FACT CHECK: ගිරිරාජ් කෞශල්‍ය අභාවප්‍රාප්ත වූ බවට අසත්‍ය සටහනක්!

Update: 2021-11-04 11:25 GMT

Update :

ගිරිරාජ් කෞශල්‍ය මහතා  මියගය බවට අද (03/22/2022) දිනය වන විටත් පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි. ඔහුගේ දියණිය වන අමන්ද්‍යා ගිරිරාජ් මහත්මිය තහවුරු කළේ, ගිරිරාජ් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

Update :

රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය මහතා මිය ගිය බවට බවට අද (02/21/2022) දිනය වන විටත් පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වන බවට නාඩගම්කාරයෝ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඔහු මේ වන විටත් වෛද්‍ය උපදෙස් මත සුවය ලබමින් සිටින අතර වෛද්‍ය උපදෙස් මත තමන්ට සුදුසු යැයි හැඟෙන චරිත තුළින් නැවතත් රංගනයට එළැඹෙන බවටත් ඔහු මෙලෙසින් සඳහන් කළා.

මේ දිනවල නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය හරහා ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ ප්‍රවීන රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් වල පළ වූ අසත්‍ය තොරතුරක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

බොහෝ කාලයක් තිස්සේ පිලිකා රෝගයක් හේතුවෙන් අප අතරින් සමුගත් ගිරිරාජ් කෞශල්‍ය මහතාට නිවන් සුව අත්වේවා “ යනුවෙන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

එමෙන්ම මෙම සටහන ෆේස්බුක් පරිශීලකයින් බොහෝ දෙනෙකු අතර සංසරණය වී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙම සටහන් වල නිරවද්‍යතාවය සෙවීම සඳහා අප එවන් පුවතක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වල වාර්තා වී ඇත්දැයි විමර්ශනය කළ අතර එවන් පුවතක් වාර්තා වූ බවට දැක ගන්නට නොලැබුණි.

ඉන් අනතුරුව වෙනත් කලාකරුවන් හෝ ගිරිරාජ් කෞශල්‍ය මහතා සම්බන්ධයෙන් එවන් පුවතක් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කර නොතිබුණු බවට ද, අපට නිරීක්ෂණය විය.

ඒ අනුව අප මේ තොරතුර සම්බන්ධයෙන් විමසීමට ගිරිරාජ් කෞශල්‍ය මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් ඒ අවස්ථාව ව්‍යර්ථ වූ අතර අප ඔහුගේ දියණිය වන අමන්ද්‍යා ගිරිරාජ් මහත්මිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර ඇය පවසා සිටියේ ගිරිරාජ් කෞශල්‍ය මහතා අභාවප්‍රාප්ත වූ බවට පළ වන පුවත අසත්‍ය බවයි.

එමෙන්ම ඉහත සටහනේ දැක්වූ පරිදි ඔහුට අසනීප තත්ත්වයක් ඇත්දැයි අප විසමා සිටි අතර ඇය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මාධ්‍යට කිසිදු තොරතුරක් ලබා නොදීමට ඔවුන් පියවර ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් නිල තොරතුරක් ලැබුණු පසු මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

ගිරිරාජ් මහතාට පසුගිය අගෝස්තු මසදී කොවිඩ් ආසාදනය වී සුවය ලබා තිබුණි. මීට පෙර කොවිඩ් ආසාදනය වී

ගිරිරාජ් මහතා මේ දිනවල ජනතා අකාර්ශනය දිනාගත් ස්වර්ණවාහිණියේ විකාශය වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ ටෙලි සිතුවමක් වන නාඩගම්කාරයෝහි රංගනයෙන් දායකත්වය දක්වනු ලබයි.

නාඩගම්කාරයෝ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවක ද, ගිරිරාජ් මහතාගේ අභාවය සම්බන්ධයෙන් පැතිරෙන්නේ අසත්‍ය පුවතක් බවට දක්වා තිබුණේ මෙලෙසින්.Archived

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ ප්‍රවීන රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය මහතා මිය ගිය බවට පළ වන සටහන් අසත්‍ය පුවතක් බවයි. ඔහුගේ දියණිය වන අමන්ද්‍යා ගිරිරාජ් මහත්මිය තහවුරු කළේ, ගිරිරාජ් කෞශල්‍ය මහතා අභාවප්‍රාප්ත වූ බවට පළ වන පුවත අසත්‍ය බවයි.

Tags:    

Similar News