FACT CHECK : සිංහලයකු සමඟ විවාහවීම නිසා මුස්ලිම් කාන්තාවක ඇඳුම් ඉරා බණ්ඩාරගම මහපාරේ මෑතකදී ඇදගෙන ගියා ද?

Update: 2021-01-16 17:17 GMT

විවිධ අන්තවාදී පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන්, විශේෂයෙන්ම සුළුතර ප්‍රජාවන් මුල් කරගනිමින්, ඇතිවූ ගැටුම් පිළිබඳව පසුගිය කාලය පුරාවටම විටින් විට දැක ගන්නට ලැබුණා.

මේ ආකාරයට, සිංහල තරුණයෙකු හා විවාහ වූ මුස්ලිම් කාන්තාවගේ ඇඳුම් ඉරා දමමින් බණ්ඩාරගම ප්‍රදේශයේ මහ පාරක ඇදගෙන ගොස් තිබු බවට සිද්ධියක් පසුගිය දිනෙක සිදුවූ බව අරුත් ගන්වන්මින් පුවතක් හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබුණා. අපගේ විමර්ෂණයෙදී අනාවරණය වුයේ එය 2019 වසරේ සිදුවීමක් වූ අතර ඇත්ත වශයෙන්ම සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණය කෙරෙන බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

“සිංහලයකු සමඟ විවාහවීම නිසා ඉස්ලාම් අන්තවාදීන් මුස්ලිම් කාන්තාවක ඇඳුම් ඉරා බණ්ඩාරගම මහපාරේ ඇදගෙන ගිහින්” යන තේමාව යටතේ ඩිලාන් ෆොන්සේකා නම් අයෙකු ෆේස්බුක් සටහනක් එකතු කර තිබුණා. එම තොරතුර මව්බිම පුවත්පතේ පල වූ වාර්තාවකින් (එනම් දෙසැම්බර් මස 28 වැනි දින ආසන්න දිනෙක) ලබාගත් ස්ක්‍රීන්ෂොට් (screenshot) එකක් ලෙස පෙන්වා දීමට උත්සාහ කර තිබුනේ මෙලෙසින්.

Facebook | Archived

මෙම පුවත කාන්තාවකගේ ඡායාරූප සටහනක් සමගින් තවත් බොහෝ ෆේස්බුක් පි‍ටු විසින් හුවමාරු කරගෙන තිබුනා.

මෑතකදී සිදුවූ සිදුවීමක් ලෙස දක්වමින් හුවමාරු වී තිබු මෙම සටහන් වලට මුල්වූ සිද්ධිය පිලිබඳ සැබෑ තත්වය සොයා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප පලමුවෙන්ම මෙම පුවත හුවමාරු කල මව්බිම පුවත්පතේ නිල ෆේස්බුක් පි‍ටුවේ මෙවන් කරුණක් ඇත්දැයි පරීක්ශා කලා. එහිදී මේ ආකාරයේ පුවතක් මව්බිම ෆේස්බුක් පි‍ටුවේ 2019 ජුලි මාසයේදී පලවී තිබු බව අපට දැකගනට ලැබුනා.

Mawbima | Archived

කෙසේනමුත් එම පුවතට අදාලව ඔවුන් ගේ වෙබ් අඩවියට සබැන්දියක් ලබා දී තිබුනද එම පුවත වෙබ් අඩවියෙන් මේ වන විට ඉවත් කර තිබුනා. එනම් මේ දිනවල හුවමාරු වන්නේ 2019 වසරේ ජුලි මස පළවූ සටහනක ස්ක්‍රීන්ෂොට් එකක් බව පෙනී යනවා.

මේ පිලිබඳව වැඩි දුරටත් කරුණු සොයා බැලීමේදී මේ ආකාරයේ සිදුවීමක් 2019 වසරේ ජූලි මස වාර්තා වී ඇති බව අපට දැකගනන්ට ලැබුණා. ඒ පිලිබඳව ලංකාදීප වෙබ් අඩවියේ පුවතක් පළවී තිබුනේ මෙලෙසින්.

