FACT CHECK : මෙම ඡායාරුප සියල්ලක්ම මීට වසර 101කට පෙර පැවතුනු වසංගතයක් ආශ්‍රිත ඒවාද?

Update: 2020-11-02 17:04 GMT

ලෝව පුරා මිලියන හතලිස් හයකටත් අධික සංඛ්‍යාවක් ආසාදිතයන් බවට පත්කරමින් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට ලක්ෂ 12 කටත් අධික ජීවිත සංඛ්‍යාවක් අහිමි වී හමාරය. දරුණු වසංගත තත්ත්වයකට ලෝකය මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, මීට සියවසකට පමණ පෙර ඇතිවූ Spanish Flu නම් වසංගත තත්වය සමග මෙය සංසන්දනය කරමින් සටහන්ද පළවී තිබුණා.

1918 වසරේ සිට 1920 වසර දක්වා පැවති එම වසංගත තත්ත්වයට අදාළ ඡායාරූප පෙළක් යනුවෙන් ලංකාවේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ ඇතැම් සටහන් පරීක්ෂා කිරීමේ දී අපට තහවුරු වූයේ එහි ඇතැම් ඡායාරූප එම කාල පරිච්ඡේදයට අදාළ ඒවා වුවද ඇතැම් ඒවා එම කාල සීමාවට අදාළ නොවන බවයි

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

“වසර 101ට පෙර..” යන තේමාව යටතේ, වසංගත තත්වයක් හේතුවෙන් මිනිසුන් අද පරිදිම මුඛ ආවරණ භාවිතා කරන කරන අයුරු පෙන්වන කලු-සුදු ඡායාරූප එකතුවක් Ceylon News Factory නම් ෆේස්බුක් පි‍ටුව ඉදිරිපත් කර තිබුනා. වසංගත තත්වය වෙනුවෙන්ම නිර්මාණය කල ඇඳන් සහිත කඳවුරු , විවිධාකාරයේ මුහුණු ආවරන පළඳි පුද්ගලයන් ඇතුළු ඡායාරුප සමුහයක් එහි පහත පරිදි දැකගනන්ට ලැබුණා

FacebookArchived Link

මෙම කරුනම තවත් ෆේස්බුක් පි‍ටු කිහිපයක් විසින්ම විසින් හුවමාරු කර තිබුනු අතර “හිරැ සදු තාරකා” නම් අයෙකු “නොදු‍ටු දසුන්” නම් ෆේස්බුක් සමූහයකට එකතු කල කලු සුදු ඡායාරූප පෙළෙහි ද එවැනිම ඡායාරුප පෙළක් යොදාගෙන තිබුනා. 1918 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට 1920 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා පැතිරුණු, එවකට ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් (මිලියන 500ක්) පමණ ආසාදිතයින් බවට පත්කළ මාරාන්තික ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ යැයි සැලකෙන ඡායාරූප එකතුවක් ලෙසින් එහි ද දක්වා තිබුනා.

FacebookArchived Link

මෙම ඡායාරුප දු‍ටු සැනින්ම අද පවතින වසංගත තත්වයට සමාන තත්වයක් පෙන්නුම් කරන අතර සැබැවින්ම මීට සියවසකට ඉහතදී අතුවූ වසංගත තත්වයකට අදාළ ඡායාරුපපෙළක් ද යන්න අප සොයා බැලුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

H1N1 නම් ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ප්‍රභේදයක් හේතුවෙන් හටගැනුණු Spanish flu නම් වසංගත තත්වයක් මීට වසර 101කට කලින් එනම් 1918 වසරේ සිට 1920 පැවති බව වාර්තා වෙනවා. ඉහත සටහනක දක්වා තිබු පරිදි, ලෝක ජනගහනයෙන් මිලියන 500ක් පමණ ආසාදිතයින් බවට පත් වූ මෙම වසංගතය පිලිබඳ වැඩිදුර තොරතුරු දැක්වෙන විකිපීඩියා සටහනක් මෙතනින්. CDC ආයතනය මඟින් ඒ පිලිබඳ පලකළ වාර්තාවක් මෙතනින්

Spanish flu නම් වසංගත තත්වය පිළිබඳව ඡායාරූප සහිතව තොරතුරු පහත නිල වෙබ් අඩවි වලින් දැකගනන්ට පුළුවන්. The Atlantic | CBS | NY Times | Weird

මේවාගේ දක්වා ඇති පරිදි ඉහත හුවමාරු වන සටහන් වලින් පහත ඡායාරූප පෙළ ඇත්ත වශයෙන්ම 1918 වසංගත කාලයට අදාළ ඒවා බව අපට පෙනී ගියා

