාධ්‍ය කිහිපයද මෙම පුවත වාර්තාකර තිබු අතර එම අවස්ථාවට විපක්ෂ මන්ත්‍රිවරයෙක් වන රිෂාඩ් බදියුදීන් මහතාගේ සහභාගිත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක්ම අදහස් පළකර තිබුණි.

මෙම සටහන් වලට පිළිතුරු වශයෙන් රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක කරුණු දක්වා තිබුනේ “විපක්ෂය නියෝජනය කරන ප්‍රදේශයේ මන්ත්‍රිවරයා ලෙස එම අවස්ථාවට සහභාගී වුවද එය ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබා ගැනීමකට හෝ පියවරක් නොවන බව අප රජය කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ලබා දුන් මහජනතාව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි” යනුවෙනි.” එම සටහන පහතින්.

FacebookArchived

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේපසුපසින් අව්කන්නාඩි පැළඳ ගෙන සිටින්නේ මම” යන තේමාවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ‍ෆේස්බුක් පිටුවක සටහනක් ඉදිරිපත් කර නොමැති අතර එසේ පෙන්වා තිබු ෆේස්බුක් පිටුව පාලනය වන්නේද ඔහු යටතේ නොවන බවයි. මේ අනුව, පසුගියදා වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයේදී ලබා ගත් ඡායාරූපයක් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් පවත්වාගෙන යන ‍ෆේස්බුක් පිටුව සටහනක් සේ පළකර ඇත්තේ නොමඟ යවන සුළු ව්‍යාජ සටහනක් බව අපට නිගමනය කල හැක.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කමල් ගුණරත්න මහතා අලලා පලවූ ව්‍යාජ සටහනක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News