FACT CHECK: බ්‍රැන්ඩික්ස් ආයතනය අළලා පැතිරුණු සාවද්‍ය සටහන් පෙළක්!

Update: 2021-03-30 16:54 GMT

කොරෝනා දෙවන රැල්ල පැතිරීමත් සමග බ්‍රැන්ඩික්ස් ආයතනයේ නමද නිතර නිතර සමාජයේ කතාබහට ලක්වුණා. ඒ, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කෝඩිඩ් ආසදනය වූ රෝගියෙකු මතු වී කෝවිඩ් පොකුරක් බිහිවීම තුළින්. මේ අතර පසුගිය දා නැවතත් බ්‍රැන්ඩික්ස් සමාගම පිළිබඳ උණුසුම් පුවතක ආකාරයෙන් සමාජ මාධ්‍යන් ඔස්සේ දැකගන්නට, ලැබුණා.

එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍යතාවය සෙවීමට අප තීරණය කළෙමු. මේ ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි.

සමාජ මාධ්‍ය සටහන්:

Vishwa Derana(විශ්ව දෙරණ) නම් යූ ටියුබ් නාලිකාව ලංකාවේ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනය සම්පූර්ණයෙන්ම වැසේ, ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙයි.යනුවෙන් සඳහන් කරමින් වීඩියෝ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. එම වීඩියෝව මෙතනින්.

https://vimeo.com/530761021

එහි දැක්වෙන කරුණු නම්,

  1. කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූයේ බ්‍රැන්ඩික්ස් ආයතනය හරහා බව සමාජ මාධ්‍යවල කතා බහක් ඇති වීම හේතුවෙන් එහි ප්‍රධානීන් විසින් මෙරට ජනගහනයෙන් 50%කට කොවිඩ් එන්නත් ලබා දීමට කටයුතු කරන ලදී. ඒ අනුව ඔවුන් සෘජුව රජයට මුදල් පිරිනැමුවද, මුදල් වලට සිදු වී ඇති දෙය සොයා ගැනීමට රහස් පොලීසියටත් හැකියාවක් නෑ යනුවෙන් පැවසීමේ කිසිදු වරදක් නෑ.

  1. මේ හේතුවෙන් ලංකාව කෙරෙහි මහත් සේ පිළිකුළට පත් වූ බව බ්‍රැන්ඩික්ස් ආයතනය මෙරට ඇති ඊට අනුබද්ධ සියලු ආයතන වසා දැමීමට තීරණය කරයි.

  1. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් සිදුවන බ්‍රැන්ඩික්ස් ඇඟලුම් අධ්‍යාපන ආයතනයද, වැසී යාමේ ප්‍රවණතාවක් පවතී.

මේ අනුව බ්‍රැන්ඩික්ස් සේවකයින් රැසකට රැකියාවන් අහිමි වීමේ අවදානමක් පිළිබඳව ව බ්‍රැන්ඩික්ස් විසින් පිරිනැමූ මුදල් වලට කුමක් සිදු වී ඇත්ද යන්න පිලිබඳ ව ද එම වීඩියෝවෙන් ප්‍රශ්න කර සිටියි.

තවද, Kelapaththare (කැලෑ පත්තරේ) නම් යූ ටියුබ් නාලිකාවකද සඳහන් කළේ, කලකිරුණු බ්‍රැන්ඩික්ස් ආයතනය ගෝඨාගෙන් පළිගනී... කොරෝනා පොකුර බ්‍රැන්ඩ්‍රික්ස් ආයතනය තුළින්ම හඳුනා ගැනීම හේතුවෙන් ඊට පිළියමක් වශයෙන් එම සමාගම ලංකාවේ ජනගහණයෙන් ½ කට කොවිඩ් එන්නත ලබා දීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා ලබා දී ඇති සියලු මුදල් නව රජය කොල්ලකා ඇති බවට අනාවරණය වී තිබේ. ඒ හේතුවෙන් කලකිරීමට පත් වූ බ්‍රැන්ඩික්ස් සමාගම එය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කිරීමත් සමග පවුල් ලක්ෂ 3 කට රැකියා අවස්ථා අහිමි වී යයි යනුවෙන් ද සඳහන් කර තිබුණා. එම වීඩියෝව මෙතනින්. Archived

එමෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. ඒ, කොරෝනා මර්ධන එන්නත මෙරටට ගෙන්වීමට රුපියල් මිලියන 6250 ක් රජයට පරිත්‍යාග කළ බවටයි. එම සටහන් පහතින් දක්වා තිබෙනවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිඳු හෝ ආකාරයක පුද්ගලික ආයතන දායකතාවක් පිලිබඳ පුවත් වාර්තා වී තිබුනේ නැති බැවින් මේ පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාගැනීමට අප කටයුතු කළා.

එහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තුමා අවධාරණය කර සිටියේ, කෝවිඩ් එන්නත් ලබාගැනීම සිදුවන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ යටතේ බවත් එන්නත් මිළදී ගැනීම සම්බන්ධයෙන් මෙරට කිසිදු පෞද්ගලික අංශයකින් මෙතක් ආධාර ලබා නොගත් බවයි.

මේ සම්බන්ධයෙන් අප ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ද සිදුකළ විමසීමක දී පවසා සිටියේ , එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මූල්‍යාධාර සැපයීමට බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කිසිදු මුදලක් ලබා නොගත් බවයි. එසේම එම ආයතනයට විරුද්ධව කිසිඳු තහනමක් පනවා නැති බවත් මේ සම්බන්ධයෙන් පැතිරෙණ සියලු කටකතා අසත්‍ය බව ද සඳහන් කළා.