“සිංහලයෙකු සමග විවාහ වූ මුස්ලිම් කාන්තාවට පල්ලියෙන් දුන් දඬුවම” යනුවෙන් අත්අඩංගුවට පත්වූ එම කාන්තාව මාධ්‍ය වෙත කරුණු දක්වා තිබුනේ මෙලෙසින්

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධව අළුත්ගම මුස්ලිම් පල්ලි සම්මේලනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවක දී පෙන්වා දී තිබුනේ මෙම කාන්තාව විසින් මාධ්‍ය හරහා සත්‍ය සිදුවීමට වෙනස් අර්ථකතනයක් ලබා දී ඇති බවයි.

“අටුළුගම හයිෆා ගැන බොදුබල සේනා කළ අනාවරණයෙන් පසු මාධ්‍ය නොකී ගම් වැසියන්ගේ අනාවරණය” යන තේමාවෙන් පලවී තිබු එම සාකච්ඡාව පහතින්

https://youtu.be/g10Fjicd4uM

සිංහල කාන්තාවන් කිහිප දෙනෙකු ද සම්බන්ධ කරගනිමින් සිදුකර තිබු එම මාධ්‍ය සාකච්ඡාවේ දී ඔවුන් පවසා සිටියේ අත් අඩංගුවට පත්වූ කාන්තාව පවසා තිබුනේ අසත්‍යක් බවයි.

මෙසේ වෙනස් අදහස් පළවී තිබු බැවින් අප ඉහත සිදුවීම පිළිබඳව බණ්ඩාරගම පොලිස් ස්ථානයෙන් විමසා සිටි අතර එහිදී අපට පවසා සිටියේ 2019 ජුලි මස සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙන්නේ මිරිහාන පොලිස් ස්ථානය යටතේ බවයි.

තව ද මව්බිම පුවත හා සම්බන්ධව හුවමාරු වන ඡායාරූප සටහන සැබෑ ඡායාරූපයද යන්න ද අප සොයා බැලුවා.මෙම සිදුවීමට ලක්වූ කාන්තාව මාධ්‍ය වෙත කරුණු දැක්වූ අවස්තාවක දී ලබාගත් ඡායාරූපයක් සහ ෆේස්බුක් සටහන් වල සිටින කාන්තාවගේ රූපයන් අප සැසන්දීමක් සිදු කරනු ලැබුවා.

එහිදී අපට පෙනී ගියේ මෙසේ ෆේස්බුක් සටහන් වල හුවමාරු වන ඡායාරූපයේ සිටින කාන්තාව එම සිදුවීමට මුහුන පෑ කාන්තාව නොවන බවයි.

ෆේස්බුක්හි හුවමාරු වන ඡායරුපය 2018 වසරේ ඉන්දියාවේ සිද්ධියකට සම්බන්ධ සේයාරුවක්. වයස අවුරුදු 18 ක මුස්ලිම් යුවතියක්, හින්දු පෙම්වතෙකු සමඟ පැනයාමට උත්සාහ කිරීමට ගස්බැඳ ඇයට ගම්වාසීන් පහරදුන් අවස්ථාවක් ලෙස එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වී තිබුණි

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු සලකා බැලීමේදී "සිංහලයකු සමඟ විවාහවීම නිසා ඉස්ලාම් අන්තවාදීන් මුස්ලිම් කාන්තාවක ඇඳුම් ඉරා බණ්ඩාරගම මහපාරේ ඇදගෙන ගිහින්" යන තේමාවෙන්  හුවමාරු වන පුවත මෑතකදී සිදුවූ සිද්ධියක් නොව 2019 වසරේ වාර්තා වූ පුවතක ට අදාළ සිද්ධියක් බව පැහැදිලිය. මව්බිම වෙබ් අඩවිය එම පුවත පසුව ඉවත් කරගෙන ඇති අතර එසේ හුවමරු වන සටහන් සඳහා යොදා ගෙන තිබෙන්නේ ද අටළුගම ප්‍රදේශයේ සිද්ධියට මුහුණ දුන් කාන්තාව නොව ඉන්දියාවේ 2018 වසරේ පහරදීමකට ලක්වූ කාන්තාවක්.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සිංහලයකු සමඟ විවාහවීම නිසා මුස්ලිම් කාන්තාවක ඇඳුම් ඉරා බණ්ඩාරගම මහපාරේ මෑතකදී ඇදගෙන ගියා ද?

Fact Check By: Sahan Perera

Result: Missing Context

Tags:    

Similar News