FACT CHECK: ඇමතිලාට සැප වාහන ගෙන්වීම නවතා, Low Floor බස් රථ 2000ක් ගෙන්වනවාද?

Update: 2021-06-17 14:43 GMT

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට කටයුතු සකස්කෙරෙමින් තිබූ බවට පුවත් වාර්තා වීමත් සමඟම ජනතාවගේ මහත් අප්‍රසාදය වත්මන් ආණ්ඩුව වෙත එල්ල වුණා. නමුත් රටේ වත්මන් තත්ත්වය හේතුකොටගෙන එම කටයුතු අත්හිටුවීමට රජය කටයුතු කර තිබෙන බව රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. මේ කරුණු ඇතුළත් ලිපියක් මෙතනින්.

එ් අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ සටහන් පෙළක දක්වා තිබුනේ ඇමතිවරුන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වීම නවතා, ඒ වෙනුවට මහ ජනතාව වෙනුවෙන් නවීන බස් රථ ආනයනය කිරීමට කටයුතු සකසා ඇති බවයි. පහතින් දැක්වෙන්නේ මෙහි සත්‍ය කරුණු සොයා අප කළ විමර්ශනයයි.

සමාජ මාධ්‍ය සටහන් :

තට්ට මාමා - Thatta Maama නම් ෆේස්බුක් පිටුවක ඡායාරූප සහිත සටහනක දක්වා තිබුණේ “ඇමතිලාට සැප වාහන ගෙන්වීම නවතා මහ ජනතාව වෙනුවෙන් Low Floor බස් රථ 2000ක් ලංකා ගමනාගමන මණ්ඩලයට” යනුවෙනි.

Facebook | Archived Link

මෙවැනි සටහන් කිහිපයක් ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත සඳහන් සටහන බැලූ බැල්මට හැඟවෙන්නේ මේ වන විට සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සඳහා වාහන ආනයන කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය නවතා ඒ මුදලින් මහජනාතව වෙනුවෙන් Low Floor එසේත් නැත්තම් මගී සුව පහසුව සහිත පත්ළ පහත් නවීන බස් රථ 2000 ක් ලංකා ගමනාගමන මණ්ඩලයට ලබා දෙන බවයි. ණයවර ලිපි අහෝසි කිරීමට නොහැකි නම්, විකල්ප වාහන ගෙන්වීමක් සිදුකළ හැකි දැයි සලකා බලන ලෙස නොයෙකුත් පාර්ශව ද පසුගිය දින කිහිපයේ යෝජනා කර තිබුණා.

අප මේ සටහන සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී දැකගන්නට ලැබුණේ මෙම ෆේස්බුක් සටහන පසුගිය වර්ෂයේදීද එනම් 2020 වර්ෂයේදීද ෆේස්බුක් ඔස්සේ සංසරණය වී ඇති බවයි.

Facebook | Archived Link

මෙම සටහන මේ වන විට ෆේස්බුක් පරිශීලකයින් 7600 ක් අතරේ සංසරණය වී තිබෙනවා.

මේ පිළිබඳව තව දුරටත් කරුණු පරීක්ෂා කිරීමේ දී පසුගිය වසරේදී (2020) සැප පහසු බස් රථ 2000ක් මිලදී ගැනීමට සාකච්ඡා කරන බව හිටපු මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූ අවස්ථාවක් මෙතනින්.

එමෙන්ම පහත මට්ටමේ තට්ටුවක් සහිත බස් රථ (Low Floor bus) ගෙන්වීමට මගී ප්‍රවාහන කළමණාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කළ බවට පළ වූ ලංකාදීප වෙබ් පුවත් වාර්තාව මෙතනින්.

මීට පෙර ද, එනම් 2019 යහපාලන ආණ්ඩුව පැවති සමයේදී නව බස් රථ 2000 ක් පමණ ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු සූදානම් කර ඇති බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසූ බවට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පුවත් වෙබ් අඩවියේ පළ වූයේ මෙලෙසිනි.

