Fact Check: රජයේ අනුග්‍රහයෙන් මීරිගම, හල්පෙ රක්ෂිතයේ සිදුවන වන විනාශයක්?

Update: 2021-02-17 06:06 GMT

පරිසර විනාශයන් හා සම්බන්ධයෙන් පුවත් රැසක් පසුගිය වසරේ පළ වී තිබූ අතර මේ වසරේ ද පුවත් රැසක් දැකගනන්ට ලැබෙනවා. මේ අතර වන විනාශයන් බව දක්වමින් පළවූ අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව ද අප කරුණු විමර්ශන සිදුකළා. ඒවා මෙතනින් සහ මෙතනින්.

හල්පෙ රක්ශිතයට අයත් කඳු යායක සිදුවන පාරිසරික විනාශයක් පෙන්වීමට පසුගිය දා හුවමාරු වූ හෙළි කර තිබෙන ප්‍රදේශයක දර්ශන ඇතුළත් ඡායරූප පෙළක් ද බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබුණා. නමුත් අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වුණේ මෙම එළි පෙහෙළි කරන ලද කොටස රක්ෂිතය කලාපයකට අයත් ප්‍රදේශයක් නොවන බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

“මිහිරිගම ස ගෙ අනුග්‍රහයෙන් සිදුවන පාරිසරික විනාසය. හල්පෙ රක්ශිතයට අයත් කදුයාය” යන තේමාව යටතේ Jagath Prasanna Gamage නම් අයෙක් විසින් පලකරන ලද කැලෑබද ප්‍රදේශයක් එළිකරන ලද ඡායරූප සහිත සටහන විශාල පිරිසක් අතරේ මෙසේ හුවමාරු වී තිබුණා.

Facebook | Archived Facebook | Archived

රන්ජන් නොමැති මීරිගමට දැවැන්ත සුද්දයක් !” යන තේමවෙන් ද මෙම ඡායාරුප පෙළම හුවමාරු වී තිබෙන අයුරු ද අපට නිරීක්ෂණය වුනා.

Link | Archived

ට්විටර් පණිවුඩයක් පහතින්

https://twitter.com/thero_chandima/status/1356513237034962946

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා අප මුලින්ම මීරිගම ප්‍රදේශයේ කිසිදු ආකාරයේ වන සංහාරයක් පිලිබඳ සිදුවීමක් පිළිබඳව පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ දැයි පරික්ෂා කළ නමුත් එබඳු කිසිදු පුවතක් දැක ගැනීමට ලැබුණේ නැහැ.

මේ පිළිබඳව ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ගෙන් ද වැඩිදුර කරුණු විමර්ශනය කිරීමට කටයුතු කලෙමු. එහි දී ඇය අපට පවසා සිටියේ එම ඡායාරූපවලින් දැක්වෙන ස්ථානය රක්ෂිතයක කොටසක් හෝ රක්ෂිතයට මායිම්ව පිහිටි භූමි ප්‍රදේශයක් නොවන බවයි.

කෙස් කෙසේ වෙතත් මෙම සිද්ධිය සැලවීමෙන් පසුව එම ස්ථානයට ගොස් පරික්ෂා කළ අතර එළි පෙහෙළි කර පුද්ගලයින් විසින් එය පෞද්ගලික ඉඩමක් ලෙස පවසා සිටියද ඔවුන්ට එය සනාථ කිරීමට ඉඩමේ ඔප්පු ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබී නැත. මේ අනුව එම හෙළි පෙහෙළි කිරීම් තාවකාලිකව නවතිමට නියෝග කළ බවත් එයට මහජන විරෝධයක් ද එල්ල වූ බවත් පවසා සිටියා.

ඉඩමේ ඔප්පු ඉදිරිපත් වෙන තුරු මෙය පුද්ගලික ඉඩමක් ද නැතහොත් රජයේ ඉඩමක් ද යන්න පැවසිය නොහැකි බවට එතුමිය අපට දන්වා සිටියා. කෙසේවෙතත් එම හල්පේ කන්දේ පිහිටි භුමිය නිසැකවම රක්ෂිතයක කොටසක් නොවන බව අපට නැවතත් තහවුරු කර සිටියා.

මේ පිළිබඳව අප මීරිගම පොලිසියෙන් ද විමසීමක් සිදුකළ අතර ඉහත ගම්පහ දිසා වන නිලධාරිනී විසින් ලබාදුන් විස්තර එතුමා විසින් ද සනාථ කර සිටි අතර බොහෝ දුරට පෞද්ගලික ඉඩමක් බව දැනට පෙනී ගොස් ඇති බවක් පවසා සිටියා.

මෙම ප්‍රදේශය අප Google Maps යොදාගනිමින් සහ සජීවී චන්ද්‍රිකා සිතියම් යොදාගනිමින් පරීක්ෂා කළද ඉහත සිද්ධියට අදාළ ස්ථානය නිශ්චිතව ම හඳුනා ගැනීමට හැකිවුයේ නැත. ඉහත සිදුවීම සිදුවූ ප්‍රදේශයට අදාළ කඳු ගැටයේ ඡන්ද්‍රිකා ඡායරුපයක් පහතින්.

