FACT CHECK: ඊශ්‍රායලය අපකීර්තියට පත්ක්කිරීමට බිම වැතිර සිදුකළ උද්ඝෝෂණයක්?

Update: 2021-05-24 06:07 GMT

මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සිදුවන යුධ ගැ‍ටුම් ලොව පුරා විශාල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙරට තුළ ද ගාසා තීරයේ ගැටුම් නැවත වරක් තීව්‍ර වීම පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමුව ඇති අතර ඊශ්‍රායල පලස්තීන ගැ‍ටුම් වල දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු හුවමාරු කරන ආකාරය ද දැකගනන්ට පුලුවන්.

මෙවන් පසුබිමක් තුළ, ජාත්‍යන්තර වේදිකාවේ දී ඊශ්‍රායලය අපකීර්තියට පත්කිරීමට බිම වැතිර සිටින පිරිසක් යන තේමාවෙන් වීඩියෝවක් බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා. එහි සත්‍යතාව සොයා අප සිදුකළ විමර්ෂණ පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“ජාත්‍යන්තර වේදිකාවේ ඊශ්‍රායලය අපකීර්තියට පත් කිරීමට බිම වැතිර සිටින මිනිසුන් හදිසියේම ඔවුන්ගේ සිරුරු හෙළිකරනු ලැබුවේ කූඹියෝ කන නිසා ය...!!” යන තේමාවෙන් වීඩියෝ පටයක් සුරන්ජිත් කමල්සිරි නම් අයෙකු ෆේස්බුක් වෙත එකතු කර තිබුනා.

https://vimeo.com/554117544

Facebook | Archived

මෙම වීඩියෝ පටයේ පුද්ගලයන් පිරිසක් සුදු පැහැති රෙදි ආවරණයකින් තම සිරුරු වසා සිටින අතර එහි ආරාබි අක්ෂාර වැනි අකුරු පෙළක් ද දැක ගන්නට ලැබෙනවා. වීඩියෝ පටය අවසානයේ මෙම සුදු රෙදිවලින් වසා ඇති පුද්ගලයෙකු එම රෙදි කඩ ඉවත් කරමින් කතා කරන ආකාරය පෙනෙන්නට තිබෙනවා.

මෙම වීඩියෝ පටය ෆේස්බුක් වෙත එකතු කල පුද්ගලයා මෙම වීඩියෝ පටය පලස්තීනය ප්‍රමුඛ හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලය අපහසුතාවයට ලක් කිරීමට කරන ලද වීඩියෝවක් බවට හැඟවෙන අදහසක් ලබා දී තිබුණා.

බොහෝ දෙනෙක් නරඹා තිබු මෙම වීඩියෝවේ සත්‍යතාවය පිලිබඳව කරුණු සොයා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම වීඩියෝ පටයේ කොටසක් ඡායාරුපයක් ලෙස ගෙන එය අප ගූගල්හි රිවර්ස් ඉමේජ් සෙවුම ඔස්සේ පරීක්ෂා කළේ මෙම වීඩියෝ පටය මින් ඉහත පළව තිබුනේ දැයි සොයා බැලීමටයි.

එහිදී 2013 වසරේ ඔක්තෝබර් මාසයේ මෙම වීඩියෝවම යූටූබ් වෙත යොමු කර ඇති අවස්ථාවක් අපට නිරීක්ෂණ වුණා.

https://youtu.be/bJhYaF-xxOo?t=8

YouTube

එම වීඩියෝවේ අරාබි බසින් පළ කරන ලද විස්තරයට අනුව එහි දැක්වෙන්නේ මුස්ලිම් නායක මොහොමඩ් මෝර්සි හමුදාව විසින් පෙරලා දැමීමෙන් පසුව ඊජිප්තු අගනුවර වන කයිරෝවේ අල්-අසාර් විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවක දර්ශන පෙළක් යනුවෙනි.

මෙම වීඩියෝ පටයම ෆේස්බුක් වෙත ද යම් පුද්ගලයෙකු විසින් එකතු කර තිබෙනවා . ඒ 2013 ඔක්තෝබර් මස 30 වෙනිදායි. එම වීඩියෝව මෙතනින්.

2013 දී ඊජිප්තු හමුදාව මෝර්සි රජය පෙරලා දැමූ විට ඊජිප්තුවේ බොහෝ විරෝධතා ඇතිව තිබුණු අතර මෙය ඒ ආකාරයේ විරෝධවතාවක් බවට අපට පෙනී යනවා. තවත් වීඩියෝවක් මෙතනින්.

අල් අසාර් විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් 2013 දී කරන ලද විරෝධතාවය විස්තර කරමින් 2013 ඔක්තෝබර් 26 දින අහ්රාම් වෙබ් අඩවියේ පළ කරන ලද වාර්තාවක් ද අපට දැකගන්නට ලැබුනා.

ahram.org | Archived

ඉස්ලාමීය ජනාධිපති මොහොමඩ් මෝර්සි පෙරළා දැමූ “හමුදා කුමන්ත්‍රණයක්” ලෙස හඳුන්වන ශිෂ්‍ය කණ්ඩායම් විරෝධතා දක්වන බව එම වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වෙනවා. විශ්ව විද්‍යාල සිසුන් රටේ අන්තර් නායකත්වය ප්‍රතික්ෂේප කරන අතර මෝර්සි නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා මේ ආකාරයට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කල බව වැඩිදුරටත් එහි සඳහන්.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ඊශ්‍රායල් පලස්තීන ගැ‍ටුමට සම්බන්ධ එකක් නොවන බව පැහැදිලියි. ලොව පුරා කරුණු විමර්ශන කණ්ඩායම් රැසක් ද මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර තිබු අතර මීට පෙර ද මෙම තේමාවෙන්ම ඉහත දර්ශන පෙළ හුවමාරු වී තිබුණා. ඉංග්‍රීසි බසින් 2018 වසරේ එසේ පළවූ ව්‍යාජ අර්ථකථනය පිලිබඳ පළවූ වාර්තාවක් මෙතනින්

Also Read:

Fact Check: ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක පද්ධිතිය ලෙස හුවමාරු වන වීඩියෝවේ සත්‍ය කතාව!

FACT CHECK: වර්තමාන ඊශ්‍රායල – පලස්තීන ගැටුම්කාරී තත්ත්වය පෙන්වන වීඩියෝවක්ද?

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු සලකා බැලීමේදී අපට පෙනී යන්නේ ඊශ්‍රායලය අපකීර්තියට පත් කිරීමට පලස්තීනය විසින් සිදු කරන ලද වීඩියෝවක් ලෙස දක්වා ඇති වීඩියෝව සත්‍ය වශයෙන්ම 2013 වසරේ දී ඊජිප්තු නායක මොහොමඩ් මෝර්සි බලයෙන් පෙරළා දැමීමට එරෙහිව කයිරෝ අගනුවර විශ්ව විද්‍යාලවක සිසුන් පිරිසක් දියත්කරන ලද උද්ඝෝෂණයක දර්ශන පෙළක් බව අපට පෙන්වාදිය හැකියි.

ඒ අනුව ඊශ්‍රායලය අපකීර්තියට පත් කිරීමට බිම වැතිර සිටින පිරිසක් යන තේමාවෙන් වැරදි අර්ථකතනයක් සහිතව ඉහත දර්ශන පෙළ හුවමාරු වී තිබෙන බව පෙනී යනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඊශ්‍රායලය අපකීර්තියට පත්ක්කිරීමට බිම වැතිර සිදුකළ උද්ඝෝෂණයක්?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News