FACT CHECK: සුදු පැහැති අලියකු පිළිබඳව පළවූ නොමඟ යවන සුළු සටහනක්!

Update: 2020-11-05 07:55 GMT

ස්වභාවික පැහැයට වඩා වෙනස් පැහැ ඇති සතුන් පිළිබඳව වාර්තා කලින් කලට ලොව සතර දෙසින් වාර්තා වේ. බොහෝවිට දුර්ලභ මෙවැනි සත්ව උපත් සඳහා එම සතුන්ගේ මෙලනින් වර්ණකවල ඇතිවූ වෙනස් වීම් හේතුවෙනවා. ලංකවේ කොවිඩ් පළමු රැල්ල සමයේ සුදු පැහැති අල්බීනෝ මුවෙකු පිලිබඳ ඉංග්‍රීසි බසින් සිදුකල විමර්ශනයක් මෙතනින්.

හින්දු කෝවිලක සිටින සුදු පැහැති අලියෙකු පිළිබඳව පලවන සටහනක් පිලිබඳ සිදකළ කරුණු විමර්ශනයකින් තහවුරු වුයේ එය නොමග යවන සුළු ආකාරයෙන් සිදුකළ ඉදිරිපත් කිරීමක් බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

සුදු පැහැති අලියකුගේ ඡායාරූප රැසක් සහිතව අහල තිබුණට දැක්කෙ අදයි එයාව යන තේමාවෙන් Kp නමැති ෆෙස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 20,000 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණා.

FacebookArchived Link

කෙසේ වෙතත් මෙයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා විසින් එය ඉන්දියාවේ අලියෙකුට සුදු හුණු ගෑ සිද්ධියක් බව පැහැදිලිවම දිස්වන බවත් අත්ගොව්වාගේ අතද සුදු පැහැ බවත් උපහාසාත්මක කෝණයකින් පෙන්වා දී තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන ඉදිරිපත් කර තිබූ ඡායාරූප අප google reverse image සෙවීමකට යොමු කළා. හින්දු පුරාවෘත්තයේ අධිස්වාති නමැති හින්දු ආගමික උත්සවය සමැරීම සඳහා, සුදු අලියෙකු ප්‍රතිනිර්මාණය කිරීමට, තිරුචෙන්දුර්හි ශ්‍රී අරුල්මිගු සුබ්‍රමානියා ස්වාමි කොවිල් බලධාරීන් සුදු අළු තැවරු අලියකු යොදා ගත්බව, ඉන්දියාවේ ප්‍රාදේශීය සඟරාවක් වන Tenkasi Times ෆේස්බුක් පිටුවෙහි, ඡායාරූප සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණි.

Facebook Archived Link

එම ඡායාරූප Kp ॐ ෆේස්බුක් පිටුවේ ඇති ඡායාරූප සමග සංසන්දනය කළවිට, ඒවා එකම ඡායාරූප පෙළක් බව තහවුරු විය.

එමෙන්ම මෙම ඡායාරූප සුපරික්ෂාකාරිව පරීක්ෂා කිරීමේදි ඇත්ගොව්වන්ගේ අත්වල අළු තැවරී ඇති අන්දම නිරීක්ෂණය විය.

බ්ලොග් රචකයෙකුක් වන චිත්‍රා නමැත්තියක් ජූලි මස 29 දින ට්විටර් පණිවුඩයක පහත සටහන යොදා තිබුණා. පුරාණ ප්‍රබන්ධයනට අනුව අද වැනි දිනක ශිව දෙවියන් අයිරාවත් නමැති සුදු පැහැති අලියෙකු ලෙස දර්ශණය විය. එනිසා ඔවුන් සුදු අළුතැවරූ අලියකු කෝවිල වටා රැගෙන ගියා.යනුවෙන් මෙසේ වාර්තා කර තිබුනා

එම සිද්ධිය පිලිබඳ ව ඉන්දීය මාධ්‍ය විසින් මෙසේ වාර්තා කර තිබු අතර පහතින් දැක්වෙන්නේ එම අවස්ථාව පිලිබඳ ThanthiTV හරහා පළවූ වීඩියෝවක්.

https://youtu.be/rM8hSsz7NaM

ඉංග්‍රීසි බසින් මේ සම්බන්ධයෙන් පළවූ වාර්තාවක් මෙතනින්

අප සුදු අලීන් පිළිබඳව කරුණු සඳහා ගූගල් සෙවීමක් කළා. ඇලි හස්තීන් ලෙස නම් කර ඇති මෙම සතුන් මියන්මාරය වැනි රටවල් වල වාර්තා වී තිබෙනවා. මියන්මාරයේ හමුවූ මෙවැනි ඇලි අලියෙකු සමුවු බවට 2015 වසරේ මෙසේ වාර්තා කර තිබුණා. එසේම ලංකාවේද මාදුරු ඔය ප්‍රදේශයේ පසුගිය අගෝස්තු මස සුදු අලියෙකු පිලිබඳ ව වාර්තා වී තිබුණද පසුව ඒ සාමාන්‍ය අලියෙකු බව තහවුරු කරගෙන තිබුනා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉන්දියාවේ කෝවිලක පසුගිය ජුලි මාසයේදී ආගමික උත්සවයක් සැමරීමට ශරීරය පුරා සුදු අළු තවරා සුදු පැහැයෙන් දිස්වූ අලියෙකුගේ ඡායාරුප පෙළක් මෙසේ නොමඟ යවන සුළු කෝණයකින් පළකර ඇති බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සුදු පැහැති අලියකු පිළිබඳව පළවූ නොමඟ යවන සුළු සටහනක්!

Fact Check By: Sahan Perera

Result: Missing Context

Tags:    

Similar News