ප්ලාස්ටික් මිශ්‍ර සහල් හදන වීඩියෝවක්ද?

Update: 2022-01-25 03:06 GMT

අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හෝ තහවුරු කර නොගන්නා නිල නොලත් කරණු සමාජ ගත කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විමර්ශනය නොකට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් ජනතාව තුළ අනිසි බියක් ඇති කරනවා සේම එලෙස නොමග යැවීම සඳහා භාවිතා කරන්නේ සත්‍ය කරුණු නම් ඒවා කෙරෙහිද ජනතාව වැරදි කෝණයකින් බැලීම සිදු වනවා. එලෙස සත්‍ය කරුණු ඇතුළත් නීත්‍යානුකූල ක්‍රියාවලියක් නොමග යවන සුළු ආකාරයෙන් අසත්‍ය ජනගත කළ වීඩියෝවක් සම්බන්ධයෙන් Fact Crescendo අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

චීනේ හදන ප්ලාස්ටික් මිශ්‍ර හාල්. මෙහෙට ගෙනාවම තෝරලා බේරලා ප්‍රවේසමෙන් කන්ඩ වෙන්නේයනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.

https://vimeo.com/669420227

Facebook

සත්‍ය වශයෙන්ම චීනයේ ප්ලාස්ටික් මිශ්‍ර හාල් නිෂ්පාදනය කරන අයුරු මෙමගින් දැක්වෙන්නේද යන්න විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මෙම වීඩියෝව සම්බන්ධ සත්‍ය කරුණු විමර්ශනය කිරීම සඳහා මෙම වීඩියෝවේ මූලාශ්‍රය පිළිබඳ නිරීක්ෂණයක යෙදුණු අතර අපට දැක ගන්නට ලැබුණේ මෙම වීඩියෝව චීනයට අයත් කම්හලක් නොව ඉන්දියාවේ දිල්හි, VM food processing and Packaging Machines නමැති ස්නැක්ස් සැකසීම සහ ඇසුරුම් යන්ත්‍ර නිෂ්පාදකයින් සහ සැපයුම්කරුවන් සිදු කරන කර්මාන්තයක් බවයි.

එම ෆේස්බුක් පිටුව මගින් 2021 වසරේ නොවැම්බර් 20 වන දා ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ එම වීඩියෝව දක්වා තිබුණා. එහි සඳහන් කර තිබුණේ, සහල්වල පෝෂක ගුණය වැඩිදියුණු කර සකස් කරන යන්ත්‍ර නිෂ්පාදන කරන කම්හලක් යනුවෙනි. (Fortified rice kernel processing plant) එම වීඩියෝව පහතින්.

Full View

Archived Link

අපි මේ පිළිබඳව විමසීමට එම කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂක විජේකුමාර් මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. මෙම වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු අප සමග පැවසූවේ, එම වීඩියෝවේ ප්ලාස්ටික් සහල් සාදන ක්‍රියාවලියක් නොමැති බවත්, කුඩා කොටසවලට කැඩී යන සහල් යන්ත්‍රාණුසාරයෙන් පෝෂණ ගුණය වැඩි කරමින් යළි සැකසීමේ ක්‍රියාවලිය මෙම වීඩියෝවේ දැක්වෙන බවයි.

ඉන්දියානු රජයට අනුව සහල් නිෂ්පාදනයේදී කැඩී ඉතුරු වන සහල් ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් එය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වන පරිදි සහල් කුඩු කර එයට පෝෂ්‍ය පදාර්ථ එකතු කර සාදා නැවත සකස් කර පෝෂණ අගය වැඩි කිරීම සඳහා සින්ක් වැනි ඛනිජ වර්ග එකතු කර අඩු ආදායම් ලාභීන්ට අලෙවි කරන ලෙස රජය මෙම සමාගම්වලින් ඉල්ලා ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරිය (Fssai) විසින් විටමින් සහ ඛනිජ ලවණ එකතු කිරීමෙන් සහල් වල ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා නැවත සකසන ලද සහල් (Rice fortification) සම්බන්ධයෙන් එම අධිකාරියේ නිල වෙබ් අඩවියේ ද දක්වා තිබුණේ මෙලෙසිනි.

fssai.gov.in | Archived Link
ඒක පුද්ගල සහල් පරිභෝජනයක් ඇති රටවල ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයට පිළියම් යෙදීම සඳහා පිරිවැය ඵලදායී ලෙස කළමණාකරණය කර ගැනීමට සුදුසු උපාය මාර්ගයක් ලෙස මෙම ක්‍රමය හැඳින්විය හැකි බවත්, පසු අස්වනු නෙලීමේදී සහල් ඇඹරුම් හලවල් වලදී, සහල් ඔප දමන කම්හල් වලදීත් පෝෂ ගුණය විනාශ වන බැවින්ද ඉන්දීය ජනගහණයේ 65%කගේ පමණ ප්‍රධාන ආහාර වේල බත් වන හෙයින්ද ඉන් දිළිඳු පුද්ගලයන්ට දැරිය හැකි මට්ටක නැවත ගුණාත්මක බවින් යුත් සහල් සකසා ලබා දීම සිදු කරන බවත් එමගින් සඳහන් කර තිබුණා.

