FACT CHECK: ලෝකයේ වැඩිම දෛනික කොරෝනා මරණ අනුපාතය ලංකාවෙන්?

Update: 2021-08-11 11:03 GMT

කොව්ඩ් වසංගතය ලෝව පුරා වේගයෙන් පැතිර යමින් පවතී. ඒ සමගම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව, දෛනික කොවිඩ් මරණ ආදිය පිළිබඳ විශ්ලේෂණාත්මක ගණනය කිරීම්ද, සිදුවෙමින් පවතින අතර ඇතැම් ගණනය කිරීම් සහ විශ්ලේෂණයන් නිවැරදි වුවත් බොහෝ ගණනය කිරීම්වල අඩුපාඩු පවතියි. මෙවැනි ගණනය කිරීම්, විශ්ලේෂණ පිළිබඳ සටහන් සමාජ ජාලාවල මේ දිනවල සුලබව දක්නට ලැබෙනවා මෙන්ම එවන් සටහනක දත්තයන් නිවැරදි ද යන්න පිළිබඳව අප විසින් සිදුකල විමර්ශනයයි මේ .

සමාජ මාධ්‍ය සටහන් :

Sarang Paranahewa නම් පුද්ගලයකු සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනක,

“කොරෝනා මරණ අනුපාතය වැඩිම රට බවට පත් කරමින් හොඳටම කළ ඔබට අපගේ ප්‍රණාමය! #coronavirus #covid19 යනුවෙන් සඳහන් කරමින් ප්‍රස්ථාරයක් දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුනේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මේ පිළිබදව කරන ලද සොයා බැලීමේදී තහවුරු වූයේ මෙම දත්තසොයා බැලීම සඳහා යොදා ගෙන ඇත්තේ ප්‍රකට දත්ත විශ්ලේෂණ වෙබ් අඩවියක් වන Our World in Data වෙබ් අඩවිය John Hopkins විශ්ව විද්‍යාලය මගින් ලබාගත් දත්තයන් ඔස්සේ නිර්මාණය කරන ලද ප්‍රස්ථාරයක් වන බවයි. මෙම ප්‍රස්ථාරයේ දිනකදී රටක ජනගහනයෙන් මිලියනයකට කොවිඩ් මරණ කොපමණ සිදුවෙනවාද යන්න දක්වා තිබේ.

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ප්‍රස්ථාරයේ දත්තයන් සැසඳීම සිදු කළ කාල වකවාණුව යොදා එම ප්‍රස්ථාරය සඳහා තෝරාගෙන තිබූ රටවල් වන ශ්‍රී ලංකාව, වියට්නාමය, ඇමෙරිකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවල් කිහිපයක තෝරා අප නිරීක්ෂණය කරනු ලැබූ සත්‍ය ප්‍රස්ථාරයට පිවිසීම මෙතනින්.

Archived

සමාජ ජාලා ඔස්සේ සංසරණය වූ ප්‍රස්ථාරය හා ඉහතින් දැක්වෙන ප්‍රස්ථාරයේ දත්තයන්හි සමාන වන නමුත් මෙහිදී චේතාන්විතව රටවල් කිහිපයක් තෝරා එහි දත්තයන් පමණක් සසඳා ලංකාවේ කොවිඩ් මරණ අනුපාතය ප්‍රස්ථාරයේ ඉහලින්ම සටහන්වී ඇති බවට පෙන්වා දී තිබේ. ඒ අනුව සමස්ථ ලෝකයේ දෛනික කොරෝනා මරණ අනුපාතය වැඩිම රට ලෙසට ශ්‍රී ලංකාව ලෙසට සඳහන් කර තිබේ.

වෙබ් අඩවියේ ඇති දත්ත විශ්ලේෂණ කිරීම සඳහා රටවල් තෝරා ගැනීමක් සිදු කළ හැකි බවට ප්‍රස්ථාරය හා සබැඳි වම් පසින් යොමුවක් තිබෙනු දැකගනන්ට පුළුවන්. එබැවින් ඉහත රටවල් කිහිපය පමණක් තෝරා ගෙන තිබුනේ කුමන නිර්ණායකයක් මත ද යන්න ප්‍රශ්නාර්ථයකි. මෙම රටවල් එකම කලාපීය රටවල් නොවන අතර ඒවායේ ජනගහණයන් ද එහිනෙකට බොහෝ සෙයින් වෙනස් වන අතර දල දේශීය නිෂ්පාදනය වැනි ආර්ථික නිර්ණායකයන් ද බොහෝ සෙයින් වෙනස් වෙයි.

