චීන අංක තහඩු ප්‍රදර්ශනය කරමින් මෙරට ධාවනය වූ චීන මෝටර් රථයක්?

Update: 2022-01-18 16:37 GMT

තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා තවත් පුද්ගලයන් දැනුවත් කිරීමේ අරමුණින් බොහෝ කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලිකයින් විසින් සංසරණය කර ගන්නවා සේම තවත් පුද්ගලයන් හිතාමතාම අසත්‍ය පැතිරවීම අරමුණු කොට ගෙන අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරිනවා. ඒ අතර ඇතැමුත් තමන්ගේ නොදැනුවත් භාවය හේතුවෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලබන ඇතැම් තොරතුරු ඔස්සේ නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කරන ලද කරුණු අනාවරණයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ශ්‍රී ලංකාවට චීන අංක තහඩුවක් සහිත චීන වාහනයක් ගෙන්වා ඇති බවත් එම රථය රත්මලාන ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටි බවත් එම වාහනයට පසුපසින් වාහනයක පැමිණි පුද්ගලයකු දමිළ බසින් පසුබිම් කථනයක් සමඟ වීඩියෝවක් පටිගත කර තිබුණා. (இலங்கையில் சீனா கார் வந்துள்ளது. சீனா நம்பரில் இலங்கையில் கார். இது இரத்மலான பகுதியில் செல்லும் கார்) සමාජ මාධ්‍ය ඔස්සේ එම වීඩියෝවක් දක්වා තිබුණේ මෙලෙසින්.

https://vimeo.com/667133872

Twitter | Archived Link

WhatsApp ඔස්සේ ද මෙම වීඩියෝව බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

එබැවින් සත්‍ය වශයෙන්ම මෙම වීඩියෝවේ දැක්වෙන්නේ චීන අංක තහඩුවක් ඇති, චීනයෙන් ආනයනය කරන ලද, මෝටර් රථයක්ද යන්න විමසීමක් අප සිදු කරනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මෙම මෝටර් රථයේ දැක්වෙන වාහනයේ අංක තහඩුවේ දැක්වෙන අංකය වෙත අවධානය යොමු කරනු ලැබුවා.

එහි දැක්වෙන්නේ, 301-9947 යන මෝටර් රථ ලියාපදිංචි අංකයයි.

බැලු බැල්මටම ශ්‍රී ලංකාවේ මීට වසර ගණනාවකට පෙර ලියාපදිංචි අංකයක් ලෙස හැඟුණ ද, අප මෙම මෝටර් රථය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇත්ත වශයෙන්ම ලියාපදිංචි වී ඇත්දැයි නිරීක්ෂණය කළෙමු. ඒ අනුව මෙය NISSAN BLUE BIRD මාදිලියේ නිෂ්පාදිත වර්ෂය 1996ට අයත්, එන්ජින් අංකය SR18-782662A අයත්, LOLC FINANCE PLC විසින් පූර්ණ හිමිකාරිත්වය හෝ උගස් කර ඇති මෝටර් රථයක් බවට අනාවරණය විය.

කෙසේ වෙතත් ඉහත වීඩියෝව පටිගත කරන අවස්ථාවේදී අදාළ පුද්ගලයා විසින් දමිළ බසින් පවසනු ලබන්නේ එම මෝටර් රථ අංක තහඩුවේ චීන භාෂාවෙන් අක්ෂර සඳහන් කර ඇති බවයි. ඒ හේතුවෙන් එම අක්ෂර කුමන අක්ෂරද යන්න හඳුනා ගැනීම සඳහා අප එම වීඩියෝවෙන් ලබා ගත් මෝටර් රථයේ අංක තහුඩුවේ ඡායාරූපයක් දෘශ්‍ය අක්ෂර හඳුනාගැනීමේ යෙදුමක් සඳහා යොමු කළ අතර මෙහි දැක්වෙන්නේ ජපන් අකුරු බවත්, එහි දැක්වෙන්නේ ජපානයට අයත් නගරයක් වන Nagano බවත් තොරතුරු අනාවරණය වුණා. ඒ අනුව මෙහි දැක්වෙන්නේ මෙරටට ආනයනය කරන ලද ජපන් වාහනයකි.

මෙරට මේ ආකාරයෙන් ජපන් අක්ෂර ද වාහන අංක තහඩු වල පෙන්නුම් කෙරෙන වෙනත් වාහන ද තිබේදැයි අප පරීක්ෂාවක් ද සිදුකළා. මේ තවත් එවැනි විකිණීම සඳහා පළකර තිබු දැන්වීමක දැක්වුණු 1996 වසරේ නිෂ්පාදිත Nissan Bluebird මෝටර් රථයක්.

Riyapola | Archived

මෙලෙසින් මෙරටට අදාළ නොවන වෙනත් අක්ෂරයන් ද මෝටර් රථ ලියාපදිංචි කිරීමේ අංකය සමග ප්‍රදර්ශනය කිරීම මෙරට මෝටර් රථ නීතියට අනුව සිදුවිය හැකිද යන්න විමසීම සඳහා අප මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුමිත් අලහකෝන් මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා.