එම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ද මේ පිලිබඳ විමසීමේදී අපට දැනගනන්ට ලැබුනේ ඉහත කැලෑබද ප්‍රදේශයක් ලෙස දිස්වෙන කඳු ගැටයේ විවිධ කොටස් පුද්ගලික අයිතීන් යටතේ ද පවතින අතර පොල්, රබර් වැනි භෝග වගාවන් ද සිදුවන බවයි. රක්ෂිත ප්‍රදේශයක මෙසේ වගා කටයුතු කිරීමට අවසරයක් ලැබෙන්නේ නැහැ. එසේම කඳු ගැටය පාමුල සහ වටාම ජනාවාස පවතින බව ද පෙනී යනවා.

ගූගල් සිතියම් තවදුරටත් පරීක්ෂා කිරීමේ දී මෙයට තරමක් දුරින් පිහිටි රක්ෂිත ප්‍රදේශයක් ලෙස දැක්වෙන්නේ මෙම ස්ථානයේ පෙන්නුම් කෙරෙන කොස්කැලේ රක්ෂිතය නම් ප්‍රදේශයක්.

මේ පිලිබඳ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද ලබා ගැනීමට කටයුතු කළෙමු. ඔවුන් යටතේ නියාමනය වන රක්ෂිත ප්‍රදේශ 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇත. දැඩි ස්වභාව රක්ෂිත (Strict Nature Reserves), සමුද්‍ර ජාතික වනෝද්‍යාන (Marine National Parks) සහ ජාතික වනෝද්‍යාන (National Parks), ස්වභාව රක්ෂිත (Nature Reserves), වන කොරිඩෝ (Jungle Corridor), අලි කළමනාකරණ රක්ෂිත (Managed Elephant Reserves) සහ අභයභූමි (Sanctuaries) යනාදී වශයෙන් රක්ෂිත ප්‍රදේශ ප්‍රභේද කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ පිලිබඳ ලිපියක් මෙතනින්. ශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ග යටතේ මීරිගම, හල්පේ රක්ෂිතය යනුවෙන් ප්‍රදේශයක් හැඳින්වෙන්නේ නැහැ.

මේ පිළිබඳව ගම්පහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ද විමසා සිටි අතර හොරගොල්ල ජාතික උද්‍යානය, මායිඹුල්කන්ද අභයභුමිය සහ මුතුරාජවෙල අභයභුමිය ප්‍රධාන වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ රක්ෂිත ප්‍රදේශ වශයෙන් ඔවුන් යටතේ නියාමනය වන බව පවසා සිටියා.

ලංකාවේ රක්ෂිත කලාප පිලිබඳ නවතම පුවත් පරීක්ෂා කිරීමේ දී, වනාන්තර 69ක් රක්‍ෂිත ලෙස අලුතින් ගැසට් කල බවට පුවත් වාර්තා කිහිපයක් ම පසුගිය ජනවාරි මාසයේ දී මෙසේ පළවී තිබෙනු දැක ගණනට ලැබුණි.

මේ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පළවී තිබු නිවේදනය පරීක්ෂා කළෙමු. එහිදී අපට දැකගනන්ට ලැබුණේ එසේ ගැසට් කරන ලද නව රක්ෂිත අතුරින් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වන්නේ කරගස්තැන්න වනාන්නරය බවයි. මීරිගම, හල්පේ රක්ෂිතය යනුවෙන් ප්‍රදේශයක් එහි ද හැඳින්වෙන්නේ නැහැ.

Forest Dep SL | New Gazette Areas | Archived

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ මීරිගම, හල්පෙ කඳු යායක සිදුවන පාරිසරික විනාශයක් බව පෙන්වීමට පසුගිය දා හුවමාරු වූ හෙළි කර තිබෙන ප්‍රදේශයක දර්ශන ඇතුළත් ඡායරූප පෙළ අයත් ප්‍රදේශය රක්ෂිත කලාපයක් නොවන බවයි.

කැලෑබද ප්‍රදේශයක් වන කඳු ගැටයේ ඇතැම් ප්‍රදේශ වල විවිධ භෝග වගා කිරීම් කටයුතු පෞද්ගලික ඉඩම් වල දැනටත් සිදුවෙනවා. අදාළ එළි කිරීම් සිදුකළ පාර්ශවයන් ට එම භුමියේ අයිතිය පිළිබඳ ඔප්පු පෙන්වා තහවුරු කිරීමට මෙතෙක් නොහැකි වී තිබෙන අතර දැනට එම එළි කිරීම් කටයුතු නවතා දමා තිබෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රජයේ අනුග්‍රහයෙන් මීරිගම, හල්පෙ රක්ෂිතයේ සිදුවන වන විනාශයක්?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News