FACT CHECK: පෝස්ටර් සහ බැනර් මුද්‍රණ කටයුතු සඳහා ජ.වි.පෙ ලක්ෂ 91ක් ගෙවූ බවට බිල්පතක්?

Update: 2021-04-22 14:23 GMT

කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් පුවත් මවමින් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කරනවා අපට සුලබව දැකගත හැකි කරුණක්. මේ පිලිබඳ අප සිදුකල කරුණු අනාවරණ කිහිපයක් මෙතනින්.

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගත වූ මොහොතෙත් වරදකරුවන් නීතිය ඉදිරියට නොගෙනීම හේතුවෙන් ඒ සඳහා රට පුරා ප්‍රචාරය වුණු පෝස්ටර් අළලා මෙවර ද ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය උණුසුම් වී තිබුණා. ඒ අධික මුදලක් වියදම් කරමින් රටපුරා පෝස්ටර් සහ බැනර් මුද්‍රණය කළ බවට මුද්‍රණාලයක ඉන්වොයිසිය ඉදිරිපත් කරමිනි. මෙම බිල්පතේ සත්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

Charith Nishakar නමැත්තෙක් සඳහන් කර තිබුණේ,

කෝ මේ පහුගිය දවස්වල හිටපු පරිසර ප්‍රේමී.. ජෙප්පො ටික ......... යකො පෝස්ටර් ලක්ෂ 5ක්..බැනර් 1000ක්.....

Ready cash වලට... ලක්ෂ 91ක පෝස්ටර් ගහන්ඩ සල්ලි කොහෙන්ද කියන එක ගැන කතා නොකර ඉම්මු

මුද්‍රණය කර ඇති පෝස්ටර් ලෙස එහි දැක්වෙන්නේ, “පාස්කු ප්‍රහාරයට වසර 02 යි, මහ මොළකරුවන් නිදැල්ලේ! යුක්තිය ඉටු කරනු!” යන තේමාවෙන් සිංහල සහ දෙමල බසින් ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කර තිබු පෝස්ටර්ය. TDL Printers නම් මුද්‍රණ ආයතනයක් විසින් එම මුද්‍රණ කටයුතු සිදුකිරීම වෙනුවෙන් මෙම බිල්පත නිකුත් කර තිබු බවක් දක්වා තිබුනා.

මෙහි දැක්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යයේ උපුල් රන්ජන් මහතා වෙත නිකුත් කළ බවට හැඟවෙන් ඉන්වොයිසයකි. මුද්‍රණය කරන ලද පෝස්ටර් සඳහා ලක්ෂ 91කට වැඩි මුදලක් වැය වී ඇති බවත් එම මුදල් ගෙවා තිබෙන බවත් මෙයින් පෙන්නුම් කර තිබේ.

එම වියදමෙන් ලක්ෂ 60ක් පමණ පෝස්ටර් මුද්‍රණය සඳහා ද ඉතිරි මිලියන 3ක මුදල බැනර් සඳහා ද වැයවී තිබෙන බව එහි පෙන්නුම් කෙරෙනවා.

එම සටහන පහතින්

Facebook | Archived Link

මේ ආකාරයේ සටහන් රැසක් හුවමාරු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

Sadali Anutthara Rajapahksha II යන ෆේස්බුක් ගිණුමේ දැක්වුණේ,

“අපි ලක්ෂ 90ක පෝස්ටර ගැහුවෙ චිත්‍රාංගනී නෝනට ගේ හදන්න එකතු කළ සල්ලි වලින්. කාටවත් ප්‍රශ්න තියෙනන විදියක නෑ අපි එකතු කරන මුදල් , අපි වියදම කරන විදිය ගැන” යනුවෙන්.

Facebook | Archived Link Facebook

මෙහි සඳහන් වන්නේ ලාල්කාන්ත මහතා විසින් මෙලෙස පවසා ඇති බවයි. මේ ආකාරයට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මේ කරුණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවට මෙවැනි සටහන් පළවී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

“පාස්කු ප්‍රහාරයට වසර 02 යි, මහ මොළකරුවන් නිදැල්ලේ! යුක්තිය ඉටු කරනු! - ජනතා විමුක්ති පෙරමුණ” යන තේමාවෙන් කළු පැහැති පසුබිමක සුදු අකුරින් සිංහල සහ දෙමළ භාෂාවලින් නිර්මාණය කර තිබු පෝස්ටර් සටහන් ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆෙස්බුක් ගිණුමේ පෙන්වා දී තිබුනේ මෙලෙසින්. Sinhala | Tamil

මෙම පෝස්ටර් අළලා අලලා නොයෙකුත් ආකාරයේ උපහාසාත්මක සටහන් ද නිර්මාණය වී තිබුණා.

