FACT CHECK: ෆාතිමා භාවනා මධ්‍යස්ථානයේ ඇත්ත විස්තරය කුමක්ද?

Update: 2021-04-11 05:04 GMT

වෙනත් භාෂාවකින් සඳහන් වන දෙයක් තමන්ගේ මව් භාෂාවට පරිවර්තනය කිරීමේදී ඇතැම්විට නොමඟ යවන සුළු අර්ථකතන ලබා දී තිබෙනු අපට දැකගනන්ට පුළුවන්. එවන් පරිවර්ථනයන් නිසා ගැටුම් කාරි වාතාවරණ වලට මුහුණ පාන්නට සිදුවන අවස්ථා ද සමාජයේ විටින් විට දැකගන්නට ලැබෙනවා.

සමාජ මාධ්‍ය භාවිතයත් සමග එසැනින් තොරතුරු ව්‍යාප්ත වීම් හේතුකොට ගෙන විශේෂයෙන් බහු ආගමික ජනයා වෙසෙන ලංකාව වැනි රටක ආගමික කරුණු සමාජගත කිරීමේදී ඒ ගැන සැලකිලිමත් වීම අර්බුදකාරී තත්ත්වයන් මග හරවා ගැනීමට ඉවහල් වනවා.

නුවර, ලේවැල්ල පිහිටි ෆාතිමා භාවනා මධ්‍යස්ථානය (Fatima Retreat House) පිළිබඳව එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුන පුවරුවක වැරදි අර්ථකතනයක් නිසා ජනතාව නොමග ගොස් ඇති අයුරු අපට දැකගන්නට ලැබුණා. මේ ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි.

සමාජ මාධ්‍ය සටහන් :

වසර ගණනාවක් ඔස්සේ හුවමාරු වෙමින් පවතින නොමඟ යවන සුළු සටහන් ද කලින් කලට නවතන් හුවමාරු වන අවස්ථා අපට දැකගන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවල එවැනි සටහන් විශාල පිරිසක් අතර හුවමාරු වී තිබෙන අයුරු ද පෙනී යනවා.

2018 වර්ෂයේ මෙවන් අවුරුදු සමයක මුලින්ම Wasanthi Sandhya නමැති ෆේස්බුක් ගිණුමක පළවූ ඡායාරුපයක් ඇතුළත් සටහනක් මේ වන විට ෆේස්බුක් පරිශීලකියින් හැට හය දහසකටත් අධික පිරිසක් අතර හවුමාරු වී තිබුණා. ඒ සටහන පහතින්.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම සටහනම නැවත නැවතත් මේ නව අවුරුදු සමයේ හුවමාරු වෙමින් පවතින අයුරු ද අපට දැක ගන්නට ලැබුණා.

පොදු ජන බලය නම් ෆේස්බුක් පිටුවක ද ඉහත ඡායරුපයම මෑතක දී හුවමාරු කරගෙන තිබු අතර එහි FATIMA RETREAT HOUSE නමැති නාම පුවරුවක ඡායාරූපයක දක්වා තිබුණේ “මේ සිංහලයාගේ අවසාන නව වසර විය හැකිය…. අනතුර දැක්කනම් දෙපාරක් නොහිතා ශෙයා කරයි” යනුවෙනි.

FATIMA RETREAT HOUSE නමැති නාම පුවරුවේ ඡායාරූපයේ පිළිවෙලින් සිංහල භාෂාවෙන්ද, දෙවනුව ඉංග්‍රීසි භාෂාවෙන්ද, තෙවනුවට දමිළ භාෂාවෙන් ද සටහන් කර තිබෙනු දැක ගන්නට ලැබුණා.

