FACT CHECK: සුවය ලැබූ අජිත් රෝහණ මහතා සිය දුව සහ පුතා සමග සතුට බෙදාගත් ඡායාරුපයක් ද?

Update: 2021-08-30 10:45 GMT

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ඡායාරූප ඇතැම් පිරිස් වෙතින් අවභාවිතා කොට වැරදි අර්ථකතන ලබා දෙන අයුරු අපට සුලභව දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් විසින් සිදු කරන ලද මෙවැනි අවභාවිතාවන් හේතුවෙන් බොහෝ දෙනා නොමග යනවා සේම තවත් පිරිසකට අපහසුතාවට ද පත් වීමට පුළුවන්. එවන් සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

Kg r kumara නම් ෆේස්බුක් පිටුවක හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තරුණයෙකු සහ තරුණියක වැළඳසිටින ආකාරයේ ඡායාරූපයක් යොදා ගනිමින් සඳහන් කර තිබුණේ,

“ගෙදර ඇවිල්ලා.... දරුවොන්ටත් සතුටුයි... අපිටත් සතුටුයි...යනුවෙනි.


Facebook | Archived 

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ අජිත් රෝහණ මහතාගේ දරුවන් යැයා සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ තවත් සටහන් කිහිපයක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගියදා අජිත් රෝහණ මහතා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ගත්අතර ප්‍රතිකාර සඳහා යොමු වූ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අසාධ්‍ය බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක්ද සංසරණය වූ අතර ඒ සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනය මෙතනින්.

කෙසේවෙතත් ප්‍රතිකාර වලින් සුවය ලැබූ අජිත් රෝහණ මහතා පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව රෝහලෙන් පසුගිය 27 වන දා පිටව ගිය අතර සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධයෙන් කතාබහට ලක් වු‍ණේ, අජිත් රෝහණ මහතා නිවසට පැමිණීමත් සමග සිය දරුවන් සතුටින් සිටින ආකාරය බවට පවසමින් ෆේස්බුක් ඡායාරූප සටහන් සංසරණය වීමත් සමගයි. ඒ හේතුවෙන් බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබුණේ, මෙහි ඇත්ත වශයෙන් ම සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දරුවන් බවටයි.

මෙම ඡායාරූපයේ සිටින්නේ අජිත් රෝහණ මහතාගේ දරුවන් නොව, ඒ මහතාගේ පැරණි මිත්‍රයෙකුගේ පුතෙකු වන ගායන ශිල්පී ශෙහාන් කෞශල්‍ය මහතා සහ ඔහුගේ බිරිඳයි. ඒ බවට සඳහන් කරමින් ශෙහාන් කෞශල්‍ය විසින් තැබූ ෆේස්බුක් සටහනක් පහතින්.

Facebook | Archived Link

ශෙහාන් විසින් ම ඊට දින කිහිපයකට පෙර එනම් අගෝස්තු මස 25 වැනිදා, අජිත් රෝහණ මහතා සුව අතට හැරෙමින් සිටින බව දැක්වීමට පළකර තිබු මෙම ඡායාරුපය සටහන, ඉහත වැරදි අර්ථකතනයෙන් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වීම සඳහා මුල් වී තිබු බව අනුමාන කළ හැක.

කෙසේවෙතත් අජිත් රෝහණ මහතාටද එක් පුත්‍රයෙක් හා එක් දියණියක සිටින අතර ඔවුන්ගේ ඡායාරූපයක් පහතින්. ඔවුන් ඉහත ඡායරුපයේ දෙදෙනාට වඩා වෙනස් බව පැහැදිලිවම පෙනෙනවා.

එමෙන්ම අජිත් රෝහණ මහතාගේ බිරිද සුනේත්‍රා වීරක්කොඩි මහත්මිය සම්බන්ධයෙන් Dharanee - ධරණී ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ අජිත් රෝහණ මහතාගේ පවුලේ ඡායාරූපයක් මෙතනින්.

පසුගිය වර්ෂයේ කොරෝනා වෛරසයේ පැතිරීම ආරම්භයේදී විශේෂ ගුවන් යානයකින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය ඩුබායි සිට දිවයිනට ගෙන්වා ගත් බවට පළ වූ ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයේ දී අප අජිත් රෝහණ මහතාගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ ඡායාරුප පළකර තිබුණා. එම විමර්ශනය මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

ඒ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ පසුගිය වකවාණුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අජිත් රෝහණ මහතාගේ දරුවන් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපයේ සිටින්නේ අජිත් රෝහණ මහතාගේ පැරණි මිත්‍රයෙකුගේ පුතෙකු වන ගායන ශිල්පී ශෙහාන් කෞශල්‍ය හා ඔහුගේ බිරිඳ බවයි. කෙසේවෙතත් කොවිඩ් ආසදිතව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අජිත් රෝහණ මහතා, මේ වන විට රෝගය සුව අතට හැරීම නිසා සිය නිවෙස වෙත ගොස් තිබෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සුවය ලැබූ අජිත් රෝහණ මහතා සිය දුව සහ පුතා සමග සතුට බෙදාගත් ඡායාරුපයක් ද?

Fact Check By: Sara Gunaratne

Result: Partly False

Tags:    

Similar News