බ්‍රැන්ඩික්ස් සමාගම:

මේ සම්බන්ධයෙන් අප බ්‍රැන්ඩික්ස් සමාගමෙන් කළ විමසීමේදී සඳහන් කළේ, බ්‍රැන්ඩික්ස් සමාගමේ හිමිකරු වන අශ්රොෆ් ඕමාර් මහතා හෝ බ්‍රැන්ඩික්ස් සමාගම ඉහත සටහන් වල සඳහන් පිරිදි කිසිදු මුදලක් රජයට පරිත්‍යාග නොකළ බවයි. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කිසිදු මුදලක් ඉල්ලා නොමැති අතර බ්‍රැන්ඩික්ස් ආයතනය මෙරට ඇති ඊට අනුබද්ධ සියලු ආයතන වසා දැමීමට තීරණය කර ඇති බවට පළ වන කටකතාව සහමුලින්ම අසත්‍ය බවයි.

කෙසේවෙතත් බ්‍රැන්ඩික්ස් ආයතනය තවත් පුද්ගලික ආයතන කිහිපයක් සමඟ එකතුව එන්නත් ලබාගැනීම සඳහා ප්‍රදානයක් ලබාදීමක් පිළිබඳව සලකා බැලීමක් මීට මාස පෙර කිහිපයකට තිබුණද ද ඒ අනුව මාධ්‍ය කිහිපයක් ලලිත් වීරතුංග මහතා ද සම්බන්ධ කරමින් එවැනි පුවත් වාර්තා කර තිබුන ද එබඳු කිසිඳු තීරණයකට එළඹුණේ නැති බවත්, එවැනි ප්‍රදානයක් සිදුවුණි නම් එය අනිවාර්යයෙන්ම මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදුවන බවත් පවසා සිටියා.

සමාජ මාධ්‍ය ඔස්සේ බ්‍රැන්ඩික්ස් සමාගමේ හිමිකරු වන අශ්රොෆ් ඕමාර් මහතා එන්නත් මිලදී ගැනීමට රජයට මෙලෙස ආධාර දුන් බවට අසත්‍ය ප්‍රචාරයක් කලින් වතාවක ද පැතිරුණ අතර මේ දිනවල නැවතත් යූ ටියුබ් වීඩියෝ ඔස්සේ අසත්‍ය කරුණු ගෙනහැර පාමීන් බ්‍රැන්ඩික්ස් ආයතනයට මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් මඩ ගැසීම සඳහා නොයෙකුත් පාර්ශවයන් යෙදෙන අසාර්ථක උත්සහයක් බව ද සඳහන් කර සිටියා.

ඉහත ව්‍යාජ පුවත් පිලිබඳ කරුණු ඇතුළත් නිල ලිපියක් ද බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ආයතනික සන්නිවේදන හරහා අප වෙත නිකුත් කළා.

ආයතනයේ සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පාලනාධිකාරියේ මූලික අරමුණක් බවත් ඒ අනුව ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් බ්‍රැන්ඩික්ස් ආයතනය හෝ එයට අනුබද්ධිත ආයතනයක් වසා දැමීම කිසිසේත් සිදු වී නැති බවත් ඉහත වීඩියෝවේ දක්වා තිබු බ්‍රැන්ඩික්ස් ආයතනික විශ්ව විද්‍යාලය ද (Brandix Corporate Campus) පවතින සෞඛ්‍යාරක්ෂණ තත්ව යටතේ අන්තර්ජාලය හරහා අධ්‍යයන කටයුතු සිදුකරන සක්‍රීයව සිදුකරන බවත් අපට දන ගන්නට ලැබුණා. BCC Leadership Summit 2021

තවද බ්‍රැන්ඩික්ස් සමාගම විසින් පූර්ව කොවිඩ් වැටුප් නැවත ස්ථාපනය කිරීමට කටයුතු කර ඇති බවට පළවූ පුවත් වාර්තාවක් ද අපට දැකගනන්ට ලැබුනේ මෙලෙසින්

එසේම බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආයතනික සන්නිවේදන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තුමිය අප සමඟ තවදුරටත් පවසා සිටියේ වගකිවයුතු ආයතනයක් වශයෙන් කොවිඩ් තත්වයෙන් ගොඩ ඒමට ආයතනික මට්ටමෙන් සිදුකල හැකි කටයුතු වෙත නැඹුරු වී කටයුතු කිහිපයක් ම සිදුකල බවයි. බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 68ක් වටිනා මුහුණු ආවරණ මිලියන 1.5ක් ප්‍රදානය කිරීමේ අවස්ථාව පිළිබඳ පසුගිය මාර්තු 18 වැනිදා පළවූ වාර්තාවක් මෙතනින් (මෙම කොටස පසුව යාවත්කාලීන කරන ලදි)

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව පෙනී යන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සැරි සරණ බ්‍රැන්ඩික්ස් සමාගම එන්නත්කරණය සඳහා මූල්‍ය ආධාර රජයට ලබා දුන් බවට පැවසෙන සටහන් අසත්‍ය සහ පදනම් විරහිත බව බ්‍රැන්ඩික්ස් ආයතනය, ජනපති මාධ්‍ය ඒකකය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය ද තහවුරු කර සිටින බවයි.

එසේම බ්‍රැන්ඩික්ස් ආයතනය හෝ ඊට අනුබද්ධිත කිසිඳු ආයතනයක් මේ වන විට වසා දමා නොමැති අතර වසා දැමීමේ තීරණයක් ද නොමැති බව ආයතනය තහවුරු කර සිටියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:බ්‍රැන්ඩික්ස් ආයතනය අළලා පැතිරුණු සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News