පැනමා පත්‍රිකා මගින් දූෂිතයින් පිළිබද කරුණු හෙළිකල මාධ්‍යවේදිනී ඩැෆ්නි ගලීෂියා මරා දමා තිබු අයුරු?

Update: 2022-02-07 16:47 GMT

දැනට වසර කිහිපයකට පෙර ප්‍රකාශයට පත්කළ පැනමා පත්‍රිකා, ලෝකය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණා. ඒ එමගින් බොහෝ ධන කුවේරයන්ගේ, දේශපාලන නායකයන්ගේ සැගවුණු ධනය පිළිබද කරුණු හෙළිදරව් කිරීම හේතුවෙනි. පැනමා පත්‍රිකා පදනම් කරගත් අසත්‍ය කරුණුද සමාජ ජාලා හරහා වේගයෙන් පැතිරෙනවා. මේ එවන් අසත්‍ය සහ නොමග යවන සුලු සටහනක් පිළිබදව අප විසින් සිදු කළ විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

“ලෝකයේ දූෂිත හොර පාලකයින්ගේ විදේශ බැංකු ගිණුම් නම් සහිතව හෙලිකරමින් “පැනමා පත්‍රිකා නමින් අන්තර්ජාලයට මුදාහළ ඩැෆ්නි ගලීෂියා මාධ්‍යවේදිනිය තම රථයත් සමගම පුපුරවා හැර මරා දමයි. සතුටු වන්නන් අතර ශ්‍රී ලංකාවේ දූෂිතයින්ද ඉන්නට බැරිකමක් නෑ.” යනුවෙන් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

Facebook | Archived

මෙම සටහන හුවමාරු වූ තවත් අවස්ථා කිහිපයක් පහතින්.

මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

2017 වසරේදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඝාතනයට ලක්වූ මෝල්ටානු ජාතික මාධ්‍යවේදීනී ඩැෆ්නි ගලීෂියා ගේ මරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වාර්තා මෙන්ම ඇය ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (ICIJ) හා සම්බන්ධ මාධ්‍යවේදිනියෙකු ද යන්න අප නිරීක්ෂණය කරනු ලැබුවා.

පැනමා පත්‍රිකා පළ කරනු ලබන්නේ International Consortium of Investigative Journalists (ICIJ) සංවිධානය ලොව පුරා ඇති තවත් මාධ්‍ය සංවිධාන සමග එක්වයි. 2016 වසරේ අප්‍රේල් මාසයේ සිට ඔවුන් මෙම පළකිරීම් අරඹා ඇති අතර රහසිගත මූල්‍ය තැන්පත් කිරීම් ආදිය පිළිබදව, ඒ හා සම්බන්ධ ලිපි ගොණු ආදිය මිලියන ගණනක් ඔවුන් අනාවරණය කර තිබෙනවා.ඒ හා සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින් .Archived. ඒ හා සම්බන්ධ වීඩියෝවක් මෙතනින්.

සිය මෝටර් රථයට සවිකරන ලද බෝම්බයකට හසුව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදිනී ගාර්ෂියා පැනමා පත්‍රිකා වල කරුණු සිය මාධ්‍ය කටයුතු සඳහා භාවිතා කර තිබෙන බව ICIJ සංවිධානයද සිය වෙබ් අඩවියේ දක්වා තිබෙනවා. එම වාර්තාවට පිවිසිය හැකියි මෙතනින්. Archived.

ICIJ සංවිධානයේ අධ්‍යක්ෂ Gerald Ryle විසින් මෙන්ම පැනමා පත්‍රිකා කණ්ඩායමේ සාමාජිකයින් වූ මාධ්‍යවේදීන් දෙදෙනක් විසින්ද USA Today වෙත පවසා තිබුණේද මාධ්‍යවේදිනී ගාර්ෂියා, පැනමා පත්‍රිකා සම්බන්ධ අනාවරණය කිරීම් වලට දායක නොවූ බවයි.ඒ සම්බන්ධයෙන් වන විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived.

ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක ලෙස බොහෝ දූෂණ වංචා සම්බන්ධව මෝල්ටානු මාධ්‍ය හරහා තොරතුරු හෙළිකල මාධ්‍යවේදිනියක වන ඇයගේ ඝාතනය හා සම්බන්ධ ව සැකකරුවන් අතරින් එක් අයෙකුට වසර පහළොවක සිර දඩුවම් ලබාදීම හා සම්බන්ධ වාර්තාවක් මෙතනින්. Archived.

මේ අතරතුරදී මෙම ඝාතනය සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාකර බැලූ මෝල්ටානු පරීක්ෂණ කමිටුවක් 2021 දී සිය නිගමනය ලෙස අවධාරණය කර තිබුනේ බොහෝ තර්ජන තිබියදී මාධ්‍යවේදිනියගේ ජීවිතය ආරක්ෂා කිරීමට අදාළ පියවර නොගැනීම සම්බන්ධයෙන් මෝල්ටානු රාජ්‍යය වගකිවයුතු බවයි. ඒ සම්බන්ධ වාර්තාවක් මෙතනින්.Archived.

පැනමා පත්‍රිකාවල අඩංගු වූ අනාවරණ මෙන්ම වෙනත් මොල්ටාවේ දුෂිත දේශපානය සම්බන්ධයෙන් මෙන්ම වෙනත් සංවිධානාත්කමක අපරාධ සහ සැකසහිත ව්‍යාපාරික ගනුදෙනු පිලිබඳ කරුණු අනාවරණය කළ ගවේශනාත්මක මාධ්‍යවේදිනීයක් වූ ගාර්ෂියාගේ මෙම අනාවරණම ඇයගේ ඝාතනයට මුල්වූ බව එම ඝාතනය පිලිබඳ කරුණු පරීක්ෂා කල කමිටුව විසින්ද පවසා තිබුණා.

ICIJ | Archived

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ 2017 දී සිය රථය පුපුරුවා හැරීමට ලක්වීම හේතුවෙන් ඝාතනයට ලක්වූ මෝල්ටානු මාධ්‍යවේදිනී ඩැෆ්නි ගලීෂියා පැනමා පත්‍රිකා අනාවරණය ලොවට හෙළිකල ICIJ සංවිධානය හා සම්බන්ධවී කටයුතු කළ මාධ්‍යවේදිනියක් නොවන බවයි. කෙසේ වෙතත්, ගවේශනාත්මක මාධ්‍යවේදිනීයක් වූ ගාර්ෂියා විසින් පැනමා පත්‍රිකා වල සඳහන් කරුණු සිය මාධ්‍ය වාර්තාකරණයට සම්බන්ධ කරගෙන තිබුණා. ඒ අනුව ඇය පැනමා පත්‍රිකා අනාවරණය කල මාධ්‍යවේදිනියක් බවට පළවන වාර්තා නොමග යවන සුලුයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පැනමා පත්‍රිකා මගින් දූෂිතයින් පිළිබද කරුණු හෙළිකල මාධ්‍යවේදිනී ඩැෆ්නි ගලීෂියා මරා දමා තිබු අයුරු?

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News