ඒ මහතා සඳහන් කළේ, ඉහත වාහනයේ සවි කර ඇති අංක තහඩුව නීත්‍යානුකූල නොමැති බවයි. 2000 වසරේ සිට ලියාපදිංචි වාහන සඳහා අංක තහඩු නිකුත් කරනු ලබන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් බවත්, දෙපාර්තමේන්තුව විසින් 2000 වර්ෂයට පෙර ලියාපදිංචි වූ වාහන සඳහා අංක තහඩු නිකුත් නොකරන නමුත් අංක තහඩු සම්බන්ධයෙන් 1988 නිකුත් කරන ලද මෝටර් රථ පනතේ නීති හා රෙගුලාසි වලට අනුකූල විය යුතු වන අතර එසේ නොමැති නම් එම අංක තහඩු නීත්‍යානුකූල නොවන බවද සඳහන් කරනු ලැබුවා.

එමෙන්ම ඇතැම් විශේෂිත අවස්ථාවල විදේශීය ජාතිකයින්ට ඔවුන්ගේ මෝටර් රථ මෙරටදී අවුරුද්දකට අඩු කාලයක් තුළ ධාවනය කිරීමට අවසර හිමි වන අතර එලෙස කලාතුරකින් හිමිවන අවස්ථාවේදී වුවද, මෙරට මෝටර් රථ පනතට අනුකූලව මෙරට නියෝග වලට ගැලපෙන සේ මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අංක තහඩුවක් ලබා දෙන බවද ඒ හේතුවෙන් මෙලෙසින් වෙනත් රටක අක්ෂරයක් තිබිය නොහැකි බවද ඒ මහතා අවධාරණය කරනු ලැබුවා.

“ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් ලිඛිතව දෙනු ලැබූ පූර්ව අවසරය ඇතිව හැර මෝටර් වාහන පනතේ විධිවිධාන හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝගයක් හෝ යටතේ සළකුණු කිරීමට නියම කරනු ලැබූ ඉලක්කම් හෝ අකුරු නොවන ඉලක්කම් හෝ අකුරු කිසිවක් යම් මෝටර් වාහනවක පැතිවල සළකුණු කරනු නොලැබිය යුතුයි” යන්න නියෝග කර තිබේ.

අංක තහඩුව සම්බන්ධයෙන් මෝටර් වාහන පනතේ දැක්වෙන කරුණු පහතින්.

ඉහත වීඩියෝව සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතාගෙන්ද විමසීමක් කළ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම වීඩියෝව පිළිබඳව තමන්ගේ අවධානයද යොමු වී ඇති අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට මේ පිළිබඳව තමන් දැනුවත් කළ බවයි. කෙසේ වෙතත් අදාළ රෙගුලාසි වලට යටත්ව මෙම අංක තහඩුව නීත්‍යානුකූල අංක තහඩුවක් ලෙස පිළිගත නොහැකි බවද සඳහන් කරනු ලැබුවා.

වරයා නගරය චීනයට අයිති බවට පසුගිය වර්ෂයන් පුරා දේශපාලන වේදිකාවන් වලදී කතා බස් කෙරුණු දැකගන්නට ලැබුණා. මේ අතර වරාය නගරයේ කොටසක් ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරුණා. මේත් සමගම ජපානයේ අක්ෂර රැගත් මෙම මෝටර් රථ අංක තහඩුව හේතුවෙන් චීනයට අයත් වාහන චීන අංක තහඩු සමග මෙරට භාවිතා කිරීමට අවසරව හිමි වී ඇති බවට උපකල්පනය කිරීමෙන් මෙලෙස ඇතැම් පිරිස් නොමග ගොස් ඇති බවට අනුමාන කළහැක.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, චීනයෙන් මෙරටට ආනයන කරන ලද චීන අංක තහඩු රැගත් මෝටර් රථ මෙරටදී ධාවනයට අවස්ථාව හිමි වී ඇති බවට දක්වමින් හුවමාරු වූ වීඩියෝවේ දැක්වුණේ, චීන අක්ෂර නොව ජපන් අක්ෂර බවයි. එම අක්ෂර වලින් ජපානයේ නගරයක නමක් පිළිඹිඹු කරන අතර එම මෝටර් රථයේ දැක්වෙන්නේ මෙරට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති අංකයකි. කෙසේනමුත් මෙරට මෝටර් රථ නීතියට අනුව කිසිදු වෙනත් රටක අක්ෂරයන් අංක තහඩුවේ ප්‍රදර්ශනය කිරීම සිදු කළ නොහැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරනු ලැබීය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:චීන අංක තහඩු ප්‍රදර්ශනය කරමින් මෙරට ධාවනය වූ චීන මෝටර් රථයක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News