Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් නොමිලයේ PCR පරීක්ෂාවක්? කොවිඩ් එන්නතක්?

Update: 2021-05-02 03:19 GMT

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි සහන සංවිධානය වන "රතු තරුව" සංවිධානය අළලා බොහෝ අවස්ථාවල ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් සමාජ මාධ්‍ය හරහා පළවෙනවා. ඒ පිලිබඳ අප මීට පෙර සිදුකරන ලද විමර්ෂණ මෙතනින්.

එසේම නොමිලේ PCR පරීක්ෂාවක් සමඟ උණ, කැස්ස , හෙම්බිරිස්සාව ඇතුළු රෝග සඳහා ගමින් ගමට ගොස් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බෙහෙත් ලබාදෙන බවට ද පසුගිය දා හුවමාරු වී තිබුනේ පැරණි ඡායාරුපයක් යොදා ගනිමින් පලවූ ව්‍යාජ සටහනකි.

සමාජ මාධ්‍ය සටහන්:

"නොමිලේ pcr පරීක්ශාව සහ උණ කැස්ස හෙම්බිරිස්සාව සහ සියලුම ලෙඩ රෝග සදහා ගමින් ගමට ගොස් බෙහෙත් ලබා දීමට නොබියව ඉදිරිපත් වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාට පක්ශ භේදයකින් තොරව එම සේවාව අගය කරමු! ස්තුතියි! නලින්ද - 071 810 0605 #රතු_තරුව#නලින්ද_ජයතිස්ස" යන විස්තරය සමඟින් Nandana Jayasekara නම් ෆේස්බුක් ගිණුමක් විසින් හුවමාරු කරගෙන තිබු සටහනක් කෙටි කාලයක් ඇතුළත විශාල පිරිසක් අතර මෙසේ හුවමාරු වී තිබුණා.

Facebook | Archived

කිසිවෙකුත් මුඛ ආවරණයක් හෝ පැළඳ සිටින්නේ නැති ඡායාරුපයක් මෙම සටහන සඳහා යොදාගෙන තිබු බැවින් මෙය පැරණි ඡායාරුපයක් බව බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබුණද, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රෝගීන් පරීක්ෂා කරමින් බෙහෙත් ලබාදුන් අවස්ථාවක ඡායාරුපයක් බැවින් මෙවැනි කොවිඩ්19 ව්‍යාප්තිය සීග්‍රයෙන් සිදුවෙන අවස්ථාවක මෙය සත්‍ය සිදුවීමක් ලෙස සලකමින් බොහෝ දෙනා හුවමාරු කර ගෙන තිබු අයුරක් ද දැකගන්නට ලැබුණා.

Fact Check (කරුණු විමර්ෂණය)

ජනතා විමුක්ති පෙරමුණේ සහන සංවිධානය වන රතු තරුව සංවිධානය විසින් පසුගිය වසරවල සිදුකරන ලද වෛද්‍ය සායනයන් පිලිබඳ තොරතුරු පරීක්ෂා කිරීමේ දී අපට ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු ඡායරුපය ලබාගත් අවස්ථාවේ ඡායාරුප පෙළක් "රතු තරුව සහන සේවා බලකාය කොලොන්නාවේ පැවත් වූ වෛද්‍ය සායනය" යනුවෙන් 2016 වසරේ පළකර තිබෙනු දැක ගන්නට ලැබුණා. මෙම සායනය පවත්වා තිබුනේ අම අවධියේ ගංවතුරින් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන්.

එසේම වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ද ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා යොදාගත් ඡායරුපයේ මුල් ඡායාරුපය ද සමඟින් සටහනක් "රතු තරුව සහන සේවා බලකාය විසින් අද දිනයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවැත්වූ සෞඛ්‍ය සායනය....A Medical Camp held by 'RED STAR' JVP for flood victims of Wellampitiya area.." යන තේමාවෙන් පහත පරිදි 2016 වසරේ අප්‍රේල් මස පළවී තිබුණා.

https://www.facebook.com/DRnalinda/posts/1087165491325459?cft[0]=AZUQopuJS9iaEktw5BmyvUyDfhkB5eD3fHXeap1-7HypwnmjA7wF6Y2V8Ujk-otPXE3k7r_ySQp2z6yeo-hIhzgIp-wkj7HdofI5_HvSNxK6xPMSVqW5ZfHoNBQaRds6WQ1F01D4_I6IZBXelrQRtHVQ&tn=%2CO%2CP-R

Facebook (JVP) | Facebook (Dr Nalinda)

මේ පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ද අප විමසීමක් සිදුකළ පවසා සිටියේ මෙය සම්පුර්ණයෙන් ම අසත්‍ය පුවතක් බවත් මේ ආකාරයට පැරණි ඡායාරුපයක් යොදා ගනිමින් ව්‍යාජ සටහන් රටම ව්‍යසනයකට මුහුණ දී ඇති අවස්ථාවක් පලකිරීම තරයේම හෙළා දකින බවයි. මේ හේතුවෙන් බොහෝ අසරණ පිරිස් තමා වෙත දුරකථන ඇමතුම් ද ලබාදී තිබු බව තවදුරටත් අප සමඟ පවසා සිටියා.

Update :

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ජංගම දුරකථන අංකය සඳහන් කරමින් "CastroVac" නම් ව්‍යාජ එන්නතක් ලබාගැනීමට දින වෙන්කරගැනීමට එම දුරකථන අංකය අමතන ලෙසත් එය ජනතා විමුක්රති පෙරමුණේ සහන සංවිධානය වන රතු තරුව විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියක් බවත් දන්වමින් සටහන් ද හුවමාරු වී තිබුණා. එවැනි සටහනක් පහතින්.

Facebook | Archived

මෙය සම්පුර්ණයෙන්ම ව්‍යාජ සටහනක් බවත් තමාගේ දුරකථන අංකය යොදාගනිම්න් සිදුකරමින් සිටින ව්‍යාජ සටහන් වලින් පෙළේ තවත් එක් සටහනක් බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අපට පවසා සිටියා. රතු තරුව සහන සංවිධානයේ කිසිඳු එන්නත්කරණ වැඩපිළිවෙලක් ගැන සඳහන් වන්නේ ද නැහැ.

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ නොමිලේ PCR පරීක්ෂාවක් සමඟ උණ, කැස්ස , හෙම්බිරිස්සාව ඇතුළු රෝග සඳහා ගමින් ගමට ගොස් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බෙහෙත් ලබාදෙන බවට ද පසුගිය දා හුවමාරු වී තිබුනේ පැරණි ඡායාරුපයක් යොදා ගනිමින් පලවූ ව්‍යාජ සටහනක් බවයි.

2016 අප්‍රේල් මස රතු තරුව සහන සේවා බලකාය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගංවතුරින් පීඩා වූ පිරිස් වෙත පැවැත්වූ සෞඛ්‍ය සායනයකදී ලබාගත් ඡායාරුපයක් මෙම ව්‍යාජ සටහන් සඳහා භාවිතා කර තිබුණි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් නොමිලයේ PCR පරීක්ෂාවක්? කොවිඩ් එන්නතක්?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News