FACT CHECK: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

Update: 2021-12-16 10:40 GMT

Update 09/05/22

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත භාර දී තිබෙනවා.

ඒ, අරලියගහ මන්දිරයේ රැස්ව සිටි අගමැති රාජපක්ෂගේ ආධාරකරුවෝ රැසක් ඒ ඉදිරිපිට තිබූ මයිනාගෝගමේත්, ගාලුමුවදොර පිහිටි ගෝටාගෝගමේත් රැස්ව සිටි සාමකාමී අරගලකරුවන්ට පහර දී, අදාළ ස්ථානයන්හි පිහිටුවා තිබූ කූඩාරම් ආදිය ගිනි තබා විනාශ කරනු ලැබුවා.

ඒ සමගම රටතුළ ඇතිවූ කලහාකාරී තත්ත්වය පාලනය කිරීමට රට පුරා පොලිස් ඇදිරි නීතිය පැනවූ අතර ඉන් ටික වෙලාවකට පසු අගමැතිවරයා තම අස්වීමේ ලිපිය ජනපති වරයට යැවු බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂක රොහාන් වැලිවිට මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළා.

Update : 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද(03) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

රටේ ජනතාව නොමග යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ.

එම නිවේදනය පහතින්.

සමාජ මාධ්‍ය ජාලා වල පළ වන අතීතයේ පළකළ සටහන් බොහෝ අවස්ථා වලදී නැවත නැවතත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම හේතුවෙන් ඇතැම් අතීතයේ කාල වකවාණුවකට අයත් සිද්ධීන් මෑතක වූ සිදුවීම් බවට බොහෝ පිරිසක් වරදවා වටහාගනු ලබනවා. එවන් දේශපාලනික වශයෙන් කතා බහට ලක් වන මාතෘකාවක් පිළබඳව ජනතාව නොමග ගොස් ඇති අවස්ථාවක් පිළබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබු‍ණේ මේ අයුරින්.

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ නැවතත් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මීට පෙර නොවැම්බර් මාසයේද අග්‍රාමාත්‍ය වරයා සිය ධුරයෙන් ඉදිරි මාස 3 ඇතුළත ඉල්ලා අස්වීමට නියමිත බවට ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම සටහන් වල නිරවද්‍යතාවය සෙවීමට අප කටයුතු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කළේද යන්න පිළිබඳව අප නිරීක්ෂණයට ලක් කළ අතර එවන් පුවතක් වාර්තා නොවූ බවට අපට තහුවුරු වුණා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ නවවන පාර්ලි‌මේන්තුවේ මහින්ද රාජපක්ෂ මහතා අභිනව අගමැති ලෙස 2020 වර්ෂයේ අගෝස්තු 9 වන දා අග්‍රාමාත්‍ය ධුරයේ සිව් වන වරටත් දිවුරුම් දෙනු ලැබුවා. මේ දක්වා මහින්ද රාජපක්ෂ මහතා සිය අග්‍රාමාත්‍ය ධුරය හොබවන බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දක්වා තිබුණේ මෙලෙසින්.

parliament.lk | Archived Link

සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වූවාද යන්න තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ, මෙම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

එමෙන්ම අප තරුණ කටයුතු, ක්‍රීඩා හා සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ද ‍මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔහු පවසා සිටියේද තම පියා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට පළ වන කටකතා අසත්‍ය බවයි.

අප කළ වැඩි දුර විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ මෙම ෆේස්බුක් සටහන 2018 වර්ෂයේදී ද පළ වී ඇති බවයි.

Facebook | Archived Link

2018 වර්ෂයේ ඔක්තෝබර් 26 වන දින එම වකවාණුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් පහකරමින්, මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත් කිරීම නීතිය ඉදිරියේ වලංගු නොවන බැවින් රටේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා තමන් බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කිරීම සහ මහින්ද රාජපක්ෂ පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට නොහැකිවීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 වසරේ නොවැම්බර් 09 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. මේ පිළිබඳව තොරතුරු මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

ඒ අනුව එම වසරේ දෙසැම්බර් 15 වන දා උදෑසන හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අග්‍රාමාත්‍ය ධයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කරනු ලැබුවා. ඒ පිළිබඳව පළ වූ වීඩියෝවක් පහතින්.

https://www.youtube.com/watch?v=o7V4lqKgTc4

ඒ බවට පළ වූ පුවතක් මෙතනින්. Archived Link

මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටනක් නැවතත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ගැනීම හේතුවෙන් මෙලෙස ජනතාව නොමග ගොස් තිබුණ බවට උපකල්පනය කළ හැකියි.

1970 දී බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් ලාබාලම මන්ත්‍රීවරයා වශයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හයවන පාර්ලි‌මේන්තුවේ 2004 වර්ෂයේ අ‌ප්‍රේල් 06 වන දා සිට 2005 වසරේ නොවැම්බර් 19 යන කාල වකවාණුවේදී සිය මංගල අග්‍රාමත්‍ය ධුරය හොබවනු ලැබුවා. 2005 නොවැම්බර් 19 වන දා සිට 2015 ජනවාරි 09 වන දා දක්වා කාල වකවාණුවේදී මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් ජනාධිපති ධුරය හොබවනු ලැබූ අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ අට වන පාර්ලි‌මේන්තුව 2018 ඔක්තෝබර් 26 සිට 2018 දෙසැම්බර් 15 දක්වාත්, 2019 නොවැම්බර් 21 සිට 2020 අගෝස්තු 05 දක්වාද අවසන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව 2020 අගෝස්තු 09 සිට මේ දක්වාත් අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලබනවා. ඒ බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට පළ වන පුවත් අසත්‍ය බවයි. 2018 වසරේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ පළවූ සමාජ මාධ්‍ය සටහනක් නැවත මේ දිනවල සංසරණය කර ගැනීම හේතුවෙන් මෙලෙස ජනතාව නොමග ගොස් තිබුණා. අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා මෙන්ම අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද තහවුරු කරනු ලැබුවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News