FACT CHECK: මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් සම්බන්ධ කරමින් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Update: 2020-11-03 13:01 GMT

ජනතා විමුක්ති පෙරමුණේ සහන බලකාය ලෙස ක්‍රියත්මක වන ශ්‍රී ලංකා රතු තරුව නමැති සංවිධානයක මෙන්ම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ලංකා සංචාරයට විරුද්ධව පැවත්වු උද්ඝෝෂණය ඇතුළු කාලීන මාතෘකා යටතේ සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් ඉදිරිපත් වී තිබෙනු දැකගනන්ට ලැබුණි.

එම සටහන් සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමර්ශනයන්හිදී තහවුරු වුයේ එම සටන් නොමඟ යවන සුළු සහස් සාවද්‍ය සටහන් බවය.

සමාජ මාධ්‍ය සටහන් :

හෙට සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බස්නාහිර පළාත තුල ඔබට අවශ්‍ය පිසූ ආහාර/ වියළි ආහාර ද්‍රව්‍ය නිවසටම ගෙනත් දීමට ශ්‍රී ලංකා රතු තරුව ක්ෂනික ප්‍රතිකාර ප්‍රතිචාර දැක්වීමේ ඒකකය සූදානම්වදන රෝපණය කර දුරකථන අංකයක් සහිත සටහනක් Yasith Dilshan නමැති ෆේස්බුක් ගිණුමක් ඉදිරිපත් කර තිබුණා.

FacebookArchived Link

මාළු වෙළඳසැල් වසා දැමීමත් සමඟම ශ්‍රී ලංකා රතු තරුව පිහිටට එයි. මාළු විකිනීමේ ජංගම සේවාවක් රතු තරුව අරඹයි වදන රෝපණය කර සේයාරුවක් සහිත සටහනක් සහ ආණ්ඩුවට කුණුකොල්ලයට මාළු විකුණන්න එපා. සමස්ත ලංකා ධීවර සම්මේලනයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා රතු තරුව ඔබගේ මාළු කිලෝවක් පහත මිලට මිලදී ගෙන බෙදා හැරීමට සූදානම් වදන රෝපණය කර මිල දර්ශනයක් සහ දුරකථන අංකයක් රැගත් සටහනක් Jason Dissanayaka නැමැති ෆේස්බුක් ෆේස්බුක් ගිනුමක ඉදිරිපත් වී තිබුණි.

FacebookArchived LinkFacebookArchived Link

“වහාම හිඟ මුදල් ලබා ‍දෙනු” යන වදන රැගත් බැනරයක් රැගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන් පිරසක් කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වන අන්දමේ සේයාරුව සහිත සටහනක් Nadun Chameera Widana Gamage – Pawel නමැත්තෙකු විසින් සහ JVP නමැති ෆේස්බුක් පිටුවකද ඉදිරිපත් කර තිබුණා

FacebookArchived LinkFacebookArchived Link

යහපාලන රජයෙන් ගෙන ආ මෙම ව්‍යාපෘතියට අපේ සහෝදරයන්ගේ පුර්ණ සහය තේමාවෙන් සේයාරූ සහත සටහනක් Gimhan Wickramasinghe නමැති ෆේස්බුක් ගිනුමකද “අනුර මැතිතුමාගෙන් සමාව අයද සිටි මයික් පොම්පියෝ” තේමාවෙන් සංස්කරණය කරන ලද සේයාරුවක් සහිත උපහාසාත්මක කෝණයකින් සටනක් JVP නමැති ෆේස්බුක් පිටුවකද ඉදරිපත්ව තිබුණි.

FacebookArchived LinkFacebookArchived Link

“සජිත්ට පක්ෂ නායකත්වය විවේචනය කොට ගමනක් යෑමට පුළුවන් නම් ඇයි අපට බැරි” වදන රෝපනය කර සේයාරුවක් සහිතව “ගමන සුබයි. අඩියක් ඉස්සරහට තියපන් ලාල් අයියේ” තෙමාවෙන් Gimhan Wickramasinghe ෆෙස්බුක් ගිනුමක තවත් සටහනක් ඉදිරිපත් කර තිබුණි.

FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත සඳහන් සටහන් සියල්ල ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය වෙත යොමු කොට ඔවුන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. තම පක්ෂයේ සහන සේවය ශ්‍රී ලංකා රතු තරුව බවත්,ඔවුන් විවිධ සහන සේවා කටයුතු වල නිරත වුවද, මෙම ඇඳිරි නීතිය සමයේ ආහාර බෙදා දීම හෝ මාළු මිළදී ගෙන බෙදා හැරීමේ ජංගම සේවයක් හෝ අරඹා නොමැති බව පැවසීය. මෙය එම සහන සේවය අපකීර්තියට සහ උපහාසයට ලක් කිරීමේ චේතනාවෙන් ඉදිරිපත් කර ඇති බවත්, විශේෂයෙන්ම Yasith Dilshan නමැති ෆේස්බුක් පිටුව ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවෙකු ලෙස පෙනි සිටිමින් සාවද්‍ය සටහන ඉදිරිපත් කරන බව පැවසීය. ඒ පිළීබඳව තම සන්ධානය වන ජාතික ජන බලවේගය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා අති බවත් පැවසීය. අගෝසතු මස 14 වැනි දින ඉදිරිපත් කර තිබු සටහන පහතින්

