FACT CHECK: අද දිනයේ අම්ල වැසි ඇතිවන බවට නිවේදනයක්?

Update: 2021-05-31 10:43 GMT

පසුගිය දින කිහිපය පුරා MV X - Press Pearl නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක් වීමත් සමග එම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ සමුද්‍රීය දුෂණයක හේතුකොටගෙන පාරිසරික ගැටළු රැසක් පැනනැගී තිබෙනවා. මේ අතර අම්ල වැසි ඇතිවීමේ අවදානම පිළිබඳව ද වාර්තා පළවී තිබුණා.

මෙවන් පසුබිමක අද දිනයේදී ප්‍රදේශ කිහිපයක අම්ල වැසි ඇතිවිය හැකි බවට WhatsApp ඔස්සේ පණිවිඩයක් හුවමාරු වුණා. මෙහි සත්‍යතාව සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

WhatsApp ඔස්සේ සංසරණය වූ එම පණිවුඩයේ සඳහන් වුණේ,මෙලෙසිනි.

“විමසිල්ලෙන් පසුවන්න.

රත්මලාන, අගුලාන, ගල්කිස්ස, ලුනාව වැල්ලවත්ත, කොල්ලුපිටිය යන ප්‍රදේශවලට මිනිසුන්ට අහිතකර අම්ල වැස්සක් අද දින ඔබගේ ප්‍රදේශයට වැසිමට නියමිතය. එයට නොතමෙන මෙන් ඉල්ලා සිටිමි. මරණය පවා ගෙන දිය හැකි වර්ෂාවක් විය හැකිය. මෙය ගිනිගත් නැවෙහි අහිතකර විෂ රසායන ද්‍රව්‍ය අඩංගු වේ...... හැමොම දැනුවත් කරමු.

ස්තූතියි..

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙලෙස පණිවිඩයක් නිකුත් කළාදැයි යන්න අප විමසා බැලුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම කාලගුණ දෙපාර්තමේන්තුව විසින් මෙවන් පණිවිඩයක් නිකුත් කළා දැයි අප එහි වෙබ් අඩවිය නිරීක්ෂණයට ලක් කළා. එහිදී අද(31) දිනය මේ වන විට නිකුත් කළ කාලගුණ වාර්තාව වුණේ මෙලෙසිනි.

meteo.gov.lk | Archived Link

එමෙන්ම මෙම අනතුර සිදුවීමේන් පසුව මෙතෙක් නිකුත් කළ කාලගුණ වාර්තාවන්ද අප පරීක්ෂා කළෙමු. එහිදී ද එවන් වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනු දැකගන්නට ලැබුණේ නැත. එම වාර්තා මෙතනින්.

අප මේ සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නි.අධ්‍යක්ෂවරුන් තහවුරු කළේ, මෙලෙස කාලගුණ වාර්තාවක් නිකුත් නොකළ බවත් ජනතාව නොමග යැවීම හේතුකොට ගෙන මෙලෙස අසත්‍ය පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බවයි.

කාලගුණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ නිවැරදි තොරතුරු බවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන කාලගුණය සම්බන්ධයෙන් ඇති තොරතුරු වල නිරවද්‍යතාවය, කරුණු විමර්ශනයකින් තොරව නොපිළිගන්නා ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නි.අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, අම්ල වැසි සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් සඳහන් නොකරන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ පාරසරික අංශ බවයි. වර්ෂාව සම්බන්ධයෙන් අනාවැකි පැවසිය හැකි නමුත් වර්ෂාවෙන් පසුව සිදු කරන පරීක්ෂණ මගින් එම වැසි අම්ලද නැද්ද බවට පාරසරික අංශ විසින් තහවුරු කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් නෞකාවේ ඇති වූ මෙම ගින්න හේතුවෙන් පිටවූ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව නිසා ඉදිරියේදී කොළඹ ඇතුළු දිවයිනේ තදාසන්න ප්‍රදේශවලට අම්ල වැසි ඇතිවීමේ අවදානමක් පවතින බැවින් එම වැසිවලට නිරාවරණය නොවන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසා තිබුණේ මෙලෙසින්. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් කුමාර මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසිනි.

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව පෙනී යන්නේ අද දිනයේදී අම්ල වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ බවට WhatsApp ඔස්සේ සංසරණය වන්නේ ව්‍යාජ පණිවුඩයක් බවයි. අද දිනයේදී හෝ පසුගිය දින කිහිපයේ දී අම්ල වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර නොමැති අතර අම්ල වැසි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ පාරසරික අංශ වන අතර ඔවුන් X - Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් ඉදිරි දිනවලදී අම්ලවැසි ඇතිවිය හැකි බවට ජනතාවට දැනුම් දී තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අද දිනයේ අම්ල වැසි ඇතිවන බවට නිවේදනයක්?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News