අටලුගම දැරිය මරා දැමූ සැකකරු ජවිපේ සමාජිකයෙක් බවට ජාතික පුවත් පතක පළ වූවාද?

Update: 2022-06-01 12:40 GMT

අටලුගම දී කුඩා දැරියක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සැකකරු, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෙන් බවට සඳහන් කරමින් ජාතික පුවත් පතක පළ වූ ලිපියක් බව ද පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන්, එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය මෙතනින්.

සමාජ මාධ්‍ය සටහන් :

“කොහේ ගියත් ජෙප්පෙක්.

අටළු ගම දැරිය මරා දැමු ජවිපේ සැකකරු අල්ලයි.

මොහොමඩ් ෆාරුක් මොහමඩ් නොහොත් කොත්තු බාස්. අටළු ගම මුස්ලිම් කොළණියේ ජවිපේ ක්‍රියාකාරී සාමජිකයෙකි.”

යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

එම පුවත් ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, අටළුගම දැරිය ඝාතනයේ සැකකරු මොහොමඩ් ෆාරුක් මොහොමඩ් අටළුගම මුස්ලිම් කොළණියේ ජවිපේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවත්, එම ඝාතකයා අරගල දිනයේ ගෙවල් ගිනි තැබීමට මූලික වූ අයෙක් බවත්, මූලික විමර්ශන වලදී සොයා ගෙන ඇති බවයි.

එමෙන්ම එම පුවත් ලිපිය ‘ලංකාදීප’ පුවත් පතේ පළ වූ බවට ඉහත සටහන ෆේස්බුක් වෙත යොමු කළ තැනැත්තිය විසින් සඳහන් කර තිබුණේ මේ අයුරින්.

ෆේස්බුක් පරිශීලකයින් ඔස්සේ එම ඡායාරූප සටහන බහුලව සංසරණය කර තිබූ අයුරු පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙලෙස සඳහන් වූ ලිපියක් ‘ලංකාදීප’ පුවත් පතේ, පළ වී තිබුණා ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම විමර්ශනය කරනු ලැබුවා.

අටළුගම සිදුවූ මෙම ඛේදවාචකයේ සැකකරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ආකාරයේ පුවතක් ලංකාදීප පුවත් පතේ පළ වී නොතිබුණි.

අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා ලංකාදීප පුවත් කතෘවරයෙකුගෙන් ද විමසීමක් සිදු කළ අතර ඒ මහතා සඳහන් කළේ, එවැනි ආකාරයේ පුවතක් ලංකාදීප පුවත් පතේ හෝ වෙබ් අඩවියේ හෝ පළ කර තිබුණේ නොමැති බවයි.

ඉන් අනතුරුව වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක හෝ මෙවැනි පුවතක් වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳව ද අප නිරීක්ෂණය කළ අතර, අටළුගම දැරිය ඝාතනයේ සැකකරු ජවිපේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට සඳහන් කළ පුවතක් අපට දැකගන්නට නොලැබිණි.

ඒ අනුව පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පුවත් පතක පළ වූ ලිපියක් ලෙස හඟවමින් ව්‍යාජ ලෙස නිර්මාණය කළ ඡායාරූපයක් බවයි.

අප මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන්ද විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, අටළුගම දැරිය ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වලදී සැකකරු කුමන පක්ෂයකට කටයුතු කරාද යන්න පිළිබඳ අවධානය යොමු නොකළ බවයි. එමෙන්ම එම සැකකරු කුමන පක්ෂයකද යන්න පිළිබඳ මෙම සිදුවීම සම්බන්ධ සිදු කළ ප්‍රකාශයන් වලදී සඳහන් නොකළ අතර කිසිදු මාධ්‍ය ආයතනයකට හෝ එවන් ප්‍රකාශයක් නොකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සඳහන් කළා.

එමෙන්ම ඔහු අරගල භූමියට එල්ල වූ ප්‍රහාරයට සමගාමීව නිවාස ගිනි තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පැමිණිලි ලැබී නොමැති බවත් එවන් ප්‍රකාශයක් හෝ තමන් සිදු නොකළ බවත්, ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියා.

එමෙන්ම මෙම ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් අප ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සම්බන්ධීකාරක ලේකම් උපුල් රන්ජන් මහතාගෙන් ද විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, කතාබහට ලක් වූ ඕනෑම ඛේදවාචකයක සැකකරුවන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බවට පවසමින් සෑම විටම අසත්‍ය ෆේස්බුක් සටහන් නිර්මාණය වන බවත්, ජවිපෙ සම්බන්ධයෙන් ජනතාවට වැරදි මතයක් සමාජ ගත කිරීම මෙම ව්‍යාජ සටහන් නිර්මාණය කරන්නන්ගේ අරමුණ බවයි. මෙය ද, එවැනිම අසත්‍ය පුවතක් බවයි ඔහු පවසා සිටියේ.

Also Read:

ජුබිලි කණුවේ කිරි පෝලිම් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ ජවිපෙ සාමාජිකයින් දෙදෙනෙකු CID භාරයට ??

පසුගිය 27 වන දා බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේදී නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍යක් රැගෙන ඒම සඳහා නිවස ආසන්නයේ පිහිටි වෙළඳසළකට ගොස් නිවස කරා එමින් සිටියදී අතුරුදන් වූ 9 හැවිරිදි දියණියක් පසුවදා (28) නිවස ආසන්නයේ වගුරුබිමක ඝාතනය කර තිබියදී සොයා ගැණුනා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 29 හැවිරිදි මොහමඩ් ෆාරුක් නැමැත්තා තමන් දැරියව පැහැර ගොස් ඝාතනය කළ බවට පාපොච්චාරණය කර බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

සැ.යු : මෙහි සැකකරු දරන දේශපාලන මතය කුමක්ද යන්න පිළිබඳ අපට ස්වාධීනව සත්‍යාපනය කළහැකි කරුණක් නොවන අතර මෙහිදී අප විමර්ශනය කරනු ලබන්නේ, ජාතික පුවත් පතක පළ වූ ලිපියක් බවට හඟවමින් නිර්මාණය කරන ලද ව්‍යාජ ලිපියක් සම්බන්ධව හා පොලිස් විමර්ශන වලදී මෙම සැකකරු ජවිපෙ සාමාජිකයෙක් බවට හෙළිවූවාද යන්න පිළිබඳ එම සටහනේ දක්වා ඇති කරුණු පමණි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයේ පෙන්වා දෙනු ලබන්නේ, අටලුගම දැරියක ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු, ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක පළ වූ බවක් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් ව්‍යාජ ලෙස නිර්මාණය කරමින් සකසන ලද්දක් බවයි.

ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක් බවට හඟවමින් පළ කළද, එවැනි පුවතක් එම පුවත්පත විසින් පළ නොකෙරූ බවට එහි කතෘවරයෙකු සඳහන් කළ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ ද, එවැනි තොරතුරක් විමර්ශන වලදී අනාවරණය කර නොගත් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අටලුගම දැරිය මරා දැමූ සැකකරු ජවිපේ සමාජිකයෙක් බවට ජාතික පුවත් පතක පළ වූවාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News