FACT CHECK:  වසර 147 ක් වයසැති භික්ෂූන් වහන්සේ නමක්? (VIDEO)

Update: 2022-03-15 14:13 GMT

ආශ්චර්‍යමත් සහ පුදුම සහගත දේවල් සම්බන්ධ වීඩියෝ නිතර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් වීඩියෝ පැතිරෙන්නේ වැරදි සහගත තොරතුරුද සමාජ ජාලා හරහා පතුරවමින්. මේ එවන් අසත්‍ය සහගත ශිර්ෂ පාඨයක් සහිතව පැතිරුණු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

වසරේ 147ක් වයසැති භික්ෂුන්වහන්සේ නමකට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යනුවෙන් ප්‍රර්ථනාවක් සහිතව වයස්ගත ස්වාමීන් වහන්සේ නමකගේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබුණේ මෙලෙසින් .

https://vimeo.com/688295824

Facebook

මේ වන විට ලක්ෂ 8 කටත් වැඩි වාර ගණනාවක් නරඹා තිබු මෙම වීඩියෝව සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයකි මේ .

විශාල පිරිසක් අතර හුවමාරුව තිබුණු වීඩියෝවක් නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා .

Also Read: FACT CHECK: තවමත් අපවත් නොවූ වසර 200ක් වයසැති භික්ෂුවක්ද?

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප මුලින්ම මෙම වීඩියෝව රූප රාමුවලට වෙන්කර ඒවා Reverse Image සෙවුමකට ලක්කරමින් මේ පිළිබදව සොයා බැලුවා. එමගින් අපට මේ හා සම්බන්ධ වාර්තා පරිශීලණය කිරීමට හැකියාව ලැබුණා.

Newsflare වාර්තාවට අනුව මෙම ස්වාමීන් වහන්සේ වාසය කරන්නේ කරන්නේ තායිලන්තයේ Wat Ban Klang නම් විහාරස්ථානයේයි. උන් වහන්සේ ඉපදී ඇත්තේ 1912 වසරේ අන අතර මේ වන විට වයස අවුරුදු 109 ක්. උන්වහන්සේගේ නම වන්නේ Phrakhru Akha Chanthasaro යන නාමයයි.

කුඩා කල වෛද්‍යවරුන් විසින් ඔහු වයස අවුරුදු 20 දී මියයන බව පැවසුවත් ඒ අනාවැකි අසත්‍ය බවට පත්කරමින් උන්වහන්සේ මේ වන විට අවුරුදු 109 ක් ආයු වැළඳීමට සමත්ව තිබෙනවා. මේ වසරේ අප්‍රේල් 13 වැනිදා මෙම භික්ෂුවගේ 110 වන ජන්ම දිනයයි.

මෙම භික්ෂූන් වහන්සේට උපස්ථාන කරමින් රැකබලාගන්නේ Auy Auyaree නම් උන්වහන්සේගේ මිණිබිරියයි. ඇය සමාජ ජාලා වලද ස්වාමීන් වහන්සේගේ ඡායාරූප සහ වීඩියෝ පළකරමින් මෙම භික්ෂුව පිළිබද විස්තර ලෝකයට ලබාදෙනවා . ඇය NewsFlare වෙත පවසා ඇත්තේ, ස්වාමීන් වහන්සේගේ ඇස් පෙනීම සහ කන් ඇසීම දුබල වුවත් ඔහු මනා සිහිකල්පනාවෙන් යුතුව සිටින බවයි. මෙම විස්තර සහිත වාර්තාවට පිවිසීම මෙතනින්.Archived

Ayu Auyaree සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහාද ස්වාමීන් වහන්සේගේ ඡායාරූප එක්කර තිබුණා. එම ගිණුමට පිවිසිය හැකියි මෙතනින්.

ස්වාමීන් වහන්සේගේ ජනප්‍රියතාවය පිළිබදව විස්තර ලබාගත හැකියි මෙතනින් සහ මෙතනින්.

සමාජ ජාලාවල උන්වහන්සේගේ ඡායාරූප,විඩියෝ පළවීමත් සමගම උන්වහන්සේගේ වයස පිළිබදව විවිධ උපකල්පන ඉදිරිපත් කිරීමට සමාජ ජාලා පරිශීලකයින් කටයුතු කර තිබෙනවා. ඇතැමුන් වයස 163 ක් ලෙස උපකල්පනය කර තිබූ අතර ඇතැමුන් 200 ක් ලෙස උපකල්පනය කර තිබෙනවා. ඇතැමුන් පවසා ඇත්තේ උන්වහන්සේ ස්වයං මමිකරනයට ලක්වෙමින් සිටින බවයි.

මේ පිළිබද විස්තර තහවුරු කරගැනීම සදහා Ayu Auyaree ව (ස්වාමීන් වහන්සේගේ මිණිබිරිය ) සම්බන්ධ කරගැනීමේ හැකියාව අපට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණු අතර ඇය පැවසුවේ මෙම සමාජ ජාලාවල වේගයෙන් ව්‍යාප්ත වන වීඩියෝව තමන්ට ඥාතිත්වය අතින් සීයා වන ස්වාමීන් වහන්සේට අයත් බවයි.

එමෙන්ම ස්වාමීන් වහන්සේ මේ වන විට 109 වන වියේ පසුවන අතර තමා විසින් උන්වහන්සේට උපස්ථාන කරන බව සහ මේ වන විට හොද සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඇය පැවසුවා . එමෙන්ම ඇය ඉල්ලා සිටියේ තමන් සමාජ ජාලාවලට එක්කරන වීඩියෝ වැරදි තොරතුරු සහිතව පතුරුවා නොහරින ලෙසයි.

මේ සම්බන්ධයෙන් ඉන්ග්‍රීසි බසින් Fact Crescendo කණ්ඩායම පළ කල සටහනකට පිවිසීම පහතින්

Video of 109-Year-Old Thai Man Falsely Viral As 200-Year-Old Himalayan Monk

වයස්ගතම පුද්ගලයින් පිලිබඳ ගිනස් ලෝක වාර්තා වෙබ් අඩවියේ ලිපියක් වෙත පිවිසීම මෙතනින්. දැනට වාර්තාවන ලොව වයස්ගතම ජීවත්ව සිටින පුද්ගලයා වයස අවුරුදු 119ක ජපන් කාන්තාවකි

එසේම ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ විශ්ලේෂණයන්ට අනුව වයස අවුරුදු 135 ඉක්මවා යම්කිසි පුද්ගලයෙකු මේ සියවස තුළ ජීවත්වීමේ සම්භාවිතාව ඉතාමත්ම අඩුම (extremely unlikely) ලෙසද දැක්වෙනවා. වොෂිංටන් විශ්ව විද්‍යාලයේ දත්ත වලට පිවිසීම මෙතනින්.

FACT CHECK: මෑතදී සිය 210 වන උපන්දිනය සැමරූ ලොව වයස්ගතම කාන්තාව ?

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීම අනුව තහවුරු වූයේ තායිලන්තයේ වාසය කරන මෙම ස්වාමීන් වහන්සේගේ වයස අවුරුදු 109 ක් වන බවයි. ඒ අනුව උන්වහන්සේගේ වයස වසර 147 ක් වන බව හඟවමින් පතුරුවා ඇති සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළුයි. 

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:FACT CHECK: වසර 147 ක් වයසැති භික්ෂූන් වහන්සේ නමක්? (VIDEO)

Fact Check By: Kalana Krishantha

Result: False

Tags:    

Similar News