FACT CHECK: බදුයුදීන් බේරාගන්න කාදිනල්තුමා හමුවට ගිය විපක්ෂ නායකවරයාව කාදිනල්තුමා බැනලා පන්නගත්තද?

Update: 2021-07-31 11:01 GMT

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි 16 හැවිරිදි මෙහෙකාර දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මිය යාම සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් අත්අඩංගුවේ පසුවන රිෂාඩ් බදියුදීන් බේරා ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බව හැඟවීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දැක්වූයේ ඒ සඳහා කාදිනල් හිමිපාණන්ගේ සහය ලබා ගැනීමට ගිය විපක්ෂ නායකවරයාව කාදිනල් හිමිපාණන් එළවගත් බවයි. මෙහි සත්‍යතාව සොයා අප සිදුකළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Shan Jayas නම් පුද්ගලයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, බදුර්දීන් බේරාගන්න කාදිනල්තුමා හමුවට ගිය විපක්ෂ නායක සජිත්ට බැනලා පන්නගත් කාදිනල්තුමාට අපගේ ප්‍රණාමය යනුවෙනි.

Facebook | Archived Link

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබු‍ණේ මෙලෙසිනි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම පුවත ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ වාර්තා වී ඇත්දැයි අප නිරීක්ෂණය කළ අතර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් මෙවන් පුවතක් වාර්තා වී නොතිබුණි.

අප කාදිනල් හිමිපාණන්ගේ ලේකම් ඩෙනින්ටන් සුබසිංහ පියතුමන්ගෙන් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් පළ වූ සටහන් පිළිබඳ විමසීමක් කර අතර පියතුමන් පැවසුවේ, එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් රංජිත් කුමාර සමරකෝන්ගෙන් ද මේ පිලිබඳ විමසීමක් කර අතර ඔහු සඳහන් කළේද මෙම පුවත අසත්‍ය බවයි. බුදුයුදීන් බේරා ගැනීමට කාදිනල් හමුවට විපක්ෂ නායකවරයා නොගිය බවත් ඒ අනුව කාදිනල් හිමිපාණන් සජිත් මහතා පන්නා ගත් බවට පැවසෙන පුවත් නිසැකයෙන්ම අසත්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රජය විසින් දියත්කර තිබෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රී දඩයම හෙළා දකින බවත් තමන් සිය මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවස්ථා කිහිපයකදී ම පවසා තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

පසුගිය දා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අවස්තාව සම්බන්ධයෙන් මේ ආකාරයට විපක්ෂනායක තුමා අදහස් දැක්වූ අවස්තාව මෙතනින්. මීට පෙර ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, “විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ නායකයා හැටියට මම තරයේ විශ්වාස කරනවා මගේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන්න ට ඕනේ, රැකගන්නට ඕනේ කියලා. ඒ නිසයි මගේ වාහනෙන් මම එතුමාව ගෙනාවේ.“ යනුවෙනි. එම වීඩියෝව මෙතනින්.

මෙවැනි ප්‍රකාශ මුල්කරගනිමින් පොලිස් අත්අඩංගුවේ පසුවන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් බේරා ගැනීමටද විපක්ෂ නායකයා කටයුතු කරන බව හැඟවීමට සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාජ ප්‍රකාශයක් ඇතුළත් සටහන් නිර්මාණය විය හැකි බව අනුමාන කළ හැක.

කෙසේවෙතත් පසුගිය දා රිෂාඩ් ගේ පක්ෂය සමග ගමනක් නෑ - සජිත් ප්‍රේමදාස කියයියනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වූ අවස්ථාවක් මෙතනින්. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටින්නේ පසුගිය කාලයේ පාරිලිමෙන්තුවේ දී ආණ්ඩුවට පක්ෂව ක්‍රියා කළ රිෂාඩ් බදුයුදීන් මහතාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන්ම විමසා සිටින ලෙසයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, පොලිස් අත්අඩංගුවේ පසුවන මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බේරා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට පැමිණියේ නැති බව කාදිනල් හිමිපාණන්ගේ ලේකම් පියතුමන් මෙන්ම විපක්ෂක නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයා ද තහවුරු කර සිටින බවයි.

එසේම මාධ්‍ය වෙත අදහස් දැක්වීමක දී සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටින්නේ පසුගිය කාලයේ රිෂාඩ් බදුයුදීන් මහතා පාරිලිමෙන්තුවේ දී ආණ්ඩුවට පක්ෂව ක්‍රියා කළ බවත් ඔහුගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන්ම විමසා සිටින ලෙසයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:බදුයුදීන් බේරාගන්න කාදිනල්තුමා හමුවට ගිය විපක්ෂ නායකවරයාව කාදිනල්තුමා බැනලා පන්නගත්තද?

Fact Check By: Sara Gunaratne

Result: False

Tags:    

Similar News