FacebookArchived Link

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියොගේ ශ්‍රී ලංකා සංචාරයට විරුද්ධත්වය පළ කිරීමට තම පක්ෂය ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ බවත්, එම උද්ඝෝෂණය ආවරණය කළ මාධ්‍යවේදීන්ගේ ඡායාරූප යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සමාජ මාධ්‍ය ජාලය තුල අසත්‍ය සටහන් සංසරනය වන බව පැවසීය. එමෙන්ම තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක කිසිදු විටක මයික් පොම්පියෝ මුණ නොගැසුණු බවත්, එය ව්‍යාජව සංස්කරනය කර ඇති සේයාරුවක් බව පැවසීය. එමෙන්ම JVP නමින් සටහන් ඉදිරිපත් කර තිබු ෆේස්බුක් පිටුව ව්‍යාජ පිටුවක් බවත්, එය හඳුන්වා දී ඇත්තේ විනෝදය සපයන වෙබ් අඩවියක් ලෙස බවද, තම නිල ෆේස්බුක් පිටුව තමන් දේශපාලන පක්ෂයක් ලෙස හඳුන්වා දී ඇති බව පැවසීය.

Nadun Chameera Widana Gamage – Pawel සහ JVP ව්‍යාජ ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබු සටහනේ අන්තර්ගත ඡායාරූපය google reverse image සෙවීමකට යොමු කළ විට, එය ඡායාරූපය Newsfirst.lk නිල ෆේස්බුක් පිටුවෙන් ලබාගත් ජායාරූපයක්, ව්‍යාජ ලෙස සංස්කරනය කර ඉදිරිපත් කර ඇති බව සනාථ විය. පහත ඇත්තේ එහි දිගුවය.

FacebookArchived Link

Newsfirst.lk නිල ෆේස්බුක් පිටුවෙ ඇති සේයාරුව Nadun Chameera Widana Gamage – Pawel සහ JVP ව්‍යාජ ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබු සටහනේ අන්තර්ගත ඡායාරූපය සමග සංසන්දනය කළ විට, එය එකම ඡායාරූපයක් බවට සනාථ විය.

Gimhan Wickramasinghe ෆේස්බුක් පිටුව සහ JVP නමින්වු ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබු සටහන් දෙකේම ඇති ඡායාරූප JVP සහ Newsfirst.lk නිල ෆේස්බුක් පිටුවලින් ලබාගත් ඡායාරූප ව්‍යාජ ලෙස සංස්කරනය කර ඉදිරිපත් කර තිබු බව සනාථ විය.

FacebookArchived Link
FacebookArchived Link

ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවේ “ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අත නොතබනු” සහ “Sri Lanka Doesn’t Need Foreign Interventions!” යනාදී සටන් පාඨ බැනර් රැගත් උද්ඝෝෂකයන්ගේ සේයාරුහි සටන්පාඨ ව්‍යාජව සංස්කරනය කර ඇති බව එම සේයාරූ සංසන්දනය කළ විට දක්නට ලැබුණි.

Newsfirst.lk නිල ෆේස්බුක් පිටුවේ ඇති ජනපතිඳුන්, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මුණ ගැසෙන සේයාරුව සංසකරනය කර ජනපතිඳුන් වෙනුවට අනුර කුමාරගේ රුවක් ආදේශ කර සංස්කරනය කර ඉදිරිපත් කර ඇති බවට ඡායාරූප සංසන්දනයේදි තහවුරු විය.

එම සිදුවීම ම මුල් කරගනිමින් තවත් උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද සංස්කරණය කරන ලද මෙවැනි ඡායාරුප සටහන් පෙළක් ද අපට දැකගන්නට ලැබුණි

LinkArchived

ඒ සඳහා පහත ඡායාරුප යොදාගෙන තිබු බවද දැකගනන්ට ලැබුණි

Link | Archived

ජනතා විමුක්ති පෙරමුණේ දේශපලන බල මණ්ඩලයේ සාමාජික කේ. ඩී. ලල්කාන්ත, නායක්වය විවේචනය කරන ලෙස සැකසුණූ Gimhan Wickramasinghe ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර ඇති සටහන පිළිබඳව විමසු අවස්ථාවේ එය විටින්ව විට ෆේස්බුක් ජාලය් නොයෙකුත් නම්වලින් ඉදිරිපත් වන සාවද්‍ය සටහන් බව පැවසීය. මින් පෙරද අපගේ කරුණු විමර්ශන වලදි ලාල්කාන්ත මහතා අළලා ඉදිරිපත්වු මෙැනිම සටහන් සාවද්‍ය බව තහවුර කර තිබුණා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහන බලකාය ලෙස ක්‍රියත්මක වන ශ්‍රී ලංකා රතු තරුව නමැති සංවිධානය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පාමින් කළ උද්ඝෝෂනය ඇතුළු කාරණා අලලා ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව අති සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් සම්බන්ධ කරමින් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News