ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !

Update: 2022-07-04 17:19 GMT

Update :
රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා.

Update : 03/02/2023

කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින ප්‍රයීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මිය ගිය බවට නැවත වරක් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින් Archived Link පළ වුණා.

මෙය අසත්‍ය තොරතුරක් බව ත්, මේ වන විටත් තම පියා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අප කළ විමසීමේදී ඔහුගේ දියණිය මාධවී වත්සලා ඇන්තනී තහවුරු කරනු ලැබුවා.

Update : 08/01/2022

රෝහල් ගත වී ප්‍රතිකාර ගනිමින් සිටින ජැක්සන් ඇන්තනී මහතා ජීවිතක්ෂයට පත් වූ බවට ඊයේ(31) සිට සමාජ මාධ්‍ය ජාලා හරහා යළි සටහන් මෙලෙසින්, Archived Link සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

මෙහි නිරවද්‍යතාවය විමසීම සඳහා අප ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මියගෙන් විමසීමක් කරනු ලැබුවා.

ඇය සඳහන් කළේ, එම පුවත අසත්‍ය බවත්, මේ වන විට ජැක්සන් ඇන්තනී මහතා ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

එමෙන්ම මේ පුවත අසත්‍ය බවට ජැක්සන් ඇන්තනී මහතාගේ දරුවන් වන මාධවී වත්සලා ඇන්තනී, අකිල ධනුද්දර ඇන්තනී, සජිත අනුත්තර ඇන්තනී සිය ෆේස්බුක් පිටුවල මෙලෙසින් සටහන් පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link | Archived Link

බොහෝ අවස්ථාවන්හි දී රංගන ශිල්පීන් මෙන්ම ගායන ශිල්පීන් ද, රෝගාතුර වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමේ දී ඔවුන් ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය ප්‍රචාර මෙරට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු ලබනවා.

එලෙස රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටින ජැක්සන් ඇන්තනී මහතා සම්බන්ධයෙන් පළ වූ පුවතක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන්:

ප්‍රවීණ කලාශූරි ජැක්සන් ඇන්තනී මහතා මීට සුළු මොහොතකට පෙර මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පසුගිය 02 වන දා සිය කැබ් රථයේ ගමන් කරමින් සිටියදී වන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරෙන් ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා, අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඊයේ(03) දින ඇතුළත් කර තිබුණා. ඒ බවට සඳහන් කරමින් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link

කෙසේ වෙතත් එලෙස ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී මහතා ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූව ද, කිසිඳු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් ඒ පිළිබඳ වාර්තා කර නොතිබුණු බවට අපට නිරීක්ෂණය වූවා.

එසේම ඇන්තනී පවුලේ මෙන්ම කලාකරුවන් කිහිපදෙනෙක් ද ජැක්සන් ඇන්තනී මහතා ද ඉක්මන් සුව පතා ඊයේ සහ අද (ජුලි 03 සහ 04) සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළකර තිබුණා.

මේ පිළිබඳව විමසීමට අප ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මියට දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඇය සඳහන් කළේ, එම තොරතුර අසත්‍ය බවත්, ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බවයි.

මෙම තොරතුර තහවුරු කරමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙඳ නිලධාරී පුෂ්පා රම්‍යානි ද සොයිසා පැවසූවේ, ජැක්සන් ඇන්තනී මහතා පැය 07ක ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ සිටින බවයි.

මේ පිළිබඳව ඉදිරියේ දී ලැබෙන තොරතුරු මත මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Read more : ජැක්සන් ඇන්තනීගේ කැබ් රථයට හසු වූ වන අලියාගේ ඡායාරූපයක් ද?

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී මහතා, ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙඳ නිලධාරී පුෂ්පා රම්‍යානි ද සොයිසා ද, එම තොරතුරු තහවුරු කරනු ලැබුවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News