1918 Spanish flu වසංගත කාලයට අදාළ නොවන ඡායාරූප :

ඡායාරූපය අංක 1

මුහුණු ආවරණ දැමූ කාන්තාවන් දෙදෙනෙකු විසින් පෙනී සිටින ඡායාරූපය 1929 වසරේ ඇතිවූ වයිරස තත්වයක බලපෑම දැක්වෙන ඡායායාරූපයක් බව අපට තහවුරු උනා. එය Getty Images වෙබ් අඩවියේ පළකර තිබු අතර එහි ඉතිහාසමය වටිනාකම හේතුවෙන් ඩොලර් 499ක මිලක් ද දක්වා තිබුනා.

Getty Images | Archived

ඡායාරූපය අංක 2

පහතින් දැක්වෙන ඡයාරූපයද 1941 වසරේ ජූනි මාසයේ ඇති වූ වයිරස් ආසාදන තත්වය අතරේ ගෑස් මාස්ක් එකක් පැලඳි මවක් විසින් තම දරුවාව කැ‍ටුව යන දර්ශනයක් . Getty Images වෙබ් අඩවියේ මෙම චායාරූපයද ඩොලර් 499කට මිල කර තිබුනේ පහත අයුරින්

Getty Images | Archived

ඡායාරූප අංක 3

පහත ඡායාරූපය Associated Press නම් වෙබ් අඩවියේද දක්වා තිබුනා. එයින් කියවුනේ 1953 වසරේදී පිඩෙල්පියාහි ඇති වූ වායූ දූශන තත්වයක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු වායූ දූශනයෙන් බේරීමට සැරසී සිටින ආකාරයක් බවයි.

මෙම චායාරූපය cantonrep නම් වෙබ් අඩවියේ පල කර තිබුනේ පහත පරිදියි.

Link | Archived

ඡායාරූප අංක 4

මෙම ඡායාරූපය 1939 වසරේදී කැන්ඩාවේ මොන්ට්‍රියෙල් හිදී කැමරාවට හසුවී තිබූ එකක් බවට අපට සොයා ගැනීමට හැකි වුණා.හිම කුනා‍ටු වලට මුහුණ දිය හැකි ආකාරයේ මුහුනු ආවරනයක් පැළඳ සිටි කාන්තාවන් දෙදෙනෙකු බව දක්වමින් එම සේයාරුව ෆ්ලිකර් වෙබ් අඩවියට එකතු කර තිබුනේ මෙලෙසින්

Flicker | Archived

ඡායාරූප අංක 5

1913 සිට කාන්තා විලාසිතා යන මාතෘකාවෙන් පලවූ මේ සටහනේ තුර්කියේ කාන්තාවන් 1913 වසරේ විලාසිතාවක් ලෙසින් ඇඳි ඇඳුමක් ලෙස අප හඳුනා ගත්තා.alamy.com වෙබ් අඩවියේ මෙම ඡායරූපය දක්වා තිබුනා.

Alamy | Archived Link

මෙවැනි ඡායාරුප සටහන් මීට පෙර ද ලොව විවිධ ප්‍රදේශවල හුවමාරු වී තිබු අතර පහත දැක්වෙන්නේ එසේ ඉංග්‍රීසි බසින් පළවූ කරුණු අනාවරණ කිහිපයක්.

Politifact | IndiaToday

එසේම සෑම අවුරුදු සියයකටම වරක් වසංගත තත්වයක් ඇති වෙන්නේ ද යනුවෙන්ද නොමඟ යවන සුළු සටහන් පෙළක්ද පසුගිය පෙබරවාරි මස පළ වී තිබූ අතර පහත දැක්වෙන්නේ අප ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයක්

Fact Check: Is There A Pandemic Every Hundred Years As These Viral Posts Claim?

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බලන කල 1918 වසරේ සිට 1920 වසර දක්වා පැවති Spanish Flu වසංගත තත්ත්වයට අදාළ ඡායාරූප පෙළක් යනුවෙන් ලංකාවේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ සටහන් පරීක්ෂා කිරීමේ දී අපට තහවුරු වූයේ එහි ඇතැම් ඡායාරූප එම කාල පරිච්ඡේදයට අදාළ ඒවා වුවද ඇතැම් ඒවා එම කාල සීමාවට අදාළ නොවන බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මෙම ඡායාරුප සියල්ලක්ම මීට වසර 101කට පෙර පැවතුනු වසංගතයක් ආශ්‍රිත ඒවාද?

Fact Check By: Sahan Perera

Result: Partly False

Tags:    

Similar News