ඉන්දුනීසියානු ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක්ද?

Update: 2022-01-12 16:18 GMT

ගුවන් යාන අනතුරු හා සම්බන්ධ දර්ශන බොහෝ අවස්ථාවල දී විශාල පිරිසක් අතර හුවමාරු වෙනවා. මේ ආකාරයෙන් ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ගුවන් යානයක් කඩා වැටෙයි සියලුම ජීවත දෙවියන්වහන්සේ රැක දේවා බලන්න” යනුවෙන් සඳහන් කරමින් ගුවන් යානයක් කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබුණේ මේ අයුරින්.

Full View

Facebook | Archived Link | Archived Link

මෙම වීඩියෝව මෙරට සංසරණය වී තිබූ තවත් අවස්ථාවක් මෙතනින්.

විදේශිකයන් අතර මෙම වීඩියෝව ගුවන් අනතුරක් ලෙසින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ අයුරු.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ මෙම වීඩියෝව සඳහා මෙරට ෆේස්බුක් පරිශීලිකයින් විසින් දක්වා ඇති ප්‍රතිචාර වලින් ද පෙනී යන්නේ මෙම වීඩියෝව සත්‍යක් බවට නොමග ගොස් ඇති බවයි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම සම්පූර්ණ වීඩියෝව වීඩියෝ කොටස් දෙකක් එකතු කොට නිර්මාණය කරන ලද්දක් බවට අපට නිරීක්ෂණය විය. ඉහත වීඩියෝව ගුවන් යානය ගොඩ බැස්සවීමේදී ගුවන් නියමුවාගේ පාලනය ගිලිහීමෙන් ගොඩ බස්වන ආකාරයත් ඉන් අනතුරට පත් වන ආකාරයත් පෙන්නුම් කරනු ලබන අතර පසුබිමින් වෙනස් දෙවන වීඩියෝව ගුවන් යානයක් හදිසි ගොඩ බැස්සවීමේදී එහි ගමන් කරන මගීන් ඉවත් කරන බවක් පෙන්නුම් කරනු ලබයි.

ප්‍රථමයෙන්ම දැක්වෙන වීඩියෝවේ ගුවන් යානය Garuda Indonesia ලෙස සඳහන් වී ඇති බැවින් මෙලෙස ගුවන් අනතුරක් සම්බන්ධයෙන් වාර්තා වී ඇත්දැයි අප විදෙස් මාධ්‍ය වාර්තා ඔස්සේ නිරීක්ෂණය කරනු ලැබුවා.

2007 වර්ෂයේ Garuda Indonesia 200 ගුවන් යානා අනතුරින් පසු Garuda Indonesia ලෙස සඳහන් කළ ගුවන් යානා අනතුරක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ නොවුණි. එම යානය Adisucipto ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑමේදී ගුවන් යානය ධාවන පථය ඉක්මවා ගොස්, කුඹුරක කඩා වැටී ගිනිගෙන දැවී ගොස් මගීන් 20 දෙනෙකු සහ එක් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු මිය ගොස් තිබු බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පළ වූ විකිපීඩියා වාර්තාව මෙතනින්. ඒ සම්බන්ධව පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.

ඒ හේතුවෙන් අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර අපට දැක ගන්නට ලැබුණේ, මෙය 'X-Plane 11' නම් පියාසැරි අනුකරණ මෘදුකාංගයක් (සිමියුලේටර්) මඟින් නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි.

එලෙස නිර්මාණය කරන ලද වීඩියෝ පෙළක් Most Crazy Emergency Landing By Drunk Pilot | X-Plane 11 (බීමත් ගුවන් නියමුවන් විසින් හදිසියේ ගොඩ බැස්සවීම් සිදු කරන ලද අවස්ථා) යනුවෙන් Bopbibun නම් යූටියුබ් නාලිකාව මගින් 2020 මැයි 2 වන දා යූටියුබ් වෙත එක් කර තිබුණා.

එමෙන්ම මෙම වීඩියෝව නිර්මාණය කරන ලද්දක් බවත්, සැබෑ සිදුවීම් නොවන බවත් එහි දක්වා තිබුණේ මෙලෙසින්.

https://youtu.be/UHS1jiDd-YM?t=130

Archived Link

Xplan 11 පරිඝණක මෘදුකාංග ක්‍රීඩාව සම්බන්ධයෙන් එම වෙබ් අඩවියේ සඳහන් වන්නේ මෙලෙසින්.

එමෙන්ම දෙවන වීඩියෝවේ දැක්වෙන්නේ, 2022 ජනවාරි 5 වන දින, කැස්පියන් එයාර්ලයින්ස් වලට අයත් බෝයිං 737-400 ගුවන් යානය ඉරානයේ ඉස්ෆහාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමේදී වම් පෙදෙසේ ප්‍රධාන ගියරය කඩා වැටීමකට ලක් වීමෙන් පසු එහි සිටි මගීන් 117 දෙනෙකු සහ 9 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයද, එම ගුවන් යානයේ හදිසි පිටවීමෙන් පිටත් වන අයුරුයි. මගීන් 5 දෙනෙකු ඉන් තුවාල ලැබුවද එම අනතුරින් කිසිදු අයෙක් ජීවිතක්ෂයට පත් නොවුණි. ඒ බවට පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.

එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූප සහ වීඩියෝවක් පහතින්.

https://twitter.com/JacdecNew/status/1478852623021322242

Archived Link

https://twitter.com/JacdecNew/status/1478852762381299713

ජාත්‍යන්තරයේද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සත්‍ය ගුවන් අනතුරක් බවට පළ කළ මෙම වීඩියෝව සම්බන්ධයෙන් වෙනත් කරුණු විමර්ශන කණ්ඩායම් විසින් සිදු කළ කරුණු විමර්ශනයන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ ඇත්ත වශයෙන් සිදුවූ ඉන්දුනීසියානු ගුවන් යානයක් කඩා වැටී අනතුරකට ලක් වූ බව හැඟවෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව එකම අවස්ථා දෙකක වීඩියෝ කොටස් යොදා ගනිමින් සිදුකල සංස්කරණයක් වන අතර එහි පළමු කොටස පියාසැරි අනුකරණ මෘදුකාංගයක් (Flight Simulator) භාවිතා කරමින් නිර්මාණය කරන ලද වීඩියෝවක් වන අතර දෙවන කොටස ඉරානයේදී ගුවන් යානයක් ගුවන්තොටුපොළකට ගොඩ බැස්සීමට යාමේදී ඇති වූ දෝෂයක් මත මගීන් පිරිස හදිසි පිටත් වීම් මගින් ගුවන් යානයෙන් පිටත් වන අයුරු දැක්වෙන සත්‍ය වීඩියෝවකි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඉන්දුනීසියානු ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක්ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News