FACT CHECK: කාලීන පුවත් අලලා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් සම්බන්ධයෙන් පළවන ව්‍යාජ පුවත් පෙළක්!

Update: 2020-12-30 07:53 GMT

ලාංකික දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ විවිධ සිදුවීම් අළලා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගයි. මෑත කාලයේ ලංකාවට බලපාන ප්‍රධාන සිදුවීම් අළලා එම පක්ෂයේ සහ එම පක්ෂ ක්‍රියාකරුවන්ගේ ප්‍රකාශ හෝ මතයන් ලෙස සමාජ මාධ්‍යයෙහි විවිධ සටහන් ඉදිරිපත්වේ. අප සිදුකළ කරුණු විමර්ශන වලදී එම සටහන් සාවද්‍ය බවට තහවුරු විය. මෑතකදී පළකරන ලද එවැනි විමර්ශන වාර්තාවක් මෙතනින්

MCC ප්‍රදානය ශ්‍රී ලංකාවට අහිමිවීම, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් ඇතිවීම, වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවකයන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදීම, කෝවිඩ්-19 ව්‍යාප්තිය නිසා සියරට පැමීණීමට නොහැකිව සිරවී සිටින ලාංකිකයන් නැවත මව්බිම වෙත ගෙන්වා ගැනීම වැනි මෑත සිදුවීම් කාලීන අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශ හෝ මතයන් ලෙස සමාජ මාධ්‍යයෙහි සැරිසරන සටහන් තවත් කිහිපයක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනයකදී තහවුරු වුයේ, එම සටහන් සාවද්‍ය බවය.

සමාජ මාධ්‍ය සටහන් :

MCC ප්‍රදානයන් අහමිවීම නිසා ජනවාරිමස සිටම රට බංකොලොත්බාවයට පත්වීම වැළක්විය නෙහැකි දෙයක්” ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසු අන්දමට සැකසුණු සටහනක් Wageesha Muhandiram නමැති ෆේස්බුක් පිටුවක දක්නට ලැබුණි.

FacebookArchived Link

“කොරෝනා ආසාදිත රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට නැවතත් ගෙන්වා ගෙන ආණ්ඩුව රටම අනතුරේ හෙලනා බවට ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර සිටිනවා. මෙම ක්‍රියාවලිය මැතිවරණය ඉලක්ක කරගත් හුදු දේශපාලනික ක්‍රියාවක් මිස ජනතා සුභ සිද්ධිය උදෙසා ගත් ක්‍රියාවක් නොවන බවට දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියා” යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පුවත්පතකට පැවසූ අයුරු දැක්වෙන සටහනක් Dulip Di නමැති ෆේස්බුක් ගිණුමක ඉදිරිපත් කර තිබුණි.

FacebookArchived Link

එසේම “විදේශිකයින් කියා යුක්‍රේනයේ සිට සුපිරි පන්නයේ ගණිකාවන් ගෙනවින්” යන තේමාවෙන් අනුර කුමාර දිසානායක මහතා පැවසු බව කියවෙන ආකාරයේ පුවත් පත් ලිපියක කොටසක් ද හුවමාරු වී තිබුනා.

Facebook | Archived

තවද දෙසැම්බර් මස 29 වන අඟහරුවාදා මව්බිම පුවත්පතේ 09 වැනි පිටුවේ "රටේ ගැටළු අහස උසට නැග තිබියදී යුක්රේනයෙන් ගණිකාවන් ගෙන්වුයේ කාගේ උවමනාවකට ද?" යනුවෙන් සටහනක් ද හුවමාරු වී තිබු අයුරක් මෙසේ දැක ගණනට ලැබුණා.

Facebook | Archived

ස්වර්ණවාහිණී රාත්‍රි 8.0ට විකාශයවු “ස්ත්‍රී දූෂකයින් ලිංගිකව අඩපණ කරන්න යෝජනාවක්” යන ප්‍රවෘත්තියකට ප්‍රවීණ රංගන ශිල්පිණී දීපානි සිල්වා මහත්මිය “දූෂණය කිරීම ඔවුන්ගේ අයිතියක් දූෂණය නොවී සිටීමට කාන්තාවන් දැනගන්න ඕන. පිරිමියාට පමණක්ම මෙවැනි දඬුවම් ලබා දීම අශිෂ්ටයි” ලෙස ප්‍රතිචාරය දක්වා ඇති බවට අඟවන සටහනක් Ashan Sandeep Dias නමැති ෆේස්බුක් ගිණුමක ඉදිරිපත් කර තිබුණි.

