FACT CHECK : පොල්ගොල්ල මහවැළි ගඟේ දින හයක් තුළ පාවෙන හයවැනි පිරිමි දේහයද?

Update: 2020-10-13 17:06 GMT

විවිධාකරයේ හේතු හමුවේ ලංකාවේ තරුණ පරපුර දිවියේ මතුවන ප්‍රශ්ණ වලට මුහුණ දිම වෙනුවට සිය දිවි හානිකර ගන්නා අවස්ථා විටින් විට වාර්තා වේ. පසුගිය දිනවල කටුගස්තොට පොල්ගොල්ල ජලාශයෙන් මළ සිරුරු කිහිපයක් හමුවීම පිළිබඳව පළවු සටහනක දින 6ක් තුළ පිරිමි මල සිරිරු 6ක් හමුවීමේ සිද්ධියක් වාර්තා වී තිබු අතර මෙම සටහන අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ එය නොමඟ යවන සුළු සටහනක් බවයි.

ජලාශයක පාවන තරුණයකුගේ ඡායාරුවක් සහිතව මේ ජයාරුපය තරුණයෙක්ගේ යැයි කීමට ඔබට සාක්ෂි අවශ්‍ය නැත.මේ පොල්ගොල්ල මහවැළි ගඟේ දින හයක් තුළ පාවෙන හයවැනි පිරිමි දේහයයි.මේ තරුණයන් අග හිඟකම් හෝ ප්‍රේමය බිඳ වැටිම නිසා මිය ගියාද? නැතහොත් නැවතත් අපිට 87-88-89 යුගයක් නොමිළේම, නොදැනීම ලැබී තිබේද?.දින හයක් තුළ මිණී 6 ක්...සිතන්නට යමක් ඉතිරි වී තිබේකථාංගය අන්තර්ගත කර Tikiri Subhashini Wipfler නමැති ෆේස්බුක් ගිණුමේ පහත පරිදි සටහනක් ඉදිරිපත් කර තිබුණා.

FacebookArchived Link

එම සටහනට හිමි වූ ප්‍රතිචාර සමහරක් මෙවැනි මරණ සංඛාවක් පිලිබඳ වාර්තා වී නොතිබූ බැවින් මෙය සතයක් දැයි විමසා සිටි බැවින්, එම සටහන පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය. එසේ පාඨකයින් විමසා සිටි ප්‍රතිචාර කිහිපයක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පොල්ගොල්ල මහවැලි ජලාශයෙන් මළ සිරුරු හමුවීම පිළිබඳව ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් හි ඇති වාර්තාවන්ද පරික්ෂා කළෙමූ. ජූලි මාසයේ කටුගස්තොට දුම්රිය පාලමෙන් මහවැලි ජලාශයට පැන දිවි හානිකරගත් පාසල්වියේ පෙම්වතුන් යුවළ ගේ මරණය පිළිබඳව දිවයින පුවත්පත ,දෙරණ ඇතුළු මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි

එසේම පසුගිය සැප්තැම්බර් මස කටුගස්තොට කුඩා පාලමින් මහවැලි ගඟට පැන සියදිවි නසා ගත් තරුණියක් පිලිබඳ පුවතක් අද පුවත්පත වාර්තා කර තිබුණුද දැක ගණනට ලැබුණි

Tikiri Subhashini Wipfler ෆේස්බුක් සටහනේ අන්තර්ගත කරුණු සනාථ කරගැනීම පිණිස අප කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපතිතුමා සම්බන්ධ කර ගත්තෙමු. දින කිහිපයකට පෙර පොල්ගොල්ල මහවැලි ජලාශයේ පාවෙමින් තිබූ තරුණ මළ සිරුර මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තරුණයෙකුගේ මළ සිරුරක් බවත්, සියදිවි නසා ගැනීමට පෙර ඔහු ඒ පිළිබඳව සිය පවුලේ අයට ලිපියකින් දැනුම්දී ඇති බවත්, පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව පැවසීය. ඉන් සති දෙකකට පමණ පෙර පෙම්වතා වෙනත් තරුණියක් සමග සම්බන්ධතාවයක් පවත්වන බවට සැළ වීම නිසා තරුණියක් කටුගස්තොට දුම්රිය පාලමෙන් මහවැලි ජලාශයට පැන සියදිවි හානි කරගත් බවද ඔහු සඳහන් කළේය. ඉහත “අද” පුවත්පත් වාර්තාවේ දැක්වා තිබුනේ එම පුවතයි

එයට අමතරව පෙම් සබඳතාවයට දෙමව්පියන් විරුද්ධ වීම නිසා පාසල් වියේ පෙම්වතුන් යුවළක් දුම්රිය පාලමෙන් පොල්ගොල්ල ජලාශයට පැන සියදිවි හානි කර ගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.ඉහත ජුලි මාසයේ වාර්තා වී තිබුනේ එම සිද්ධියයි.

මෙම සියදිවි හානිකර ගැනීම් වලට අමතරව වෙනත් කිසිදු තරුණ මළ සිරුරු, විශේෂයෙන්ම තරුණ පිරිමි මළසිරුරු මහවැලි ජලාශයන්හි පසුගිය කාලයේ හමු නොවූ බව ඔහු අවධාරණය කළේය. කෙසේනමුත් පොල්ගොල්ල මහවැලි ජලාශයේ දින 6ක් තුළ තරුණ පිරිමි මළසිරුරු හයක් හමුවූ බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන ප්‍රවෘත්තිය ඇත්ත තතු වෙනස් කරමින් පළකර ඇති අසත්‍ය ප්‍රවෘත්තියක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප ප්‍රදේශ වාසීන් සහ ප්‍රාදේශීය වාර්තාකරුවන් ද සම්බන්ධ කරගෙන කරුණු විමසීමක් සිදුකලා. එහිදී ද අපට ඉහත වාර්තා කර ඇති පරිදි දින 6කදී පිරිමි මළසිරුරු 6ක් වාර්තා වී ඇති බවක් පිලිබඳ ඔවුන් දැනුවත් නැති බව පවසා සිටියා. කෙසේ වෙතත් මෙම වසරේ ගතවූ මාස නවයක කාලය තුළ කටුගස්තොට පොලිස් වසමේ පුද්ගලයින් හත් දෙනෙක් පමණ මහවැලි ගඟට පැන සියදිවි හානිකර ගෙන ඇති බවත් අපට ඔවුන්ගෙන් දැනගනන්ට ලැබුණා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මෑත කාලයේදී පොල්ගොල්ල මහවැලි ජලාශයේ සියදිවි නසාගත් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ තරුණයෙකුගේ මළ සිරුර හැර වෙනත් පාවෙමින් තිබූ තරුණ පිරිමි මළ සිරුරු හයක් හමු නොවූ බවයි.  මෙම වසරේ කටුගස්තොට පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟට පැන සියදිවි හානිකරගෙන තිබු මරණ කිහිපයක්ම වාර්තා වී තිබුණද මෑත කාලයේ තරුණ පිරිමි මළසිරුරු හයක් දින 6කදී සොයා ගත් බවට ෆේස්බුක් ජාලයේ පළවන ප්‍රවෘත්තිය නොමඟ යවන සුළු අසත්‍ය පුවතක් බව නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පොල්ගොල්ල මහවැළි ගඟේ දින හයක් තුළ පාවෙන හයවැනි පිරිමි දේහයද?

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News