FACT CHECK: 2018 වසරේ සැත්කමක් සඳහා ආධාර ඉල්ලමින් පළවූ සටහනක්, නැවතත් මේ දිනවල හුවමාරු වූ අවස්ථාවක්!

Update: 2021-04-21 13:50 GMT

යම් කිසි පුවතක්, සිදුවීමක් එසැනින් සංසරණය වන තෝතැන්නක් ලෙස සමාජ මාධ්‍යය හැඳින්විය හැක. ඒ හේතුවෙන් ඕනෑම උපකාරයක් අවැසි මොහොතක වුවද ඒ පිළිබඳව දැනුම් දීමක් සමාජ මාධ්‍ය හරහා සිදු කළ විට සිය දහස් ගණනින් මිනිසුන් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වනවා අපට සුලබව දකින්නට පුළුවන්.

එම අවශ්‍යතාව අවසන් වූ පසුවත් නැවත නැවතත් එම උපකාරය ඉල්ලා පළ වූ සටහන් නොයෙකුත් ෆේස්බුක් පිටු මගින් හුවමාරු කරගැනීම හේතුවෙන් ඇතැම් ජනතාව නොමග යනවා අපට දැකගන්නට පුළුවන්. එවන් සටහනක් පිළිබඳව කළ ඉල්ලීමකට අනුව අප කළ විමර්ශනය පහතින් දක්වා තිබේ.

සමාජ මාධ්‍ය සටහන් :

Thisuri Yuwanika යන ෆේස්බුක් පිටුවේ පළ වූ සටහනින් මෙලෙස දක්වා තිබුණා.

“තව දවස් 6යි ලක්ෂ 43.5 හොයාගන්න ඕන වැඳලා ඉල්ලන්නම් share කරලා ඉක්මනින් උදව් කරන්න.. පුංචි පැටියට ගොඩක් අමාරුයි.. අද තියෙන සල්ලි හෙට නැති වෙයි මේ පැටියට ජීවිතය දෙන්න පුංචි මුඳලක් ඉක්මනින් දෙන්න... රත්තරනේ අපට සමාවෙලා ටිකක් ඉවසන්න..ඔයාව සනීප කරගන්න නැන්දලා මාමිලා ඉක්මනින් පිහිටවෙයි..ඔයාට උතුම් දළදා සමිඳු පිහිටයි..

අක්මා බද්ධ කීරීමේ සැත්කම සඳහා ලක්ෂ 80 සම්පූර්ණ කිරීමට තව ලක්ෂ 43.5ක් අවශ්‍යයි.. පුළුවන් විදිහට පිහිට වෙන්න ඉක්මනින්

R.M.SW රත්නායක,

කොමර්ෂල් බැංකු ශාඛාව' (කුරුණෑගල-016)

ගිනුම් අංක: 8001769513

දුරකථන :0771621746

පියා: 0714834265

(2018/10/31)

https://www.facebook.com/srilalpadmakumara2/”

Facebook | Archived Link

2018 වර්ෂයේ ඉහත ෆේස්බුක් පිටුවට එක් කළ මෙම සටහන පසුගිය දින කිහිපයේ විශාල වශයෙන් හුවමාරු වී තිබු අතර මේ වන විට 100,000කට ආසන්න පරිශිලකයින් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගෙන තිබුණා.

එලෙස මෑතකදී හුවමාරු වූ සටහන් පහතින් දක්වා තිබේ.

ඒ අනුව පෙනී යන්නේ මේ දිනවල ද නැවත නැවතත් මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම දරුවාට අක්මාව බද්ධ කිරීම සඳහා සිදු කළ යුතු සැත්කමට මූල්‍යමය උපකාර ලබා ගැනීම සඳහා Kind Hearts For Children- සුවඳ කැකුලු යන ෆේස්බුක් පිටුව හරහා එම වකවානුවෙදී එනම් 2018 වසරේදී විටින් විට සටහන් ගෙනෙමින් ජනතාව දැනුවත් කිරීමට පියවර අරගෙන තිබෙනු අප කළ නිරීක්ෂණයේදී දක්නට ලැබුණා. ඉහත Thisuri Yuwanika විසින් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ මෙහි සටහනකි.