එහි සිංහල බසින් දක්වා තිබුණේ, “ෆාතිමා භාවනා මධ්‍යස්ථානය” යනුවෙනි. දෙමළ බසින් දක්වා තිබුනේ “பாத்திமா தியான இல்லம்” එනම් සිංහලෙන් “ෆාතිමා භාවනා මන්දිරය” යන්නයි

“ෆාතිමා භාවනා මධ්‍යස්ථානය” යනුවෙන් සඳහන් කර තිබීම හේතුවෙන්, එය බොහෝදුරට මුස්ලිම් කාන්තාවකගේ නමක් හා සමාන බැවින් මෙම සටහන හුවමාරු කර ගෙන තිබු පිරිස බොහෝදුරට අදහස් කර ඇත්තේ මෙය මුස්ලිම් භක්තිකයින්ගේ භාවනා මධ්‍යස්ථානයක් බව පෙන්වීමටයි.

කෙසේවෙතත් මෑතක දී මෙම සටහන් සඳහා ප්‍රතිචාර දැක්වූ බොහෝ මෙය නොමඟ යවන සුළු කෝණයකින් පළකර තිබු සටහනක් බව හඳුනාගෙන තිබුණා.

භාවනාව යනු එක් ආගමකට වෙන්කළ දෙයක් නොවන බවත් මෙම සටහන් හුවමාරු කරගන්නා පිරිස් හෙළා දකිමින් පළවූ ප්‍රතිචාර වල දැක ගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මේ ස්ථානය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට ‍පෙර Fatima නොහොත් ෆාතිමා යනු කුමන ආගමකට සම්බන්ධ කරුණක් දැයි විමසීමක් කළෙමු. Fatima යනු පෘතුගාලයේ ඇති නගරයකි. 1917 පළවන ලෝක යුද්ධය පවතින කාලයේදී ක්‍රිස්තුස් වහන්සේ ගේ මව වන මරියතුමී Fatima නගරයේදී ජීවමාන ලෙස ළමුන් තිදෙනෙකුට දර්ශනය වී තිබෙනවා.

කතෝලික සභාව මෙම සිදුවීම විශ්වාස කිරීමට සුදුසු කරුණක් (worthy of belief ) ලෙස සඳහන් කිරීම හේතුවෙන් මෙම සිදුවීම Our Lady of Fatima ලෙස හඳුන්වනු ලැබුවා. එය සිංහලයට පරිවර්තනය කළ විට ෆාතිමා අප ස්වාමී දූ (ෆාතිමා දේවමාතාව) ලෙසින් හඳුන්වනු ලබනවා.

මෙහි ෆාතිමා (Fatima) යනුවෙන් සඳහන් කරන්නේ පුද්ගල නාමයක් නොව නගරයක් බව ඒ අනුව පැහැදිලිය. ඇතැමුන් මෙය ෆැටිමා/ ෆතීමා යනුවෙන් ද හඳුන්වා තිබු අයුරු ද අපට ඉහත සටහනේ ප්‍රතිචාර අතර දැක ගන්නට ලැබුණා

Our Lady of Fatima පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Fátima නගරය පිළිබඳ විස්තරයක් මෙතනින්. 2019 වසරේ කුරුණෑගල ශුද්ධ වූ ෆාතිමා දේවමාතා දේවස්ථානයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය පිලිබඳ විස්තරයක් මෙතනින්

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුප අයත් ස්ථානය ලංකාවේ නුවර, ලේවැල්ලේ පිහිටි මෙම ෆාතිමා / ෆැටිමා භාවනා මධ්‍යස්ථානය (Fatima Retreat House) බව බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබුණා. සමාජ මාධ්‍ය සටහන් පිලිබඳ ව එහි සිටින පූජක පියතුමන්ගෙන් අප විමසීමක් කළා.