Also Read: FACT CHECK: ලංකාවේ එන්නත්කරණ ප්‍රතිශතය කලාපීය රටවල් අතරින් ඉදිරියෙන්ම?

වෙනත් රටවල් කිහිපයක් ද, අප ඉහත ප්‍රස්ථාරයටම, එම කාල සීමවටම, යොමු කළ අතර එම දත්ත මත පදනම්ව දැක ගන්නට ලැබුණේ කොවිඩ් හේතුවෙන් ශ්‍රී ලංකා වේ සිදුවන දෛනික මරණ අනුපාතයට වඩා වැඩි මරණ අනුපාතයක් සහිත රටවල් කිහිපයක්ම තිබෙන බවයි.

ourworldindata.org | Archived Link

මෙම ප්‍රස්ථාරයට අනුව බොට්ස්වානා, ෆීජී, ටියුනීසියා, ආර්ජන්ටිනා, ජෝර්ජියා, ඉරානය, මැලේසියාව යනා දී රටවල් රැසක මේ අගෝස්තු 9 වන දා වන විට ජනගහනය මිලියනයකට දෛනිකව කොවිඩ් හේතුවෙන් සිදුවන නව මරණ සංඛ්‍යාව ඉහළ අගයක තිබෙන බව දැක ගන්නට ලැබෙනවා.

කෙසේවෙතත් අප්‍රේල් 01 වන දා සිට මේ දක්වා (අගොස්තු 09) දක්වා දත්තයන් විශ්ලේෂණය කිරීමේදී ශ්‍රී ලංකාවේ දෛනික මර්ණ අනුපාතය, ජුලි මස අග භාගයේ පමණ සිට සීග්‍ර ලෙස වර්ධනය වී ඇති බව පෙනී යන අතර අගෝස්තු 10 වනදා වන විට එම අගය සටහන් වී ඇත්තේ ජනගහනය මිලියනයකට දෛනිකව කොවිඩ් හේතුවෙන් සිදුවන නව මරණ 5.51ක් ලෙසයි. (7 day rolling average)

Ourworldindata | Archived

එසේම අප දකුණු ආසියානු කලාපයේ රටවල මෙම ජනගහනය මිලියනයකට දෛනිකව කොවිඩ් හේතුවෙන් සිදුවන නව මරණ අනුපාතයේ අගය පරීක්ෂා කළ විට එය මේ වන විට එම රටවලට වඩා ඉහළින් ඇති බව දැක පෙනෙනවා. මීළඟ අගය වන බංගලාදේශයේ එම අගය මිලියනයකට දෛනිකව කොවිඩ් හේතුවෙන් සිදුවන නව මරණ 1.6ක් ලෙස මෙසේ දැක්වෙනවා.

කෙසේවෙතත් මේ දිනවල දැඩි කොවිඩ් අර්බුදයකට මුහුණ දී තිබෙන මැලේසියාව , ඉන්දුනීසියාව වැනි ආසියාතික රටවල එම අගය ලංකාවට වඩා ඉහළින් තිබෙන බව ද එම ප්‍රස්ථාරයේ මෙසේ දැක ගන්නට ලැබුණා.

මේ ආකාරයට අග්නිදිග ආසියාතික රටවල පසුගිය කාලය තුලදී ජනගහනය මිලියනකට අනුපාතිකයක් වශයෙන් සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවට පළවූ පුවත් වාර්තාවක් මෙතනින්.

එසේම ලංකාවේ දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව පසුගිය දා සියයේ සීමා ව පසුකර තිබීමත් සමඟ ම රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් සිදුනොවීම පිලිබඳ බොහෝ පාර්ශව අදහස් පළකර තිබෙනු ද දැක ගන්නට ලැබුණා.

