යුක්රේන ජනපති යුරෝපා සංගමය සමග එක්වීමට අත්සන් තැබුවාද?

Update: 2022-03-02 13:03 GMT

රුසියාව විසින් යුක්රේනයට එල්ල කෙරෙන ප්‍රහාර මධ්‍යයේ ඒ පිළිබඳ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා අපට බහුලව දැක ගන්නට පුළුවන්. මේ අතර යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජකත්වය හිමි වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

මීට සුලු මොහොතකට පෙර යුක්රේන ජනපති යුරෝපා සංගමය සමග එක්වීමට අත්සන් තබයි යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් එක් කර තිබුණේ පහත අයුරින්.

Facebook | Archived Link

එලෙස සඳහන් වූ තවත් සටහනක් මෙතනින්. Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

යුරෝපා සංගමය විසින් යුක්රේනය එම සංගමයට ඇතුළත් කිරීමට පියවර ගත් බවට ජාත්‍යන්තර මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි අප නිරීක්ෂණය කරනු ලැබුවා. නමුත් එ් පිළිබඳව මෙතෙක් යුරෝපා සංගමය විසින් තීරණයක් ගත් බවට කිසිදු මාධ්‍ය වාර්තාවක පළ නොවුණි.

ඒ හේතුවෙන් ඉහත ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබීය. ඒ අනුව එහි දැක්වෙන්නේ, යුක්රේන ජනාධිපති Volodymyr Zelensky පසුගිය පෙබරවාරි 28 වන සඳුදා තම රටට වහාම යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා දෙන ලෙස ඉල්ලා නිල වශයෙන් එම සංගමයට අයැදුම්පතක් යොමුකිරීමට පියවර ගත් අවසථාවේ ලබා ගත් ඡායාරූපකි. ඒ බවට පළ වූ විදෙස් මාධ්‍ය වාර්තා මෙතනින්,මෙතනින් සහ මෙතනින්.

එමෙන්ම යුක්රේන ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේද මේ පිළිබඳව සඳහන් කරමින් ඉහත ඡායාරූපයද ඇතුළත් ඡායාරූප කිහිපයක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එම අවස්ථාවේ ඔහු පළ කළ අදහස් මෙතනින්.

යුක්රේන ජනාධිපතිවරයා ඊයේ (02) වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ඇමතූ අතර මෙහිදී යුරෝපා රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ, තමන් තනි නොකරන ලෙස ය.

යුරෝපයේ විශාලතම චතුරස්‍රය වන කාර්කිව් හි නිදහස් චතුරස්‍රයේ පිහිටි පරිපාලන ගොඩනැගිල්ල, රඟහල සහ ඔපෙරා රඟහල වැනි ස්ථාන ඉලක්ක කර රුසියාව ඊයේ එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගල මරණ 10ක් පමණ සිදුව ඇතැයිද සෙලෙන්ස්කි එහිදී පැවසුවා. එම වීඩියෝව මෙතනින්.

යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමේ ඉල්ලීමට පිළිතුරු දෙමින් යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් පැවසුවේ, “මෙම අවස්ථාවේ නැගී සිටීම යුරෝපීයයන් වන අපට භාරයි” යනුවෙනි. යුරෝපීය කොමිසම යුක්රේනයේ සාමාජිකත්වය පිළිබඳ මතයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන අතර, කවුන්සිලය එම වගකීමෙන් පැන නොයනු බවත් මෙම නීත්‍යානුකූල ඉල්ලීම බරපතල ලෙස විශ්ලේෂණය කිරීමට සිදු වන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම දුෂ්කර බවත්, ඊට යුරෝපා සංගමයට අයත් රටවල අදහස් විවිධ බවත් මෙය බැරෑරුම් විෂයක් බවයි ඔහු වැඩිදුරටත් මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඇල්බේනියාව, සර්බියාව, උතුරු මැසිඩෝනියාව, සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් සියල්ලම යුරෝපා සංගමයේ අපේක්ෂත්වය ලබා ගැනීම සඳහා සිටින රාජ්‍යන් වන අතර ඒ සියල්ලම මේ වන විටත් පවතින්නේ සාකච්ඡාමය තත්ත්වයකයි. බොස්නියාව සහ හර්ස්ගොවිනාව ද, යුරෝපා සංගමයට සම්බන්ධ වීමට ඉල්ලුම් කර ඇති නමුත් තවමත් අපේක්ෂකයෙකු ලෙස හෝ පිළිගෙන නොමැති අතර 2008 දී නිදහස ප්‍රකාශ කළ කොසෝවෝ රාජ්‍යට යුරෝපා සංගමයට ඇතුලත් රාජ්‍යයන් 5 ක් මෙන්ම සර්බියාව ද මෙතෙක් පිළිගෙන නොමැත.

විශේෂයෙන් ස්වීඩනය, ෆින්ලන්තය, සහ ඔස්ට්‍රියාව මෙහි සාමාජිකත්වය සඳහා වන අයදුම්පත්‍රයේ සිට සාමාජිකත්වය දක්වා සම්පූර්ණ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් දශකයක් පමණ ගත වී ඇති බවට වාර්තා පෙන්වා දෙනවා. එම වාර්තා මෙතනින් සහ මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු අනාවරණයෙන් පෙන්වා දෙනු ලබන්නේ, යුක්රේන ජනපති යුරෝපා සංගමය සමග එක්වීමට අත්සන් තබයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප සටහන නොමග යවනසුළු බවයි. එම ඡායාරූපයේ දැක්වෙන්නේ, යුක්රේනයේ ජනාධිපති Zelensky විසින් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා දෙන ලෙස ඉල්ලා නිල ලේඛනයකට අත්සන් තබන අවස්ථාවේ ඡායාරූපයක් බවයි. මෙතෙක් යුරෝපා සංගමයේ සාමාජිකත්වය යුක්රේනයට හිමි වී නොමැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:යුක්රේන ජනපති යුරෝපා සංගමය සමග එක්වීමට අත්සන් තැබුවාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News