FACT CHECK: විවාහ උත්සව සඳහා අවසර අහිමි වීම ප්‍රමාද වුණේ කබ්රාල්ගේ පුතාගේ විවාහ මංගල්‍යය නිසා ද?

Update: 2021-08-16 10:13 GMT

පවතින වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමීමේ තීරණය ලැබීමට ප්‍රමාද වීම හා අගෝස්තු 17 වන දිනයෙන් අනතුරුව විවාහ උත්සව පැවැත්වීමටද තාවකාලිකව තහනම් කර තිබීමට හේතුව වශයෙන් ඇතැම් පිරිස් සමාජ මාධ්‍යයන් ඔස්සේ සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතුණුවන්ගේ විවාහය අද(16) හෝ හෙට(17) දින පැවැත්වීමට නියමිතව ඇති බවයි. මෙහි සත්‍යතාවය සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන්:

කබ්රාල්ගෙ පුතාගෙ මඟුලෙන් පසු....හැම මඟුලක්ම තහනම්... යන තේමාවෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ පුතාගේ මංගල උත්සවයෙන් පසුව මංගල උත්සව පැත්වීම තහනම් කර ඇති බවට සටහන් පෙළක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Facebook | Archived

මේ සම්බන්ධයෙන් හුවමාරු වී තිබූ තවත් සටහනක් පහතින්.

Facebook | Archived

මීට දින කිහිපයකට පෙර ද, අගෝස්තු 11 වන දින , මේ ආකාරයට ම, මෙරට ලොක්ඩවුන් කිරීමක් සිදු වීම ප්‍රමාද වීම සිදු ව්නනේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතාගේ විවාහ උත්සවය හේතුවෙන් බවට සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වී තිබුණා.

Tweet | Archived 

Also Read :  FACT CHECK: යුද හමුදාපතිගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය මැයි 03 පැවැත්වූවාද?

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප මේ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී දැකගන්නට ලැබුණේ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පුතුගේ මංගල්‍ය උත්සවය හේතුවෙන් රට ලොක්ඩවුන් කිරීමට ප්‍රමාද වෙමින් පවතින බවට හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවට, ට්විටර් පණිවුඩයක් ඔස්සේ අගෝස්තු 11 වන දින සඳහන් කර තිබූ බවයි.

https://twitter.com/an_cabraal/status/1425409952269561856

Archived

එමෙන්ම චතුර කබ්රාල් මහතාද, සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ, 2016 වර්ෂයේදී තමන්ගේ විවාහය පැවති බවත් මේ වන විට තමන්ට අවුරුදු 2ක් වයසැති පුතෙකුද සිටින බවයි.

Facebook | Archived Link

තමන්ගේ විවාහය අද(16) දින හෝ හෙට(17) දින පැවැත්වෙන බවට පළ වූ සටහන් සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් ඒ මහතා විසින් පළ කළ තවත් සටහනක් මෙතනින්. මීට පෙර අවස්ථාවන්හිදී ඔහු සිය පුතණුවන් සමග ලබා ගත් ඡායාරූප පිළිබඳවද අපට නිරීක්ෂණය වූයේ මෙලෙසින් සහ මෙලෙසින්.

Archived

අප මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා චතුර කබ්රාල් මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ තමා අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ බාල පුතා වන අතර තමාගේ විවාහය 2016 වසරේදී සිදු වූ බවත් තම වැඩිමහල් සොහොයුරාගේ විවාහය 2015 වර්ෂයේදීත් සිදුවූ බවයි. තමන්ගේ එකම සොහොයුරා මේ වන විට වෙනත් රටක වෙසෙන බවත් තමන්ට මේ වන විට අවුරුදු 2ක් වයැසිති පුතෙකු සහ මාස 3ක පමණ දියණියකුත් සිටින බවත් ඔහු පවසා සිටියා. සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යැවීමට අසත්‍ය පතුරවනු ලබන අතර තමන් ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවද, ඒ මහතා තව දුරටත් සඳහන් කළා.

2015 වර්ෂයේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ වැඩිමහල් පුතුණුවන්ගේ විවාහය සම්බන්ධයෙන් චරිත් කබ්රාල් මහතාගේ Instagram ගිණුමේ සඳහන් වී තිබුණේ මෙලෙසිනි.

Instagram | Archived Link

ඒ අනුව අජිති නිවාඩ් කබ්රාල් මහතාගේ පුතුණුවන් දෙදෙනාම 2015 සහ 2016 යන වර්ෂයන් හිදී විවාහ වී ඇති බවට තහවුරු වෙයි.

කෙසේ වෙතත් අද (16) සිට සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබුණ නමුත් රට වසා දැමීමේ තීරණයක් ද මෙතෙක් (16) ගෙන නොතිබුණි.

රටේ උද්ගත වී ඇති වසංගත තත්ත්වය මත ලබන අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තෙක් නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍ය සඳහා අවසර හිමි නොවන අතර යම් විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බාධාවක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. නිවසකදී හෝ යම් ස්ථානයකදී විවාහයක් ලියාපදිංචි කරගැනීමට හැකි අතර ඒ සඳහා මනාල යුවළ, දෙපාර්ශවයේ දෙමව්පියන්, රෙජිස්ට්‍රාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනාට පමණක් සහභාගීවීමට අවසර ලැබේ. ඒ බවට සඳහන් පුවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

Fact Check: ගුවන් තොටුපොළේ දී යකා නැටුවේ අජිත් නිවාර්ඩ් කබ්රාල් කබ්රාල්ගේ දරුවන් ද?

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ බාල පුතුණුවන් වන චතුර කබ්රාල් මහතාගේ විවාහය පැවැත්වීමට නියමිත බැවින් රට ලොක්ඩවුන් නැතහොත් රට වැසීමේ තීරණය ප්‍රමාද කෙරෙන බවත් අඟහරුවාද (අගෝස්තු 17 දින) තෙක් විවාහ උත්සව පැවැත්වීමද තහනම් කිරීමේ තීරණය ප්‍රමාද කරනු ලැබුවේ චතුර කබ්රාල් මහතාගේ විවාහය පැවැත්වීමට නියමිත බැවින් බවට පළ වූ පුවත් සියල්ල අසත්‍ය සටහන් පෙළක් බවයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතුණුවන් දෙදෙනා මේ වන විටත් විවාහ පත් වී තිබෙන අතර දැනට ලංකාවේ වෙසෙන බාල පුතණුවන් වන චතුර කබ්රාල් මහතා මේ වනවිට දරුවෙන් දෙදෙනෙකුගේ පියෙක්ද වෙයි.

Also Read:

FACT CHECK: අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුතුට, අධිවේගී මාර්ගයේ නීතිය ක්‍රියාත්මක නොවුනේ ඇයි?

FACT CHECK: PORT CITY COLOMBO (PVT) LTD චතුර කබ්රාල්ට අයිති සමාගමක් ද?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:විවාහ උත්සව සඳහා අවසර අහිමි වීම ප්‍රමාද වුණේ කබ්රාල්ගේ පුතාගේ විවාහ මංගල්‍යය නිසා ද?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News