UPDATE: 17th August, 2021

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට පෙන්නුම් කරන කොවිඩ් මරණ අනුපාතිකට ලොව පළමු ස්ථානය පැමිණ ඇති බවට සටහන් පෙළක් අගෝස්තු 13 වනදා සිට නැවත වරක් හුවමාරු වී තිබුණා. එම සටහන් මෙතනින් සහ මෙතනින්

මේ පිළිබඳව පරීක්ෂා කිරීමට අප නැවත වරක් එම දත්ත සඳහා මුල් වී තිබු Our World In Data වෙබ් අඩවියේ අදාළ ප්‍රස්තාරය පරීක්ෂා කර බැලුවා.

අගෝස්තු 16 දිනය තෙක් එහි පළකර තිබු දත්ත පරීක්ෂා කිරීමේ දී ඒ වන විටත් ශ්‍රී ලංකාව, ලෝකයේ ජනගහනය මිලියනකට සිදුවන නව කොරෝනා මරණ අනුපාතය (7 day average) අතරින් ප්‍රථම ස්ථානයට පත්ව නැති බව පෙනී ගියා.

Our World In Data වෙබ් අඩවියේ දත්ත අනුව ශ්‍රී ලංකාවට වඩා මිලියනකට සිදුවූ කොරෝනා මරණ අනුපාතය(7 day average) ඉහළ රටවල් කිහිපයක් (කසක්ස්ථානය, බොට්ස්වානා, ෆීජී, ජෝර්ජියාව, ටියුනීසියාව, මැලේසියාව, කියුබාව යනාදී) අගෝස්තු 16 වන දා වන විට ද පවතිනවා. එම තොරතුරු පහතින්.

Our World in Data | Archived

කෙසේ නමුත් අප ඉහත ද පෙන්වා දී තිබු පරිදි පසුගිය සති දෙකෙක පමණ කාලයේ දී ලංකාවේ මෙම ජනගනය මිලියනයකට සිදුවන මරණ අනුපාතය සීග්‍රයෙන් ඉහළ යමින් පැවතුණි. අගෝස්තු 17 වන දින වන විට එම අගය 6.95ක් (දින 7ක සාමාන්‍ය ලෙස ගත් විට) වූ අතර එම අගය අගෝස්තු මස 10 වැනිදා දැක්වුණේ 5.51 ලෙසයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ අනුපාතයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුව ඇති බව පැහැදිලියි.

අපගේ කරුණු විම විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අප විසින් සිදු කරණ ලද කරුණු විමසීම් මගින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ලෝකයේ කොවිඩ් මරණ අනුපාතය වැඩිම රට බවට සමාජ ජාලා ඔස්සේ සිදුවන සටහන් වැරදි සහ නොමග යවන සුලු බවයි. රටවල් කිහිපයක් පමණක් තෝරාගෙන සමස්ත ලෝකයේම කොවිඩ් හේතුවෙන් ජනගහනය මිලියනකට සිදුවූ දෛනික නව මරණ අනුපාතිකය වැඩිම රට ලංකාව බවට එමගින් හඟවා තිබුණා.

ජනගහනය මිලියනකට ලංකාවේ සිදුවූ දෛනික නව මරණ අනුපාතිකය පසුගිය දින කිහිපයේදී ඉහළ ගොස් තිබුණ ද, එම දත්ත ලබාගත් වෙබ් අඩවිය හරහා, අදාළ කාල පරාසය ඇතුළත, ලොව වෙනත් රටවල් ද සංසන්දනය සඳහා ඇතුළත් කිරීමේ දී පෙනී යන්නේ ලංකාවේ අනුපාතිකයට වඩා ඉහළ අගයන් ගන්නා රටවල් කිහිපයක් ම ඇති බවයි. කෙසේවෙතත් දකුණු ආසියාවේ රටවල් අතරින් ලංකාවේ අනුපාතිකය මේ වන විට ඉහළින් ම තිබෙන අතර අග්නිදිග ආසියානු කලාපීය රටවල් කිහිපයක් ද ලංකාව මෙන්ම ඉහළ මරණ අනුපාතිකයක් අගෝස්තු මස මුල පෙන්වා තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලෝකයේ වැඩිම දෛනික කොරෝනා මරණ අනුපාතය ලංකාවෙන්?

Fact Check By: Kalana Krishantha

Result: False

Tags:    

Similar News