TDL Printers මුද්‍රණාල ආයතනය

මේ පිළිබඳව අප එම ඉන්වොයිසියේ දක්වා තිබු TDL Printers මුද්‍රණාල ආයතනයෙන් මුලින්ම විමසීමක් සිදුකර සිටියා.

එහිදි එහි අයිතිකරු අපට පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ, කලකට පෙර තම ආයතනය හරහා පෝස්ටර් මුද්‍රණය කර ඇති බවත් බොහෝ කලක සිට එසේ පෝස්ටර් මුද්‍රණය කිරීම නවතා ඇති බවත්ය. එසේම මෙම සමාජ මාධ්‍යවල දැක්වෙන පරිදි පෝස්ටර් ඔහුගේ මුද්‍රණාලයෙන් නිකුත් කර තිබුනේ ද නැති බව එතුමා තහවුරු කර සිටියා.

එසේම එම සටහනේ දක්වා තිබෙන ඉන්වොයිසිය තමා දැන් හෝ මීට පෙර අවධියක දී භාවිතා කරන ලද ඉන්වොයිසියක් නොවන බවත් TDL Printers ආකෘතියට හාත්පසින්ම වෙනස් බවත් එතුමා පවසා සිටියා. තවද සිය ආයතනය භාවිතා කරන නිල ඉන්වොයිසියක් අප වෙත යොමු කළා.

අසත්‍ය කරුණු ප්‍රචාරණය සඳහා එම බිල්පත අවභාවිත කළ හැකි බැවින් එහි ආකෘතිය මෙම වාර්තාවේ පළ නොකරන ලෙස ඉල්ලීමක් ද කළ බැවින් එය මෙහි පළ නොකිරීමට අප තීරණය කළා.

ඔවුන්ගේ ඉල්ලීම පරිදි එම ඡායාරූපය පළ නොකළත් තොරතුරු තහවුරු කර ගැනීමට ලබාගත් එම බිල්පත Factcrescendo Sri Lanka අප සතුව තිබෙනවා.

එම බිලපත හා සමාජ මාධ්‍යයේ හුවමාරු වූ බිල්පත සමඟ සැසදීමේදී සැබෑ බිල්පත හා සංස්කරණය කළ බිල්පත අතර විශාල වෙනසක් තිබුණා. වර්ණක අඩංගු බිල්පත වෙනුවට සත්‍ය බිල්පතේ තිබුණේ, කළු සුදු වර්ණයයි. එසේම එය පරීක්ෂා කිරීමේ දී එහි ලෝගෝව ද සමාජ මාධ්‍ය සටහන් වල හුවමාරු වන ලෝගෝව ද නොවන බවත් පෙනී ගියා.

සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු ඉන්වොයිසියේ ලෝගෝව පරීක්ෂා කිරීමේදී එය අන්තර්ජාලයේ බොහෝ ලෙස යොදාගන්නා ලෝගෝවක් ආශ්‍රිතව නිර්මාණය වී තිබු බව පෙනී ගියා.

Adobe Stock | flor-amazonas.blogspot.ca

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන්:

මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී දැකගන්නට ලැබුණේ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ පහත සටහන දක්වා තිබුණි.

“නන්දසේන මඩ බලකායේ තවත් මඩක් සූදානම්. බලාපොරොත්තුවෙන් සිටින්න !!

"පාස්කු ප්‍රහාරයට වසර දෙකයි.

මහ මොළකරුවන් නිදැල්ලේ.

යුක්තිය ඉටුකරනු."

පාස්කු ප්‍රහාරය ගැන ඊයේ(21) රට පුරා අලවන ලද මෙම පෝස්ටරයට ආණ්ඩුව බිය වී ඇති තරම දැන් කවුරුත් දනිති. මේ වන විට මෙම පෝස්ටරය සම්බන්ධයෙන් නන්දසේන මඩ බලකාය විසින් තවත් මඩක් නිර්මාණය කරමින් තිබේ.

