FACT CHECK: 1962 වසරේ ඉතාලියේ පළවු සඟරාවක 2022 දී ලෝකය තිබෙන අයුරු දක්වා තිබු සිතුවමක් ද?

Update: 2020-11-09 07:20 GMT

කොරෝනා වයිරස් ආසාදනය ව්‍යාප්ත වීමේ පසුබිම තුළ, එම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා 'සමාජ දුරස්ථභාවයේ' වැදගත්කම පිළිබඳව ලොව පුරා රජයන් සහ සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් අවධාරණය කරමින් සිටියි. ඒ සඳහා ලොව පුරා විවිධ වැඩපිළිවෙල වන්ද ක්‍රියාත්මක වෙයි.

සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබු, 1962 දී ඉතාලි සඟරාවක් 2022 වසරේ ලොව දිස්වන ආකාරය පෙන්වා දුන් අයුරු යන තේමාවෙන් හුවමරු වන සටහන් වල ඇති නිර්මාණය අනාගතයේ නාගරික වාහන තදබදයට විසඳුමක් ලෙස සිදුකරන ලද නිර්මාණයක් වුවද, 2022 වසරේ ලොව මෙසේ දිස්වේ යයි එහි සඳහන් වන්නේ නැහැ.

සමාජ මාධ්‍ය සටහන් :

1962 වසරේ ඉතාලියේ පළවු සඟරාවක 2022දී ලෝකය තිබෙන අයුරු දැක්වෙන සිතුවමක් වදන රෝපනය කර ගෝලාකාර සවෘත වීදුරු කුටිතල සිටන මිනිසුන් දක්වන සිතුවමක් රැගත් සටහනක් Janaka Bandara Dasanayaka නමැති ෆෙස්බුක් ගිණුමක් ඉදිරිපත් කර තිබුණි. මෙබඳු සටහන් පෙළක් ම ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණා.

FacebookArchived Link
FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉදිරිපත් කර තිබු ඡායාරූප සටහන reverse image සෙවීමකට යොමු කළෙමු. මෙම සිතුවම 1915-1997 වකවානුවේ ඉතාලියේ වාසය කළ Walter Molino නමැති කාටුන් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණයක් බවට වූ වාර්තා අපට දැකගනන්ට ලැබුණා. ඔහු 20 වන සියවසේ බිහි වූ දක්ෂතම කාටුන් ශිල්පියෙකු බවට සැලකේ.

මෙම සිතුවම 1962 දී වෝල්ටර් මොලිනෝ විසින් ඉදිරිපත් කළ ඒක පුද්ගල ප්‍රවාහන ක්‍රමයක් වන “ලා සිංගොලෙටා - La Singoletta” හි නිදර්ශනයකි. 1962 දෙසැම්බර් 16 වන දින ඩොමිනිකා ඩෙල් කොරියර් (Domenica del Corriere) නම් ඉතාලි සතිපතා පුවත්පතක පිටුපස කවරයේ මෙම නිදර්ශනය පලවී තිබුණි.

ඉදිරියේදී ප්‍රවහාන ප්‍රශ්නයට විසඳුමක් ලෙස මෙම නිර්මාණය පළකර තිබුණද 2022 වසරේ ලෝකය තිබෙන අයුරු යනුවෙන් එහි කිසිතැනක සඳහන් වන්නේ නැහැ

ඉහත දක්වා ඇති එහි මුල් සිතුවමේ දකුණු පස යට ඉතාලි භාෂාවෙන් පළ කර තිබුනේ “අපට නගර වටා යන්නට වන්නේ මෙලෙසින්ද?” යන තේමාවෙනි. නගරවල රථවාහන ගැටළුව අවම කර ගැනීමට විසඳුමක් ලෙස විශාල මෝටර් රථ වෙනුවට, සිංගෝලේටා නමැති කුඩා තනි ආසන සහිත කාර් වර්ගයක් එහිදී යෝජනා කර තිබුණි.

