FACT CHECK: ගංඟාවක් අසල හස්තියකු හැඩැති ගලක් මත තිබෙන කඳු ගැටයක තිබෙන බුද්ධ ප්‍රතිමාවක් ද?

Update: 2021-01-11 06:27 GMT

ලොව අපුර්ව ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් ඉදිරිපත් වේ. ඉන් සමහරක් සත්‍ය ඒවා වුවද බොහොමයක් සටහන් වැරදි අර්ථකතන සහිතව හුවමාරු වන බව අප සිදුකළ කරුණු විමර්ශනයන්හි දී තහවුරු විය. එබඳු වාර්තා කිහිපක් මෙතනින් සහ මෙතනින්

මේ අයුරින්ම ගංගාවක ඉවුරේ පිහිටි ගලක් මත සිටින ඇතෙකුගේ හැඩැති නිර්මාණයක පිටමත ඇති කඳුගැටයක් මුදුනේ බුදු රජාණන් වහන්සේගේ ඡායාරූපයක් දිස්වන අයුරු යනුවෙන් හුවමාරු වන්නේ සංස්කරණය කරන ලද සේයාරුවක් අපට අනාවරණය විය.

සමාජ මාධ්‍ය සටහන් :

ගංගාවක ඉවුරේ ගලක් මත ඇතෙකුගේ ආකාරයට නිර්මාණය කරන ලද ගලක් මත ඇති කඳුගැටයක් මත බුදු පිළිමයක් දිස්වන ආකාරයේ ඡායාරූපයක් සහිත සටහනක් Sarath Gamage නැමැත්තෙක් “නොදුටු දසුන්” නමැති ෆේස්බුක් සමුහයකට පළකර තිබුනේ මෙලෙසින්.

FacebookArchived Link

මෙහි බුදු රජාණන් වහන්සේගේ රූපය පැහැදිලි ලෙස සංස්කරණ කිරීමක් ලෙස බැලු බැල්මටම පෙනී ගිය ද අලියෙකුගේ හැඩයෙන් අඹන ලද ගලක් මන ඇති කඳුගැටය පිලිබඳ සොයා බැලීමට අදහස් කළෙමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහනේ ඉදිරිපත් කර තිබු ඡායාරූපය අප reverse image සෙවුමකට යොමු කළෙමු. බුදු පිළිමය නොමැතිව ඇති ඡායාරූපය සහත සමාජ මාධ්‍ය ජාලයෙහි සටහන් රැසක් අන්තර්ජාලයේ ඇති බවට නිරික්ෂණ විය.

බොහෝ සටහන් එය ඉන්දියාවේ පිහිටි ස්ථනයක් ලෙස හඳුන්වා තිබුණද, එහි මුල් ඡායාරූපය 2013 නොවැම්බර් මස ShutterOK නැමැත්තෙක් විසින් China Mountain on the river ලෙස නම්කර Shutterstock නම් ඡායාරූප වෙබ් අඩවිය වෙත උඩුගත කරන ලද ඡායාරුපයක් බව අපට අනාවරණය විය.

ShutterstockArchived

මෙම ඡායාරූපයට යොදා තිබු ටැග් වචන පරීක්ෂා කිරීමේදී එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති චීනයේ හුවෑන්ග්ෂැන් කඳුවැටිය ආශ්‍රිතව ලබාගත් දර්ශනයක් බව දැකගනන්ට ලැබුණි. එම ප්‍රදේශයේ මෙවැනි කඳුගැටි බොහොමයක් ඇති බවද අපට දැකගනන්ට ලැබුණා.

Unseco

මෙම ඡායාරූපය පිළිබඳව වැඩිදුරටත් කරණු සෙවිමේදී පැරිසියේ ඇති RIVE GAUCHE නමැති ඡායාරූප නිදර්ශන චිත්‍රාගාරයක් මගින් ඉහත මුල් ඡායරූපයට අලියෙකුගේ රුපයක් එකතු කරමින් තාක්ෂණික සංස්කරණයකට ලක් කර ඇති අන්දම පහත පරිදි දැක ගත හැකිවිය.

RIVE GAUCHE

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන චීනයේ හුවෑන්ග්ෂැන් කඳුවැටි ප්‍රදේශයෙන් ශෛලමය කඳුවටියක ඡායාරුපයක්, නිදර්ශන චිත්‍රාගාරයක් මඟින් ඇතෙකු එකතු කර සංස්කරණය කර තිබු බවයි. පසුව එම සංස්කරණයට බුදු රජාණන් වහන්සේගේ සේයාරුවක් එකතු කරමින් නොමග යවන සුළු ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන ඉදිරිපත් කර තිබුණා

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ගංඟාවක් අසල හස්තියකු හැඩැති ගලක් මත තිබෙන කඳු ගැටයක තිබෙන බුද්ධ ප්‍රතිමාවක් ද?

Fact Check By: Sahan Perera

Result: Altered

Tags:    

Similar News