ව්‍යාජ ඉන්වොයිසියක් නිර්මාණය කර සමාජ ජාලවලට මුදා හැරීමට මඩ බලකායේ කුලීකරුවන්ට ඉහළින්ම උපදෙස් ලැබී ඇත. දැන් ඒ කටයුත්ත කෙරෙමින් තිබේ. තව ටික වෙලාවකින් ඔවුන්ගේ ගිණුම් හරහා මේ පෝස්ටුව එළියට එනු ඇත.

වැදගත් දෙයක්..

මේ වන විට මඩ බලකායේ සිටින අය අතරින්ම මේ තොරතුරු අපටත් ලීක් කරන අය බිහිවී තිබේ. ”

බිමල් රත්නායක මහතා ද ව්‍යාජ බිල්පතක් බව දක්වමින් සටහනක් පළකර තිබුණා. එම සටහන් පහතින්

Facebook | Archived Link

ජ.වි.පෙ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රන්ජන් මහතාගෙන් ද අප මේ පිලිබඳ විමසා සිටි අතර පවසා සිටියේ මෙය සම්පුර්ණයෙන් ම ව්‍යාජ මඩ ප්‍රචාරයක් බවත් වර්තමානයේ හෝ මීට පෙර හෝ මෙවැනි පෝස්ටර් නිර්මාණය කිරීම් සඳහා කුමන හෝ ආයතනයක් විසින් ඉන්වොයිසියක් ලබාදීමේ දී හෝ එය තමාගේ නමට කිසිවිටෙකත් නිකුත් කරන්නේ නැති බවත් පවසා සිටියා.

එසේම පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගත වූ මොහොතෙත් වරදකරුවන් නීතිය ඉදිරියට නොගෙනීම සම්බන්ධයෙන් පෝස්ටර් මුද්‍රණ කටයුතු සිදු කලේ වෙනත් (TDL Printers නොවන) මුද්‍රණ ආයතනයකින් බවත් පවසා සිටියා.

තවද ජනතා විමුක්ති පෙරමුණේ බැනර් මුද්‍රණ කටයුතු බොහෝ විට පක්ෂයේ සහෝදරවරුන් හරහා සිදුවන බවද ඔහු පවසා සිටියා.

තවද පෝස්ටර් සහ බැනර් මුද්‍රණය සඳහා වැයවූවා යැයි සඳහන් ලක්ෂ 90ක මුදලක් සම්බන්ධයෙන් හා චිත්‍රාංගනී විජේවීර මහත්මිය සම්බන්ධයෙන් පළවී තිබු සටහන් පිළිබඳව ද අප ජ.වි.පෙ මාධ්‍ය ඒකකයෙන් විමසා සිටි අතර මේවා සම්පුර්ණයෙන්ම අසත්‍ය මඩ ප්‍රචාර බව පවසා සිටියා. ප්‍රධාන මාධ්‍ය හරහා ලාල් කාන්ත මහතා හෝ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එබඳු ප්‍රකාශයක් සිදුකර තිබු බවක් දැක ගන්නට ලැබුනේ ද නැහැ.

සැ.යු : අපගේ මෙම කරුණු විමර්ෂණය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු බිල්පතේ සත්‍ය/ අසත්‍යතාවය පිළිබඳව පමණක් සිදුවී ඇති බව කරුණාවෙන් සලකන්න.

Update:

මේ පිළිබඳව මුද්‍රණය කර තිබු පෝස්ටරයේ තිබු කුඩා අකුරෙන් මුද්‍රණය කර ඇති අකුරුවල ඉම්ප්‍රින්ට් (imprint) සඳහන් කර තිබු “ටී.ඩී.එල් ප්‍රින්ටර්ස් හි මුද්‍රණය කරවන ලදී” යන්න කොටස සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ බිල්පත සමඟ පෙන්වමින් හුවමාරු වී තිබු මෙවැනි සටහන් වලින් විමසා තිබුනේ TDL Printers ආයතනය විසින් මෙම පෝස්ටරය ඇත්ත වශයෙන්ම මුද්‍රණය නොකරන ලද්දේ නම් එහි ඔවුන්ගේ නම සඳහන් වන්නේ කුමන හේතුවක් නිසා ද යන්නයි. කිහිප දෙනෙකුම මේ පිළිබඳව අපගෙන් ද විමසීම් කර තිබුණා.