එමෙන්ම හිරේ ගිය පමණින් ඔවුන් වැරදිකරුවන් නොවේ. ඔවුන්ව වෙඩි තියලා මරන්න එපා. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න” යනුවෙන් දීපානි සිල්වා මහත්මිය පුවත්තකට අදහස් දැක්වු ලෙස සැකසුණු සටහනක් Wageesha Muhandiram නමැති ෆේස්බුක් ගිණුමක ද දිස්විය.

FacebookArchived LinkFacebookArchived Link

එසේම “RMV පළිගැනීම් නවතනු! අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජිකයන් 600 දෙනාගේ ස්ථාන මාරුවීම් වහා අවලංගු කරනු” ලෙසට සැකසුණු ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටරයක් දක්වන, දුරකථන අංකයක් සහිත සටහනක් Jason Dissanayake නමැති ෆේස්බුක් ගිණුමේ දැකගන්නට ලැබුණි.

FacebookArchived Link

“ශ්‍රේෂ්ඨාධිකරණයට ගිනි තැබූ මිලිටරි ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු” ලෙසට සැකසුණු ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටරයක් දක්වන සටහනක් Indika Liyanage නමැති ෆේස්බුක් ගිණුමේ ද දක්නට ලැබුණි.

FacebookArchived Link

එසේම ජනතා විමුක්ති පෙරමුණේ ලිපි ශීර්ෂයක රැගත් ලිපි කිහිපයක් ද දැකගන්නට ලැබුණි.

“LPL තරඟාවලියේ සිදුවන දුෂණ සහ අක්‍රමිකතා ගැන ජනතාව දැනුවත් කිරීම” සිරස්තලයෙන් Dulip Di නමැති ෆේස්බුක් ගිණුමක් විසින් ඉදිරිපත් කර තිබු එවැනි සටහනක් පහතින්.

FacebookArchived Link

එසේම "ඉස්ලාම් ආගමට වඩා බුදු දහම උසස් කියන්න කාටවත් අයිතියක් නෑ" යනුවෙන් සුනිල් හඳුන්හෙත්ති මහතා පැවසු බවට සටහනක් ද බොහෝ දෙනා හුවමාරු කර ගෙන තිබුනේ පහත අයුරින්.

Facebook | Archived Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ෆේස්බුක් ජාලයේ සැරිසරන මෙම සටහන් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප එම සටහන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය වෙත යොමු කළෙමු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ අනුර කුමාර දිසානායක මහතුන් ද සුනිල් හඳුන්හෙත්ති මහතා සහ රංගන ශිල්පීණි දීපානි සිල්වා මහත්මිය ද මෙවැනි ප්‍රකාශ නිකුත් කර හෝ පුවත්පත් සඳහා හෝ පවසා නොමැති බව මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි උපුල් රංජන් මහතා අපට තහවුරු කළේය.

එමෙන්ම මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සේවකයන් 600 දෙනාගේ සථාන මාරුවීම් පිළිබඳ පෝස්ටරයේ දක්වා ඇති පරිදි එම සේවක මහතුන් අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජිකයන් නොවන බවත්, වසන්ත සමරසිංහ මහතා සභාපතිත්වය දරණ අන්තර් සමාගම් සේවක සංගමයේ සමාජිකත්වය හිමිවන්නේ පෞද්ගලික අංශයේ සේවක මහත්ම මහත්මින් සඳහා පමණක් බව සඳහන් කළේය. කෙසේවෙතත් එම සටහනේ දක්වා ඇති දුරකථන අංකය අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජිකයකුගේ බව පැවසීය.

“ශ්‍රේෂ්ඨාධිකරණයට ගිනි තැබූ මිලිටරි ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු” ලෙසට සැකසුණු පෝස්ටරයක් සිය පක්ෂය සකස් නොකළ අතර මෙය ද සාවද්‍ය සටහනක් බවද සඳහන් කරමින් සියලු නිල ප්‍රකාශ, ජනතා විමුක්ති පෙරමුණේ නිල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හෝ නිල ප්‍රකාශ ආකාරයෙන් පලකරන බවද පැවසීය.