Low floor බස් 2000 ක් ලංකාවට ගෙන්වන බවට එවකට (2019) ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසූ වීඩියෝවක් රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් පළ කළ අයුරු පහතින්.

https://www.facebook.com/watch/?ref=search&v=219442805625678&external_log_id=eff14b77-3def-445d-8fed-e49b389facbe&q=%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7%20%E0%B7%83%E0%B7%90%E0%B6%B4%20%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%20%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%20%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%20%E0%B6%B8%E0%B7%84%20%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%20%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%20Low%20Floor%20%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%20%E0%B6%BB%E0%B6%AE%202000%E0%B6%9A%E0%B7%8A

එම බස්රථ වලට කැබිනට් මණ්ඩල අනුමැති ලැබුණු බවට පළ වූ වෙබ් වාර්තාවක් මෙතනින්.

එසේම වත්මන් ආණ්ඩුව විසින් පසුගිය ජනවාරි මාසයේදී (2021) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සුවපහසුව සහිත මෙන්ම කෙටි දුර ධාවනය සඳහා උචිත බස් රථ 200ක් මිළ දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණා. ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අතර පිළිගත් දේශීය සමාගම් වෙතින් සීමිත තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පත්ල පහත් උසස් තත්වයේ නව බස්රථ 200ක් මිළදී ගැනීමට නියමිත බවට පළ වූ පුවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

2021 ජනවාරි මස 11 වනදා Low Floor බස් රථ 200ක් සඳහා ලැබුණු එම කැබිනට් අනුමැතිය පහතින්

Cabinet Decision Jan 11th 2021

ඒ අනුව වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කතාබහක් ඇතිවීමට පෙර එනම් පසුගිය (2021) ජනවාරි මාසයේදී මෙම ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමි වූ අතර අතර එම බස් රථ ප්‍රමාණය ගණනින් 200ක් බවත් 2000ක් නොවන බවත් පැහැදිලි වෙයි.

අප මේ සම්බන්ධයෙන් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළා.

එම අංශයේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ මේ වන විටත් ‍ Low Floor බස් රථ 200ක් ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබා දීම සඳහා කටයුතු සිදු කෙරෙමින් පවතින අතර ලංසු කැඳවීමේ ක්‍රියාපටිපාටියේ අවසන් අදියරේ පසුවන බවත් සඳහන් කළා.

එමෙන්ම අප ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) වත්මන් ප්‍රධාන විධායක නිලධාරීගෙන් විමසීමක් සිදු කළේ පසුගිය ආණ්ඩු සමයේදී නවීන බස් රථ මෙරටට ගෙන්වූවාද යන්න සහ වත්මන් ආණ්ඩුව විසින් කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු Low Floor බස් රථ ගෙන්වීම සම්බන්ධයෙනි.

ඒ මහතා සඳහන් කළේ, මේ වසර මුල කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසුව Low Floor ඩීසල් බස් රථ 200ක් ගෙන්වීමට ප්‍රසම්පාදන කටයුතු සකස් කෙරෙමින් පවතින බවත් ලංසු කැඳවීමද සිදු කළ බවත් සුදුසු පාර්ශවයක් තෝරා ගැනීමේ අවසන් අදියරයන්හි සිටින බවත්ය. තවද Low Floor බස් රථ 2000ක් 2019-20 යන වසර වලදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා මිලදී ගැනීමක් සිදුවුනේ නැති බව ද තහවුරු කර සිටියා.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු අනාවරණයට අනුව පෙන්වා දිය හැක්කේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඇමති සහ මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පැන නැගීමට පෙර සිටම, එනම් 2021 ජනවාරි මසදී පහත මට්ටමේ තට්ටුවක් සහිත බස් රථ (Low Floor bus) 200ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබුණු බවයි. ඒ අනුව ඇමතිවරුන්ය වාහන ආනයනය කිරීම අත්හිටුවා මහජනතාවට බස් රථ ආනයනය කළ බවට පළ වූ සටහන් අසත්‍ය හා නොමග යවන සුළු වෙයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඇමතිලාට සැප වාහන ගෙන්වීම නවතා, Low Floor බස් රථ 2000ක් ගෙන්වනවාද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News