ජනපතිගේ අවුරුදු කෑම මේසයේ මුං කැවුම් තිබුනේ නැත්ද?

Update: 2021-04-15 16:36 GMT

කාලීන සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශාපාලන චරිත අලලා විව්ධාකරයේ ව්‍යාජ සටහන් උපහාසාත්මක කෝණයකින් පළවෙනු අපට දැකගන්නට ලැබෙනවා. බොහෝවිට මෙම සටහන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අළලා පළවෙන අතර අප සිදුකල එවැනි කරුණු විමර්ෂණයක් මෙතනින්.

මේ ආකාරයෙන්ම උපහාසාත්මක කෝණයකින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා පළවූ සටහනකින් දක්වා තිබුනේ එතුමාගේ අවුරුදු කෑම මේසයට මුං කැවුම් තියන්න එපා යනුවෙන් ආරක්ෂක අංශ වලට නියෝග කර තිබු බවයි. අප ඒ පිලිබඳ සිදුකළ කරුණු දැක්වීම පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

SRI JUDGE නම් ෆේස්බුක් පිටුවක “ජනපති අණින් කෑම මේසයේ මුං කැවුම් නවතී... ආං ඒ සරළ කමට තමයි හැටනම ලක්ෂයක් අපි ආදරේ ගෝටාබය මහත්තයෝ” යන තේමාවෙන් පළවූ සටහනක ජනපති සිය බිරිඳ සමඟ අවුරුදු කෑම මේසයේ සිටින ඡායාරුපයක් දක්වා තිබුණා.

එහි දැක්වුණේ පහත පරිදි සටහනක්.

“මුං ඇට, වස පොල් තෙල් මිල වැසි නිසා එතුමගේ අවුරුදු කෑම මේසෙටත් මුං කැවුම් තියන්න එපා කියල ආරක්ෂක අංශ වලට නියෝග කරලා....ඒ තමයි අපේ සරල ජනපති.”

Facebook | Archived Facebook

උපහාසාත්මක කෝණයකින් හුවමාරු කරගෙන තිබු මෙම සටහන් වෙනත් ෆේස්බුක් පිටු කිහිපයක් විසින්ම හුවමාරු කරගෙන තිබෙන අයුරු ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

කරුණු පරීක්ෂාව:

ජනපති විසින් මිරිහානේ පිහිටි සිය නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සම්බන්ධයෙන් පලවී තිබු පුවත් පරීක්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුනේ එම අවුරුදු මේසයේ මුං කැවුම් ද ඇතුළුව කොන්ඩ කැවුම්, කොකිස්, ආස්මි යනාදී කැවිලි කිහිපයක් තිබු බවයි.

ජනපති මාධ්‍ය ඒකකය විසින් මේ සම්බන්ධයෙන් පළකර තිබු ඡායාරුප අතර පහත අවුරුදු මේසයේ ඡායාරුපය ද දැක ගන්නට ලැබුණා.

ඉතාම සරලයි.. ජනාධිපති අවුරුදු චාරිත‍්‍ර ඉටු කල හැටි මෙන්න…යනුවෙන් LankaCnews පළකර වර්තාවක ද එම ඡායාරුප පෙළ මෙසේ දැක ගන්නට ලැබුණා. එම අවස්ථාවේ ඡායාරුප එකතුවක් ගොසිප් ලංකා වෙබ් අඩවියේ පළවී තිබුනේ මෙලෙසින්

එම ඡායාරුප ඇතුළත් වීඩියෝවක් මෙතනින්. එහි ද එම දර්ශන දැක ගන්නට ලැබෙනවා අතර අවුරුදු මෙසේය මුං කැවුම් ද තිබෙන බව පෙනී යනවා.

ජනපති මාධ්‍ය ඒකකය මේ සම්බන්ධයෙන් පවසා සිටියේ මෙම සටහන් උපහාසාත්මක කෝණයෙන් පළකර තිබු සටහන් බවයි.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව ජනපති විසින් ඔහුගේ අවුරුදු කෑම මේසෙටත් මුං කැවුම් තියන්න එපා කියල ආරක්ෂක අංශ වලට නියෝග කර තිබු බව දක්වමින් පළකර තිබුනේ උපහාසාත්මක සටහන් පෙළක් බව පෙනී යනවා. ජනපතිගේ අවුරුදු කෑම මේසයේ මුං කැවුම් ද ඇතුළුව කැවිලි වර්ග කිහිපයක් තිබු බව දැකගන්නට ලැබෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජනපතිගේ අවුරුදු කෑම මේසයේ මුං කැවුම් තිබුනේ නැත්ද?

Fact Check By: Sahan Perera

Result: Satire

Tags:    

Similar News