එතුමා සඳහන් කළේ, මෙය නුවර රදගුරු පදවියේ පිහිටි කතෝලික භාවනා මධ්‍යස්ථානයක් බවයි. නුවර රදගුරු පදවියේ වෙබ් අඩවියේ මෙම ස්ථානයේ පසුගිය දා පැවති දේව මෙහෙයක් පිළිබඳ වාර්තාවක් මෙලෙසින්. Chrism Mass Held @ Fatima Retreat House Lewella 29.03.2021

අධ්‍යාත්මික කේන්ද්‍රයක් ලෙස දිගු ඉතිහාසයක් ඇති මෙම ස්ථානයේ ප්‍රධාන අරමුණ භාවනා වැඩසටහන් මෙහෙය වීම බව අපට දැනගන්නට ලැබුණා. Fatima ලෙසින් කෙටිකර නාම පුවරුවේ සඳහන් කර තිබීම හේතුවෙන් මීට පෙර සිටම එම ප්‍රදේශය හරහා ගමන් කරන ජනතාව පවා මෙම කතෝලික භාවනා මධ්‍යස්ථානය, මුස්ලිම් භාවනා මධ්‍යස්ථානයක් ලෙස වැරදි අර්ථකතනයක් ලබාගෙන තිබු බව ද එතුමා අපට පවසා සිටියා.

එමෙන්ම ජනතාව නොමග යෑම වළක්වා ලීම සඳහා මෙම භාවනා ස්ථානය කතෝලික භාවනා ස්ථානයක් ලෙස ජනතාව දැනුවත් කිරීමට මෙම නාමපුවරුවේ පිටුපස කුරුස සළකුණ ප්‍රදර්ශනය කිරීමට තමන් පියවර ගත් බව එම භාවනා මධ්‍යස්ථානයේ හිටපු පූජකතුමන් සමඟ සිදුකළ සාකච්ඡාවේ දී අපට දැනගන්නට ලැබුණා.

කතෝලික පියතුමන්ලා බොහෝදුරට මෙහි පැමිණ භාවනා කටයුතු වල නිරත වන බවත් ඊට අමතරව කතෝලික භක්තියකයන් ද මෙහි විටින් විට පැමිණෙන අතර ආගම් භේදයකින් තොරව ප්‍රදේශවාසී සියලු පිරිස් වෙත ද විටින් විට එහි පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් එතුමන් ගෙන් අපට දැන ගන්නට ලැබුණි.

දැනට වසර ගණනාවක් තිස්සේ මෙහි වැඩසටහන් මෙහෙයවන අතර මෙහි මාර්ගයේ අනෙක් පස ඇත්තේ ධම්ම විවේකාරාමය නම් බෞද්ධ ආරාමයක් වන අතර ඔවුන් සමඟ ඉතා සුහද ව කටයුතු කරන බවද පවසා සිටියා. ධම්ම විවේකාරාමය සමඟ කටයුතු කර තිබු මෙහෙණින් වහන්සේ නමක් සමඟ විමසීමේ දී ද එම තොරතුරු තහවුරු කර සිටියා.

මෙම භවනා මධ්‍යස්ථානයේ විවිධ ආයතන මඟින් වැඩමුළු පවත්වා තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණි. Centre for Communication Training | Human Rights Office, Kandy

වර්තමානයේ කුරුස ලකුණ නාම පුවරුවේ පිටුපස දක්වා ඇති අයුරු පහතින්.

නමුත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ කුරුස ලකුණ ඇතුළත් කර ඇති නාමපුවරුව නොව පැරණි නාම පුවරුව ඇතුළත් සටහනයි.

2018 අප්‍රේල් මාසයේ ඉහත මුල් සටහන් හුවමාරු වී තිබු බැවින් එම අවධියේ දී මෙම කුරුසය තිබුනේ ද යන්න විමසීමේ දී අපට දැනගන්නට ලැබුනේ එය ඉන්පසුව ඉදිකරන ලද්දක් බවයි.

නුවර, ලේවැල්ල පිහිටි මෙම Fatima භාවනා මධ්‍යස්ථානය Google Map ඔස්සේ දක්වා ඇති අයුරුයි මේ. මෙම ස්ථානය කුරුස ලකුණක්ද සමගින් එහි ද පිළිබිඹු කර තිබේ.

