FACT CHECK : වකුගඩු ආබාධයකට ආධාර ලබාදෙන ලෙස පලවූ මෙම සටහනේ තරුණිය දැනට ජීවතුන් අතර නොමැත!

Update: 2020-10-03 13:08 GMT

බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍ය යොදා ගනිමින් රෝග පීඩා වැලඳීම හේතුවෙන් අසරණ තත්වයන්ට පත් වූ අය වෙනුවෙන් ආධාර මුදල් එකතු කරන අයුරු අපට දැකගන්නට හැකියි. එවැනි සංවේදී කරුණු මුවාවෙන් හුවමාරු වන සටහන් ව්‍යාජ සටහන් පිළිබඳව අප මීට පෙර කිහිප අවස්ථාවකදී ද අප විමර්ෂණ සිදුකළා.

වකුගඩු ආබදයකින් පෙළෙන කාන්තාවක් සම්බන්ධයෙන් පළවූ මෙම සටහන විමර්ශනයේදී ද එය ව්‍යාජ එකක් බව අපට අනාවරණය වුණා.

“දරු සෙනෙහස” නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් වකුගඩු ආබදයකින් පෙළෙන තරුණියක් සඳහා ආධාර ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් පලවූ එම ෆේස්බුක් සටහනේ “අනේ මගේ දරුව වෙනුවෙන් මාව බේරල දෙන්න.” යන තේමාව යටතේ දීර්ඝ කතාංගයක් ඇතුලත් කර තිබුණා. මාස 07ක බිලිඳියකගේ මව වූ ශමිලා රන්ගිකා කුමරපේලි නම් තැනැත්තියක විසින් පැවසු ආකාරයට පලවී තිබු එම සටහනේ වකුගඩුවක් බද්ධ කර ගැනීම සහ ඒ ආශ්‍රිත අමතර වියදම් සොයා ගැනීම සඳාහා හැකි කිසියම් හෝ ආකාරයකට පිහිට වෙන ලෙස ඉලීමක් කර තිබුණා.

එම සංවේදී පුවත මීට දින කිහිපයකට පෙර පලවී මී වන විට 500කත වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබු අතර සටහන අවසානයේ බැංකු ගිනුමක විස්තර ද ලබාදෙමින් ඒ වෙත මුදල් බැර කරන මෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා. එම කාන්තාව දැනට ප්‍රතිකාර ලබමින් සිටින බවක් හැ‍ඟෙවෙන පරිදි ඇගේ ඡායාරුපයක් ද එම සටහන සමග එකතු කර තිබුනේ මෙලෙසින්

Original LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම කරුනේ සත්‍යතාවය සොයාබැලීමට අප පලමුවෙන්ම මෙම සටහනේ යොදාගෙන තිබු ජංගම දුරකතන අංකයට ඇමතුමක් ලබා ගත්තා.එහිදී එම අංකය භාවිතයේ නොමැති එකක් බවට තහවුරු විය. ඉන් පසුව මෙම සටහනේ තිබුනු අනෙක් ස්ථාවර දුරකථන අංකයටද ඇමතුමක් ලබා ගත්තා. එහිදී අපට මෙම සටහන පල කල ශමිලා රන්ගිකා කුමරපේලි නමැත්තියගේ පියා සම්බන්ධ කරගැනීමට හැකි වූනා.

මෙම සටහනෙන් දැක්වෙන සිදුවීම සත්‍ය එකක් නමුදු දැනට අවුරුදු 8කට පමණ කලින් පල කල එකක් බවත් මෙම සටහනේ සඳහන් ශමිලා රන්ගිකා කුමරපේලි තම දියණිය අවාසනාවන්ත ලෙස 2013 වසරේ අගෝස්තු මස මෙලොවින් සමුගත් බවත් ඔහු අපට දන්වා සිටියා. මෙම සටහන් තම දියණියගේ වියෝවෙන් පසුවද කිහිප වරක් ම මීට පෙර පළවූ බවත් අපට කියා සිටියා.

ශමිලා රන්ගිකා කුමරපේලිගේ හිතවතෙකු 2013 වසරේ අගෝස්තු මස ඇයගේ අවසන් කටයුතු ඇතුළත් ඡායාරුප සටහනක් පළකර තිබුනේ මෙලෙසින්

LinkArchived

එසේම 2012/13 කාලයේදී ඇය වෙනුවෙන් මුදල් ආධාර ලබාගෙන ලෙස ඉල්ලමින් පළවූ සටහන් රැසක් අපට දැකගනන්ට හැකිවුනා.

Link 1 | Link 2

නමුත් ඇයගේ පියා පවසා සිටි අයුරින් එම සටහන් ඇයගේ මරණයින් පසුව 2014 / 15 වසර වලදී ද හුවමාරු වී තිබු අයුරු අපට දැකගනන්ට ලැබුණි

එසේම මෙම සටහනේ දක්වා ඇති බැංකු ගිනුම් අංකයද ක්‍රියා විරහිත කර ඇති බව අප හා දුරකථනයෙන් සම්බන්ධ වූ ඇගේ පියා කියා සිටි අතර මේ හා සම්බන්ධ කිසිඳු ගිනුමකට මුදල් බැර නොකරන ලෙසද ඉල්ලා සිටියා. සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා හුවාම්රු වූ සටහනට අදාලව කමෙන්ට් කර තිබූ අය අතර එක් අයෙකු ඉහත බැංකු ගිනුමට මුදල් දැමීමට උත්සහ කර ඇති බවත් එම ගිනුම් අංකය වැරදි එකක් බවත් සටහන් තබා ඇති බවත් අපට පෙනී ගියා.

Original LinkArchived

එම සටහනේ ම සඳහන් බ්ලොග් අඩවිය වෙත පිවිසීමට අප උත්සාහ කලද එම බ්ලොග් අඩවියද දැනට ක්‍රියා විරහිත කර ඇති බවක් අපට දකින්නට ලැබුනා.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු වලට අනුව සලකා බැලීමේදී අපට තහවුරු වුයේ “අනේ මගේ දරුව වෙනුවෙන් මාව බේරල දෙන්න” යන තේමාව යටතේ ශමිලා රන්ගිකා කුමරපේලි නම් අයෙකු වකුගඩු ආබාදයකින් පෙලෙන බව සදහන් කරමින් මීට දින කිහිපයකට පෙර පල කර ඇති සටහන මීට වසර 8කට පෙර රෝගී තත්වයක් සඳහා පළකර ලද සටහනක් උපුටා දැක්වීමක් බවයි. එම සටහනේ දැක්වෙන කාන්තාව 2013 වසරේදී මියගොස් ඇති අතර ඇය වෙනුවෙන් තවදුරටත් ආධාර එකතු කරන ලෙස හුවමාරු වන සටහන්වලට ප්‍රතිචාර නොදක්වන ලෙස ඇයගේ දෙමව්පියන් ඉල්ලා සිටියි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වකුගඩු ආබාධයකට ආධාර ලබාදෙන ලෙස පලවූ මෙම සටහනේ තරුණිය දැනට ජීවතුන් අතර නොමැත!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News