Dulip Di නමැති ෆේස්බුක් ගිණුම විසින් ජනතා විමුක්ති පෙරමුණේ ලිපි ශීර්ෂයක “LPL තරඟාවලියේ සිදුවන දුෂණ සහ අක්‍රමිකතා ගැන ජනතාව දැනුවත් කිරීම” සිරස්තලයෙන් ව්‍යාජ පණිවුඩයක් සකසා ඇති බව ද පැවසීය.

අප පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගෙන් ඔහු අලලා පළවූ සටහන සම්බන්ධයෙන් වැඩිදුර විමසා සිටියෙමු. ජනතා විමුක්ති පෙරමුණ MCC ගිවිසුමට ආරම්භයේ සිටම විරෝධය දැක්වු බවත්, එයට පක්ෂපති බවසේ සැකසුණු Wageesha Muhandiram නමැති ෆේස්බුක් පිටුවේ සටහන සම්පුර්ණයෙන් සාවද්‍ය බව පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ කෝවිඩ්-19 ව්‍යාප්තිය නිසා ගුවන් තොටුපලවල් වැසුදා සිට හඬ නැගුයේ විදේශීය රටවල අසරණ වී සිටින ලාංකිකයන් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මෙරටට ගෙන්වා ගැනීමට බවය. තමා අළලා ඉදිරිපත් කර තිබෙන මෙම සටහන සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ඔහු පැවසීය.

එසේම යුක්‍රේන සිට පැමිණි විදේශිකයින් අලලා පළකර තිබු කිසිඳු ආකාරයේ පුවතක් ද මව්බිම දෙසැම්බර් මස 29 වැනිදා පුවත්පතේ දැක ගණනට ලැබුනේ නැහැ. මාර්තු මාසයෙන් පසු යුක්‍රේනයේ සිට පැමිණි පළමු සංචාරක පිරිස ඇතුලත් පුවත් වාර්තා වල තිබු ඡායාරුපයක් යොදා ගනිමින් එම සංස්කරණය සිදුකර ඇති බවත් පෙනී යනවා. එසේම මෙම පුවතේ දක්වා තිබු අනුරාධා හේරත් නම් මාධ්‍යවේදිනිය සිය ෆේස්බුක් පිටුවේ ද මෙම සටහන් සාවද්‍ය බවට සටහනක් තබා තිබුනේ මෙලෙසින්

එම පුවත් පතේම 9 වන පිටුවේ පළවී තිබු පුවතක් ආකාරයෙන් අනුර කුමාර දිසානායක මහතා අලලා පළවූ පුවත ද සංස්කරණයක් බව අපට දැකගන්නට ලැබුණා

අප රංගන ශිල්පිණි දීපානි සිල්වා මහත්මිය වෙත ඇය අළලා ඉදිරිපත්ව තිබු ෆේස්බුක් සටහන් යොමු කළෙමු. කාන්තාවක් වන තමා ස්ත්‍රී දූෂණයට තදින්ම විරද්ධ බව පැවසු ඇය මෙම සටහනෙහි දක්වා ඇත්තේ තම අදහස් නොවන බවත්, මෙම සටහන් දෙකෙහිම අන්තර්ගත ප්‍රකාශයන් තමාගේ මත හෝ අදහස් හෝ පැවසු දෙයක් නොවන බව තහවුරු කළාය.

සුනිල් හඳුන්හෙත්ති මහතා විසින් පුවත්පතකට පවසන ලද ආකාරයට පළකර තිබු පුවත් පත් සංස්කරණය මීට පෙර ද විවිධ අවස්ථාවන් සඳහා යොදාගෙන තිබු අතර මීට දින කිහිපයකට පෙර එම පුවත් පත් ආකෘතිය ම යොදා ගනිමින් පළකර තිබු සටහනක් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ MCC ප්‍රදානය ශ්‍රී ලංකාවට අහිමිවීම, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් ඇතිවීම, වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවකයන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදීම, කෝවිඩ්-19 ව්‍යාප්තිය නිසා සියරට පැමීණීමට නොහැකිව සිරවී සිටින ලාංකිකයන් නැවත මව්බිම වෙත ගෙන්වා ගැනීම වැනි මෑත කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශ හෝ මතයන් ලෙස සමාජ මාධ්‍යයෙහි සැරිසරන සටහන්හි දැක්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි සක්‍රීය ක්‍රියාකාරීන්ගේ මත, අදහස් හෝ ප්‍රකාශ නොවන බවය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කාලීන පුවත් අලලා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් සම්බන්ධයෙන් පළවන ව්‍යාජ පුවත් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News