මේ පිළිබඳව ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරිය විසන් පැහැදිලි කරන වීඩියෝවක් පහතින්.

https://www.youtube.com/watch?v=T71bw2C4aNQ

මෙමගින් පැහැදිලි වනු ලබන්නේ මෙම සහල් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය වන්නේ කැඩී ගිය සහල් බවයි. ඒ අනුව ප්ලාස්ටික් උපයෝගි නොකර ගන්නා බවට මින් පැහැදිලි වේ.

සහල් වල ගුණාත්මක භාවය වැඩි කර ක්ෂුද්‍ර පෝෂක එකතු කිරීම මගින් රක්තහීනතාවයට, මන්දපෝෂණයට පිළියම් යෙදීම සඳහා ඉක්මන් සහ ලාභදායී ක්‍රමයක් බවට NITI Aayog වෙබ් අඩවියේ ලිපියක් පළ වී තිබුණේ මෙලෙසින්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඇති අතර පෝෂ්‍යදායි ගුණය එකතු කළ සහල් සම්බන්ධයෙන් The Indian Expres පුවත් වෙබ් අඩවියේ පළ වූ ලිපියක් මෙතනින්.

ශ්‍රී ලංකාවේද වයස අවුරුදු 10-18 අතර ගැහැණු ළමුන්ගේ යකඩ ඌනතාවය සම වයසේ පිරිමි ළමයින්ට වඩා තුන් ගුණයකින් වැඩිවීම හේතුකොට ගෙන මෙම ගැටලුව විසඳීම සඳහා පාසල් සිසුන් අතර ඉහළ මට්ටමේ රක්තහීනතාවයට එරෙහිව සටන් කිරීමේ පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ ලෝක ආහාර වැඩසටහන් (WFP) ක්‍රියාත්මක කරනු ලබන NGO ආයතනය විසින් පාසල් ආහාර වැඩසටහන හරහා පෝෂක ගුණයෙන් වැඩි මෙම සහල් (Fortified Rice) ලබා ගැනීමේ හැකියාව සහ පරිභෝජනය ඉහළ නැංවීම සඳහා ජාතික හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා රජය සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරන බවට පළ වූ ෆේස්බුක් සටහන් පහතින්.

Facebook | Facebook | Archived Link

කෙසේවෙතත් ප්ලාස්ටික් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති සහල් සම්බන්ධයෙන් සමාජයේ කතිතාවතාවක් නිර්මාණය වූවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල මූලාශ්‍රයක් හඳුනාගෙන නොමැති අතර එය බොහෝ දුරට මිත්‍යාවක් බවයි, ජාත්‍යන්තර ප්‍රසිද්ධ පුවත් වෙබ් අඩවි පෙන්වා දෙන්නේ.

එ් සම්බන්ධයෙන් පළ වූ BBC වාර්තාවක් මෙතනින්. තවත් කරුණු පරීක්ෂක කණ්ඩායම් සිදු කළ වාර්තා මෙතනින් සහ මෙතනින්.

Also Read : කෘතිම ප්ලාස්ටික් බිත්තර යොදා වව්නියාව හෝටලයක් ආහාර පිළියෙළ කර නැත!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ, චීනයේ ප්ලාස්ටික් සහල් නිපදවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු වීඩියෝවේ දැක්වෙන්නේ, චීනයේ නොව ඉන්දියාවේ දිල්ලියේහි සහල් නිෂ්පාදනයේදී කැඩී ඉතුරු වන සහල් ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් එය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වන පරිදි සහල් කුඩු කර එයට පෝෂ්‍ය පදාර්ථ එකතු කර සාදා නැවත සකස් කර පෝෂණ අගය වැඩි කිරීම සඳහා ඛනිජ වර්ග එකතු කර අඩු ආදායම් ලාභීන්ට අලෙවි කිරීමට ඉන්දියානු රජය විසින් ගෙන ඇති පියවරකි. ඒ අනුව එම ක්‍රියාවලිය සිදු කරන ආකාරයක් එම වීඩියෝවෙන් දැක්වේ.

කෙසේවෙතත් ප්ලාස්ටික් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති සහල් සම්බන්ධයෙන් සමාජයේ කතිතාවතාවක් නිර්මාණය වූවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල මූලාශ්‍රයක් හඳුනාගෙන නොමැති අතර එය බොහෝ දුරට මිත්‍යාවක් බවයි, ජාත්‍යන්තර ප්‍රසිද්ධ පුවත් වෙබ් අඩවි පෙන්වා දෙන්නේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ප්ලාස්ටික් මිශ්‍ර සහල් හදන වීඩියෝවක්ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News