Facebook | Archived Link

මෙහි සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම සඳහා මෙම සටහනේ දක්වා ඇති දුරකතන අංකවලට ඇමතුම් ලබා ගැනීමේදී අපට දැනගැනීමට හැකි වූයේ ඉතා කණගාටු දායක පුවතක්, එනම් අක්මා බද්ධ කීරීමේ සැත්කමට මුහුණ දුන් මෙම දරුවා මේ වන විට මිය ගොස් ඇති බවයි. මෙම දරුවාගේ පියා පවසා සිටියේ Kind Hearts For Children- සුවඳ කැකුලු නම් ෆේස්බුක් පිටුව හරහා කළ දැනුවත් කිරීමෙන් මුදල් එකතු වූ බවත් අක්මා බද්ධ සැත්කම සාර්ථකව ඉන්දියාවේ දී සිදුවූ නමුත් ඇති වූ වෙනත් රෝගාබාධ හේතුවෙන් එම දරුවා මීට අවුරුදු 2 කට පමණ පෙර මිය ගිය බවයි.

ඔහු තවදුරටත් පවසා සිටියේ මුදල් පරිත්‍යාගයන් සඳහා විවෘත කර තිබූ බැංකු ගිණුම්ද අවලංගු කර ඇති අතර තමන්ගේ දුරකතන අංක පමණක් මේ වන විට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවයි. මෙම දරුවා වෙනුවෙන් මූල්‍යම පරිත්‍යාග ඉදිරිපත් කිරීම සඳහන් සටහන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලීමක් කළා.

Also Read:

FACT CHECK : ඉක්මන් සුව පතා පල කර ඇති මෙම ඡායාරූපයේ පෙන්වන දැරිය මීට වසර 3කට ඉහතදී මෙලොවින් සමුගත්තා!

Fact Check: පාස්කු ප්‍රහාරයේ බෝම්බ අත්දැකීමට මුහුණ දුන් දරුවෙක්?

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව පැහැදිලි වන්නේ අක්මා බද්ධ කිරීම සඳහා මූල්‍යම පරිත්‍යාගයක් සිදු කරන ලෙස කාරුණික ඉල්ලීමක් සිදුකරමින් හුවමාරු වන ඉහත සඳහන් සටහන 2018 වර්ෂයේ සත්‍ය වශයෙන්ම කුඩා දරුවෙකුගේ ශල්‍යකර්මයක් සඳහා අවශ්‍ය මුදල් එකතු කරගැනීම සඳහා පළවූ සටහන් වලින් එකක් බවයි.

කෙසේවෙතත් එම ශල්‍යකර්මය සාර්ථකව සිදුවූ නමුත් ඇති වූ වෙනත් රෝගාබාධ හේතුවෙන් එම දරුවා මීට අවුරුදු 2 කට පමණ පෙර මේ දරුවා ජීවිතක්ෂයට පත් වී ඇත. මේ පිලිබඳ නොදැනුවත්ව, කරුණු සොයා බැලීමකින් තොරව, වර්තමානයේ සිදුකිරීමට නියමිත ශල්‍යකර්මයක් සඳහා ආධාර එකතු කිරීමක් ලෙස සලකා බොහෝ පිරිස් පසුගිය දින කිහිපයේ මෙම සටහන් හුවමාරු කරගෙන තිබු බව ද පෙනී යනවා.

මේ හේතුවෙන් දරුවාගේ පවුලේ සාමාජිකයින්ද අපහසුතාවයට පත්ව තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:2018 වසරේ සැත්කමක් සඳහා ආධාර ඉල්ලමින් පළවූ සටහනක්, නැවතත් මේ දිනවල හුවමාරු වූ අවස්ථාවක්!

Fact Check By: Sara Gunaratne

Result: Missing Context

Tags:    

Similar News