අනාගතයේදී ඇතිවන ප්‍රවහාන ප්‍රශ්නයට විසඳුමක් ලෙස 1962 වසරේදී මෙම නිර්මාණය පළකර තිබුණද, 2022 වසරේ ලෝකය තිබෙන අයුරු යනුවෙන් එහි කිසිතැනක සඳහන් වන්නේ නැහැ

අප වැඩිදුරටත් සිංගොලෙටා රථය පිළිබඳ පරීක්ෂා කළෙමු. සිංගෝලේටා යනු රෝද දෙකේ පුද්ගලික ප්‍රවාහන යන්ත්‍රයක් (personal transporter) සහ ස්මාර්ට් මෝටර් රථ අතර දෙමුහුන් නිපයුමක් ලෙස පරිකල්පනයක් වන අතර එය කාලගුණය සහ අනෙකුත් පාරිසරික සාධක වලින් ආරක්ෂා වීම සඳහා විනිවිද පෙනෙන ගෝලයකාර කුටියක් ඇති රියදුරෙකු විසින් මෙහෙයවනු ලබන රෝද හතරේ ස්කූටරයක හැඩ ගනී.

මේ සටහන් ලොව විවිධ ප්‍රදේශවල කොවිඩ්-19 ව්‍යාප්ත වීමත් සමඟම පසුගිය කාලය පුරාම හුවමාරු වී තිබු අතර ඉංග්‍රීසි බසින් ඒ පිළිබඳව සිදුකරන ලද විමර්ෂණයක් මෙලෙසින්.

මෙසේ වෝල්ටර් මොලිනෝ චිත්‍ර ශිල්පියාගේ 1962 වසරේ නිර්මාණය පිලිබඳ වැරදි අර්ථකතනයක් සහිතව හුවමාරු වන සටහන් හමුවේ පසුගිය ජුනි මාසයේ ඉතාලි බසින් පළවූ වර්තාවක ඉංග්‍රීසි පරිවර්තනයක් පහතින්.

මේ අනුව 1962 දෙසැම්බර් මස 16 වැනිදා පළවූ පුවත්පතේ ලිපියකට සම්බන්ධව එම නිර්මාණය වෝල්ටර් මොලිනෝ කාටුන් ශිල්පියා විසින් සිදුකර ඇති බව පෙනී යයි

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 1962 දී ඉතාලි සඟරාවක් 2022 වසරේ ලොව දිස්වන ආකාරය පෙන්වා දුන් අයුරු යන තේමාවෙන් හුවමරු වන සටහන් වල ඇති නිර්මාණය අනාගතයේ නාගරික වාහන තදබදයට විසඳුමක් ලෙස 1962 වසරේ ඉතාලි පුවත්පතක සිදුකරන ලද නිර්මාණයක් වුවද, 2022 වසරේ ලොව මෙසේ දිස්වේ යයි එහි සඳහන් වන්නේ නැහැ.

සමාජ දුරස්ථභාව සුරැකීම සඳහා යොදාගන්නා ප්‍රවාහන ක්‍රමයක් 1962 වසරේ දී යෝජනා කර තිබු බව හැඟවෙන අයුරින් පළකර තිබුණ ද, ඇත්ත වශයෙන් ම අනාගතයේදි නගරාශ්‍රිතව ඇතිවිය හැකි වාහන තදබදය අවම කිරීමට පිළයමක් වශයෙන් 1962 වසරේ ඉතාලි පුවත්පතේ පළවූ ලිපියකට වැඩිමනක් වශයෙන් සිදුකල නිර්මාණයකි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:1962 වසරේ ඉතාලියේ පළවු සඟරාවක 2022 දී ලෝකය තිබෙන අයුරු දක්වා තිබු සිතුවමක් ද?

Fact Check By: Sahan Perera

Result: Partly False

Tags:    

Similar News