එහි 2020 ජනවාරි මාසයේ ලබාගන්නා ලද Google Street View ඡායාරුපයක ද මෙම කුරුස ලකුණ මෙසේ දක්වා තිබුණි

Google Maps

ඒ අනුව තහවුරු වන්නේ මෙම භාවනා මධ්‍යස්ථානය කතෝලක භාවනා මධ්‍යස්ථානයක් බවත් එහි ඇති නාම පුවරුවේ “Our Lady of Fatima” නැතහොත් “ෆාතිමා අප ස්වාමී දූගේ” යන්න සම්පූර්යෙන්ම දක්වා නොතීබ හේතුවෙන් කතෝලික නොවන බොහෝ ජන කොටස් මේ සම්බන්ධයෙන් වැරදි අර්ථකතනයක් ගෙන ඇති බවයි.

ලොව බොහෝ රටවල ද මෙවැනි Fatima Retreat House යනුවෙන් කතෝලික භාවනා මධ්‍යස්ථාන තිබෙන බව අපට දැක ගන්නට ලැබුණා.

Our Lady of Fatima Retreat House - Indianapolis, IN, United States

FATIMA RETREAT HOUSE – Mangaluru, Karnataka, India

Also Read: Fact Check: චෛත්‍යක අනුරුවක් කපා උත්සවයක් සැමරූ අවස්ථාවක් ද?

Conclusion (අවසාන නිගමනය):

මේ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉහත ෆේස්බුක් සටහන, ජාතීන් අතර අසමගිය ඇතිකරන ආකාරයට නිසි කරුණු පිළිබඳව අවබෝධයකින් තොරව පළවූ නොමඟ යවන සුළු කෝණයකින් පළවූ සටහනක් බවයි.

ෆාතිමා දේවමාතාවගේ නමින් ඇරඹි අධ්‍යාත්මික කේන්ද්‍රයක් ලෙස දිගු ඉතිහාසයක් ඇති නුවර , ලේවැල්ල ප්‍රදේශයේ පිහිටි ෆාතිමා භාවනා මධ්‍යස්ථානය (Fatima Retreat House) යනු කතෝලික ආගමට අයත් භාවනා මධ්‍යස්ථානයකි. ලොව බොහෝ ප්‍රදේශවල මේ නමින් කතෝලික භාවනා මධ්‍යස්ථානා පිහිටුවා තිබෙනවා.

ෆාතිමා (Fátima) පෘතුගාලයේ නගරයක් වන අතර මීට සියවසකට ඉහත දී එහි සිදුවීමකින් පසුව Our Lady of Fatima (ෆාතිමා දේවමාතාව) හැඳින්වීමට පටන් ගෙන තිබේ. මෙම භාවනා මධ්‍යස්ථානය එම ෆාතිමා දේවමාතාවගේ නම මුල් කරගෙන ඇතිවූවක්.

කෙසේවෙතත් Our Lady of Fatima වෙනුවට කෙටියෙන් Fatima යන්න පමණක් සඳහන් වීම හේතුවෙන් කතෝලික නොවන ජනතාව මේ පිලිබඳ අනවබෝධය නිසා, ෆාතිමා නම හේතුවෙන් මුස්ලිම් භාවනා මධ්‍යස්ථානයක් ලෙස අදහස් කරමින්, ඉහත සටහන් බොහෝ ලෙස හුවමාරු කරගෙන තිබුණි. මෙය කතෝලික භාවනා මධ්‍යස්ථානයක් බව පෙන්වීමට එහි නාම පුවරුව පිටුපසින් පසුකාලීනව කුරුසයක් පිහිටුවා තිබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ෆාතිමා භාවනා මධ්‍යස්ථානයේ ඇත්ත විස්තරය කුමක්ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News