FACT CHECK: කූරගල බෞද්ධ ප්‍රබෝධයත් සමග එහි පැවති ඉස්ලාම් පල්ලිය ඉවත් කර ඇද්ද ??

Update: 2022-01-29 05:07 GMT

රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ ප්‍රදේශයට ආසන්න ගල්ලෙන්වලින් පවා සමන්විත  කදුකර වන ගහනය සහිත ප්‍රදේශයක් වන කූරගල ,පසුගිය වකවානුව තුළ නිරන්තරයෙන්ම කතා බහට ලක්වූ ප්‍රදේශයක්.ඒ එහි පවතින බෞද්ධ උරුමය සහ එහි පුරාවිද්‍යාත්මක වටිනාකම නිසායි.වසර දහස් ගණනක අතීත බෞද්ධ නෂ්ඨාවශේෂ පවතින එම ප්‍රදේශයේ නැවත වරක් බෞද්ධ ප්‍රබෝධයක් මතුව ඇති අතර මෑත කාලීනව දාගැබක් ඉදිකිරීම ආදී කටයුතු සිදුවෙමින් පවතිනවා. 2022 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට යෝජනාවී ඇත්තේද කූරගලයි.කූරගල ඉදිවෙමින් පවතින දාගැබේ පූජා වස්තු තැන්පත් කිරීමද පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.කෙසේ වෙතත් මීට දශක කිහිපයකට පෙර සිට මෙහි එක් විශාල ගල්ලෙනක් කේන්ද්‍ර කර ගනිමින්  ඉස්ලාම් ආගමික ස්ථානයක්ද පවත්වාගෙන යයි.මෙවන් පසුබිමක් තුළ කූරගල පවතින ඉස්ලාම්  පල්ලිය ඉවත් කර ඇති බවක් හැගවෙන සේ පළවූ සමාජ ජාල සටහනක් පිළිබදව අප විසින් සිදු කල කරුණු  විමසා බැලීමකි මේ .

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඡායාරූප කිහිපයක් සමග මෙම සටහනද එක්කර තිබුණා.

“මේවා මෙහෙම දකින්න අපි පින් කරලා ඇති.”

මෙම සටහන සමග ඡායාරූප එක්කර තිබුණේ ,”එදා කූරගල “ලෙස ඉස්ලාම් ආගමික ස්ථානයක ලෙස හැගවෙන සේ ඡායාරූප එක්කර තිබුණු අතර “අද කූරගල” ලෙස ස්වාමීන් වහන්සේලා පිරිසක් ප්‍රතිනිර්මාණය කරන ලද කූරගල දාගැබ ආසන්නයේ බිම වාඩිවී ආගමික කටයුත්තක නියැලෙන ඡායාරූපයක් එක්කර තිබුණා. එයින් ඒත්තු ගන්වන්නට තැත් කරන්නේ එදා තිබූ ඉස්ලාම් ආගමික ස්ථානය අද එහි දක්නට නොමැති අතර දැන් එහි පවතින්නේ බෞද්ධ ආගමික ස්ථානයක් බවයි.

Facebook | Archived

බොහෝ දෙනෙක් අතර පැතිරුණු සටහනක් නිසා මෙහි සත්‍ය අසත්‍යතාවසොයාබැලීමට අප තීරණය කළා.

Fact Check(සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප මුලින්ම විමසා බැලුවේ ,මෙහි පැවැති ඉස්ලාම් ආගමික ස්ථානය ඉවත්කළ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කරුණ පිළිබදවයි.එහෙත් එවැනි කරුණක් පිළිබදව තොරතුරු සොයාගැනීමට අපට හැකිවුණේ නැහැ.

ඉන්පසුව අප මේ පිළිබදව මේ වන විට කුරගල බෞද්ධ ආගමික ප්‍රබෝධය සදහා මූලිකව කටයුතු කරන නෙල්ලිගල ධම්මරතන හිමියන්ගෙන් විමසා සිටියා.උන්වහන්සේ පවසා සිටියේ කුරගල ඉදිව පවතින ඉස්ලාම් ආගමික ස්ථානය මෙතෙක් ඉවත් කර නොමැති බවයි.කෙසේ වෙතත් මෙය අනවසර ගොඩනැගිල්ලක් බවයි උන්වහන්සේ පැවසුවේ.වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මරතන හිමියන් පැවසුවේ මෙය ඉතා සංවේදී කරුණක් නිසා තමන් ඉතා ඉවසීමෙන් කටයුතු කරන බවයි.ශ්‍රීපාදස්ථානය මෙන් බෞද්ධ ආගමික පුදබිමක් ලෙස කූරගල පූජා භූමිය පවත්වාගෙන යන අතර අනෙත් ආගමික බැතිමතුන්ටද බාධාවක් නොමැතිව සිය ආගමික කටයුතු කරගෙන යාමට ඉඩ ලබාදීම තම සැලසුම බවයි උන්වහන්සේ පැවසුවේ.

නෙල්ලිගල ධම්මරතන හිමියන් වැඩිදුරටත් අනාවරණයකළේ පසුගිය කාලය තුළදී කුරගල පුදබිම තුළ ඉදිකර තිබූ  අනවසර ගොඩනැගිල රැසක් ඉවත්  කර දැමීමට කටයුතු කළ බවයි.ඒ අනුව අනවසරයෙන් ඉදිකර තිබූ මුස්ලිම් ජාතිකයින්ගේ සොහොන් කොත් ගණනාවක්ද ඉවත් කළ බවත් ඔවුන් ආගමික වශයෙන් වැදගත් යැයි පැවසූ එක් සොහොන් කොතක් පමණක් ඉතුරු කර තැබූ බවත් උන්වහන්සේ පැවසුවා.

ජයිලානි “ ලෙස හැදින්වෙන මෙම ඉස්ලාම් ආගමික පල්ලියේ ප්‍රකාශකයෙක්ද අප සමග පැවසුවේ පල්ලිය තවමත් එම ස්ථානයේ පවත්වාගෙන යන බවයි.කෙසේ වෙතත් මෙම ස්ථාන දෙකම ජනතාව වන්දනාමාන කරන ස්ථාන නිසා එසේ පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බවත් ඔහු පැවසුවා.එමෙන්ම සමාජ ජාලා සටහනේ දැක්වෙන්නේ පල්ලියට සම්බන්ධ ස්ථාන බවත් ඔහු තහවුරු කළා.

රත්නපුර දිස්ත්‍රික්කය බාර පුරාවිද්‍යා නිලධාරී විරාජ් බාලසූරිය මෙන්ම කූරගල අයත්වන කල්තොට පොලිස් වසමේ පොලිස් ස්ථානාධිපතිවරයාද තහවුරුකළේ කූරගල පවතින ඉස්ලාම් ආගමික ස්ථානය එයින් ඉවත්කර නොමැති බවයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ කූරගල ජයිලානි පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවට හැගවෙන සේ පළවන සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවා වන බවයි. නෙල්ලිගල ධම්මරතන හිමියන් ,ජයිලානි ඉස්ලාම් පල්ලියේ නියෝජිතයියෙක් මෙන්ම පොලීසිය සහ පුරා විද්‍යා අංශ මගින්ද ඒ බව තහවුරු කළා .

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:FACT CHECK: කූරගල බෞද්ධ ප්‍රබෝධයත් සමග එහි පැවති ඉස්ලාම් පල්ලිය ඉවත් කර ඇද්ද ??

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News