මුස්ලිම් බහු විවාහ සඳහා අවසර?

Update: 2022-02-25 05:44 GMT

භාර්යාවන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීමට මුස්ලිම් නීතියෙන් අවකාශය ලබා දී ඇති බව බොහෝ දෙනා දන්නා කරුනකි. කෙසෙනමුත් මෙරටදී මුස්ලිම්  ජනතාවට බහු විවාහ සඳහා අවසර ලබා දී තිබුණේ නැති බවටත්, මෑතකදී බහු විවාහ අවසරය ලබා දුන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි සත්‍ය සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

මුස්ලිම් බහු විවාහ සඳහා අවසර

මුස්ලිම් විවාහ පනතට සංශෝධන‼” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

මෙම තේමාව යටතේ ෆේස්බුක් ඔස්සේ සටහන් සංසරණය වී තිබූ අයුරු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සටහන් ඔස්සේ හඟවා තිබුණේ බහු විවාහ සඳහා අවසර ලබා දුන්නේ මෑතකදී සිදු කරන ලද නව පනතකින් බවත්, ඒ සඳහා නීතියෙන් අවසර ලැබී ඇති බවකි.

නමුත් මෙරට පවතින 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ 24 වන වගන්තිය ප්‍රකාරව ඉස්ලාම් ආගමික පුරුෂයෙකුට බහු විවාහ සිදු කර ගැනීමට අවසර හිමි වී තිබූ අතර බහු විවාහ සම්බන්ධයෙන් නීතිය මෙතෙක් අහෝසි වී නොතිබුණි.

කෙසේවෙතත් මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනයට අදාළ ව කාති ක්‍රමය සහ බහු විවාහය අහෝසි කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ගෙන ආ යෝජනාවලිය පසුගිය වසරේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එම යෝජනාවලියට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබුණා.

එම යෝජනාවලිය නම් මෙසේය.

sinhala.dgi.gov.lk

එසේ නමුත් එම පනත සඳහා සංශෝධන එක් කිරීමේ දී කාති උසාවි තහනම් කිරීමට සහ මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ ක්‍රමය නතර කිරීමට මුස්ලිම් ප්‍රජාව විරෝධය පළ කරන බව පසුගිය 21 වන දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ප්‍රකාශ කර ඇති අතර එක රටක් එක නීතියක් කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කරන තුරු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ගෙන ඒමෙන් වැළකීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබුණා. ඒ බවට පළ වූ පුවත් වාර්තාවක් මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link

මේ පිළිබඳව අප අධිකරණ අමාත්‍ය අලි සබ්‍රී මහතාගෙන් විමසීමක් සිදු කරනු ලැබූ අතර අමාත්‍යවරයා සඳහන් කළේ, “ඉස්ලාම් භක්තික පිරිමින්ට බහු විවාහ සඳහා අවසර” යනුවෙන් මේ දින වල ප්‍රචාරය වන පුවත් නොමග යවන සුලු බවයි.

වරින්වර සංශෝධිත 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මෙරට මුස්ලිම් ජාතීන්ගේ විවාහ දික්කසාද සඳහා අදාළ වන බවත්, එකී පනතේ ප්‍රතිපාදන අනුව මුස්ලිම් ජාතීන්ට බහු විවාහ සඳහා අවසර ලබාදී ඇති බවත් තවමත් පවතින්නේ එම නීතිය බැවින් අලුතින් අවසර ලබාදීම සඳහා ප්‍රතිපාදන පැනවීමට අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

කෙසේ වෙතත් කාලයක් තිස්සේ මුස්ලිම් නීතිය තුළ සිදුවිය යුතු හා වෙනස් වී විය යුතු වෙනස්කම් සිදු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින අතර, ඒ අනුව බාලවයස්කාර විවාහ තහනම් කිරීම, කාති උසාවිය අහෝසි කොට සමථ මණ්ඩල හා සමාන නව ක්‍රමවේදයක් හඳුන්වා දීම, නඩු විසඳීම සඳහා දිසා අධිකරණයට බලය ලබාදීම, නඩත්තු සඳහා මහේස්ත්‍රාත් අධිකරණ වෙත සෘජුවම ඉල්ලුම් කිරීමේ ප්‍රතිපාදන ඇතුළු මුස්ලිම් නීතියෙහි පුළුල් සංශෝධන රාශියක් අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත්, එකී කටයුතු සිදුකරමින් පවතින අතරතුර අනිකුත් සියලුම නීතීන් සකස් කරන ආකාරයටම එම නීතියෙන් බලපෑමට ලක්වන පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීම සිදුවන අතර එකී සාකච්ඡා වල දී මතුවන අදහස් හා කරුණු විවිධ අවස්ථා වලදී තීන්දු තීරණ ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවා.