මේ පිලිබඳ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය අංශයෙන් සිදුකළ විමසීමේදී පවසා සිටියේ නීතිමය කරුණු මත මෙසේ ඉම්ප්‍රින්ට් (imprint) පෝස්ටරවල සඳහන් කරන බවත් ටී.ඩී.එල් ප්‍රින්ටර්ස් කාලයක් තිස්සේ මුද්‍රණ කටයුතු සඳහා ජනතා විමුක්ති පෙරමුණ සමඟ ලියාපදිංචි වී තිබූ හෙයින් ඉම්ප්‍රින්ට් කොටස සඳහා ඔවුන්ගේ නම දිගටම යොදාගෙන

තිබු බවයි.

මේ පිලිබඳ අප නැවත වරක් TDL Printers ආයතනයේ හිමිකරුගෙන් ද විමසා සිටියදී ඉහත පෝස්ටරයේ මුද්‍රණ කටයුතු හෝ ජ.වි.පෙ කිසිඳු මුද්‍රණ කටයුත්තක් තමා විසින් මෑතක දී සිදුකර නොමැති බව තවදුරටත් පවසා සිටියා. එසේම ව්‍යාජ ඉන්වොයිසියක් තමාගේ ආයතනයේ බිල්පතක් බව පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් වලට විරුද්ධව පොලිස් පැමිණිල්ලක් දැමීමට අදහස් කරන බවද පවසා සිටියා. එම පැමිණිල්ලේ පිටපතක් අපට ලබාදෙන බව ද පවසා සිටි අතර ඉන්පසුව මෙය යාවත්කාලීන කිරීමට ද අදහස් කරන්නෙමු.

මේ අනුව මෙහි පාර්ශව කරුවන් දෙදෙනා වන ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම TDL Printers විසින් තවදුරටත් ඉහත මුද්‍රණ කටයුතු TDL Printers හරහා සිදු නොවූ බව තහවුරු කර සිටිනවා. කෙසේ වෙතත් ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු මත පදනම්ව මෙය ස්වාධීනව සත්‍යාපනය කළ හැකි කරුණක් නොවේ. (Cannot be independently verifiable based on publicly available information).

කෙසේවෙතත් අප නැවත වරක් සඳහන් කර සිටින්නේ මෙම කරුණු විමර්ශන සිදුකෙරුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු බිල්පතේ සත්‍ය/ අසත්‍යතාවය පිළිබඳව පමණක් වන අතර එහිදී එය ව්‍යාජ බිල්පතක් බව අප පෙන්වා දී තිබෙන බවයි (මෙම කොටස පසුව යාවත්කාලීන කරන ලදී)

Conclusion (අවසාන නිගමනය):

මේ අනුව පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දා පෝස්ටර් මුද්‍රණය සඳහා ලක්ෂ 90 ක පමණ මුදලක් වියදම් කළ බවට දැක්වෙන ඉන්වොයිසිය එම බිල්පතේ දැක්වෙන මුද්‍රණාලයට අයත් නොවන ලෝගෝවක් ද යොදාගනිමින් නිර්මාණය කරන ලද ව්‍යාජ බිල්පතක් බවයි.

එම ඉන්වොයිසියේ දැක්වෙන මුද්‍රණාලය හරහා දැනට ටික කාලයකට පෙර සිට ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් මුද්‍රණ කටයුතු සිදුකෙරෙන්නේ නොමැති අතර සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පෝස්ටර් නිර්මාණය කර තිබුනේ වෙනත් මුද්‍රණ ආයතනයක් හරහා බව ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම TDL Printers ආයතනය පවසා සිටිනවා.

කෙසේවෙතත් එම පෝස්ටර් වල ඉම්ප්‍රින්ට් කොටසේ TDL Printers හි මුද්‍රණය කරන ලද බව සඳහන් වන අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් පැහැදිලි කර සිටියේ නීතිමය අවශ්‍යතාවන් මත කාලයක් තිස්සේ යොදාගෙන තිබු එම මුද්‍රණ ආයතනයේ විස්තර මෙසේ යොදාගෙන තිබු බවයි. ව්‍යාජ ඉන්වොයිසිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව TDL Printer හිමිකරු ද අප සමඟ පවසා සිටියා. (මෙම කොටස පසුව යාවත්කාලීන කරන ලදී)

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පෝස්ටර් සහ බැනර් මුද්‍රණ කටයුතු සඳහා ජ.වි.පෙ ලක්ෂ 91ක් ගෙවූ බවට බිල්පතක්?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News