FACT CHECK: දුම්රිය මැදිරි දේශීයව නිශ්පාදන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සටහනක්!

Update: 2020-11-30 07:58 GMT

දේශීය ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණින් රජයන් විසින් විවිධ තීන්දු තීරණ වලට එළඹෙන අතර බොහෝ අවස්ථාවල දී දේශීය ව්‍යවසායකයින් දිරිමත් කිරීමට විවිධ සහන ද ලබා දෙනවා. මෙවැනි අවස්ථා වලින් ප්‍රයෝජන ලබා ගනිමින් සාර්ථක ලෙස සිදු කෙරෙන ව්‍යාපෘතීන් පිලිබඳව නිතර මාධ්‍ය වාර්තා පල වෙනවා.

මේ ආකාරයට වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙරට නිශ්පාදන ආරම්භ කල ව්‍යාපෘතියක් ලෙස දුම්රිය මැදිරි නිශ්පාදනයට පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් හුවමාරු වී තිබුනා. නමුත් අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වුනේ දේශීයව දුම්රිය මැදිරි නිෂ්පාදන කටයුතු දැනට වසර කිහිපයක් තිස්සේ සිදුකෙරෙන බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

2020 With GR නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු සටහනකින් කියවුනේ බලයට පත්වී වසරක් ගතවන කාලය තුළ ගෝඨාභය රාජපක්ශ මහතාගේ මූලිකත්වයෙන් දුම්රිය මැදිරි දේශීයව නිශ්පාදනය කිරීම ආරම්භ කර ඇති බවයි.

FacebookArchived

මෙම සටහනම බොහෝ දෙනෙකු ෆේස්බුක් හරහා පල කර තිබුනේ පහත අයුරින්.

මෙම අදහසට සමාන අදහසක් මතුවන ආකාරයෙන් සටහනක් N de Rathnayaka නම් අයෙකු තබා තිබෙනු පහත පරිදි දැක ගන්නට ලැබුනා.

FacebookArchived

මෙම සටහන් වලට ප්‍රතිචාර වශයෙන් කිහිප දෙනෙක්ම මෙම ව්‍යාපෘතීන් පසුගිය ආණ්ඩුව සමයේ ආරම්භ වූ බවත් තන්ත්‍රී නම් සමාගමක් මඟින් සිදුකෙරෙන බවත් දක්වා තිබු අතර මේ පිලිබඳව වැඩි දුරටත් කරුනු සොයා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

තරඟකාරී ටෙන්ඩරයකට යටත් වෙමින් දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් තන්ත්‍රී (Tantri Trailers) නම් සමාගමක් යටතේ මෙසේ දුම්රිය මැදිරි නවීකරණ කිරීමේ කටයුතු 2017 වසරේ සිට ආරම්භ කල බව අපට දැකගනන්ට ලැබුණා.

තන්ත්‍රි සමාගමේ ෆේස්බුක් පි‍ටුව දෙස බැලීමේදී මේ ආකාරයට නවීකරණය කරන ලද දුම්රිය මැදිරි පිලිබඳ සටහන් රැසක් දැකගනන්ට ලැබෙනවා. 2019 වසරේ ජුලි මස පළවූ සටහනකින් ඔවුන් විසින් අළුත්වැඩියා කරන ලද සියවෙනි දුම්රිය මැදිරිය, දුම්රිය දෙපාර්තුමේන්තුව වෙත බාරදීම සනිටුහන් කර තිබුනේ මෙලෙසින්.

Facebook | Archived

මේ පිලිබඳව සවිස්තරාත්මක වීඩියෝ පටයක් තන්ත්‍රී සමාගමේ ෆේස්බුක් පි‍ටුවේ දක්වා තිබෙනවා.

Full View

පසුගිය රජය සමයේ දේශීය කර්මාන්තකරුවන්ට දිරි දීමනා ලබා දීම සහ ඔවුන් නඟා සිටුවීමේ තේමාව යටතේ ඉදිරිපත් වූ අයවැය යෝජනාවක් අනුව දුම්රිය මැදිරි 200ක් අලුත්වැඩියා කිරීමේ මෙම ව්‍යාපෘතිය දුම්රිය දෙපාර්තමේන්තුවත් සමඟ එක්ව ආරම්භ වී තිබෙනවා. ආසන, වැසිකිළි හා උපාංග ඇතුළු මැදිරි වල බාහිර හා අභ්‍යන්තරය කොටස් තන්ත්‍රී නම් දේශීය කාර්මික සමාගමක් විසින් අළුත්වැඩියා කෙරෙන අතර, රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ඉංජිනේරු අංශය විසින් තිරිංග සහ ස්වයංක්‍රීය සම්බන්ධතා අළුත්වැඩියා කෙරෙන බව එහි වැඩිදුරටත් දක්වා තිබුණා.

DailyNewsArchivedDaily MirrorArchived

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා තන්ත්‍රී සමාගමේ දුම්රිය නවීකරණ කිරීමේ ව්‍යාපෘතිය භාර කළමනාකාරතුමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුනා. එහිදී එතුමා අපට පවසා සිටියේය 2017 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතියේ මුල් අවධියේ දී ආසන ඇතුළු කොටස් කිහිපයක්ම ආනයනය කළද වර්තමානයේදී එම කොටස් ආනයනය කෙරෙන්නේ නැති අතර ඒවා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පමණක් ආනයනය කොට දේශීයව නිෂ්පාදනය කෙරෙන බවයි.

රාජ්‍ය අමාත්‍යංශයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ අදහස්:

වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් තුමාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළෙමු. තන්ත්‍රී සමාගමට පසුගිය රජය සමයේ ලබාදුන් ටෙන්ඩරය නුදුරු දිනකදී අවසන් වීමට නියමිත අතර නව ටෙන්ඩරය කැඳවීමට කටයුතු සකස් කෙරෙමින් පවතින අතර ඒ සඳහා එම සමාගමට අමතරව ආණ්ඩුවේ ආයතනයක් ද ඇතුළුව ආයතන කිහිපයක් ම ඉල්ලීම් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද අපට පවසා සිටියා.

එසේම නවීකරණය කිරීමකින් තොරව සම්පුර්ණයෙන්ම දේශීයව දුම්රිය මැදිරි නිෂ්පාදන කිරීමේ කටයුත්ත ද නුදුරු දිනකදී ආරම්භ කිරීමට සියලු වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතින බවද අපට දැනගනන්ට ලැබුණා.

එම කරුණම දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාර තුමා ද පැහැදිලි කළ අතර අලුතින්ම දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීම සඳහා නව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරි දිනවලදී ඉදිරිපත් කිරීමට නියමිත බව දන්වා සිටියා.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ සම්පුර්ණයෙන්ම දේශීයව දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ වී නොමැති අතර ඒ සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බවයි. දැනට සිදු කෙරෙන්නේ අබලන් තත්වයේ ඇති දුම්රිය මැදිරි නවීකරණය කොට භාවිතයට ගන්නා තත්ත්වයට පත් කිරීමක් වන අතර තන්ත්‍රි ට්‍රේලර්ස් නම් සමාගමක් සහ රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ඉංජිනේරු අංශය එක්වී මෙම කටයුතු වර්තමානයේ දී ද සිදු කෙරෙන අතර එම ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේ 2017 වසරේ සිටයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දුම්රිය මැදිරි දේශීයව නිශ්පාදන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සටහනක්!

Fact Check By: Nelson Mani

Result: Misleading

Tags:    

Similar News