ඊට අමතරව දැනටමත් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට වෙසෙන මුස්ලිම් ජනතාවට අවශ්‍ය නම් සාමාන්‍ය විවාහ හා දික්කසාද නීතිය යටතේ විවාහය ලියාපදිංචි කිරීම සඳහා ප්‍රගතිශීලී සංශෝධන සිදු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ද අවසර ලැබී ඇති බව ද, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

ඒ අනුව “ඉස්ලාම් භක්තික පිරිමින්ට බහු විවාහ සඳහා අවසර” යනුවෙන් මේ දින වල ප්‍රචාරය වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු හා පදනම් විරහිත කරුණු මත සමාජය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති බවක් පැහැදිලි වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් අධිකරණ අමාත්‍ය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන සඳහා අදාළ වාර්තාව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සභාපතිත්වය දරන ‘එක රටක් එක නීතියක්’ කොමිෂන් සභාව විසින් ලබන 28 වනදාට පෙර අමාත්‍ය මණ්ඩලයට ලබා දියයුතු බවට ගැසට් නිවේදනයක් මගින් දන්වා ඇති බව බොදු බල සේනා මාධ්‍ය ලේකම්, එරන්ද කේ. නවරත්න මහතා අප කළ විමසීමේදී සඳහන් කළා.

ඒ අනුව ‘එක රටක් එක නීතියක්’ කොමිෂන් සභාව විසින් ලබා දෙන වාර්තාව ද අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් ගෙන එනු ලබන යෝජනා සංශෝධනයන්ට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබේද නැද්ද යන වග තීරණය වනු ලබයි.

කෙසේ වෙතත් මේ වන විටත් ක්‍රියාත්මක වන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව මුස්ලිම් ජනයාට බහු විවාහයට අවසර ලැබී තිබෙන අතර මෙතෙක් එම පනතේ අදාළ වගන්තියේ කිසිදු වෙනසක් සිදු වී නොමැති අතර අදාළ සංශෝධනයන් සිදු කිරීමෙන් පසු මෙම පනත වෙනස් විය හැක.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

‘මුස්ලිම් බහු විවාහ සඳහා අවසර’ යනුවෙන් සඳහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුලු වේ. මෙතෙක් ක්‍රියාත්මක කරනු ලබන්නේ, 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත බැවින් එම පනතට අනුව මුස්ලිම් බහු විවාහ සඳහා අවසර එම කාල වකවාණුවේ සිට ලැබී තිබුණි. නමුත් මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනයට අදාළ ව බහු විවාහය සහ කාති උසාවි තහනම් කිරීමට අහෝසි කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ගෙන ආ යෝජනාවලියට පසුගිය 2021 වර්ෂයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණු අතර ඊට නැගුණු මුස්ලිම් ජනතාවගේ විරෝධය හේතුවෙන් එම පනත සඳහා සංශෝධන එක් කිරීමේ දී කාති උසාවි තහනම් කිරීමට සහ මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ ක්‍රමය නතර කිරීමට අමාත්‍යවරයා ඉල්ලා සිටිය ද, ‘එක රටක් එක නීතියක්’ කොමිෂන් සභාව විසින් මේ පිළිබඳව ඉදිරිපත් කරන වාර්තාව ලැබෙන තෙක් එම පනතට සංශෝධන ගෙන ඒමෙන් වැළකීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.

අදාළ වාර්තාව ලැබුණු පසු සහ එම සංශෝධනයන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ගනු ලබන තීරණ සමගින් ඉදිරියේදී මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මුස්ලිම් බහු විවාහ සඳහා අවසර?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News