අරගලය ඵල දරයි. කිරි සම්බා කිලෝවක මිල රුපියල් 190 ට අඩු වෙයි ?

Update: 2022-07-10 13:48 GMT

වැඩිවන ජිවන වියදම ඇතුළු ජන ජිවිතයට බලපාන ගැටලු රැසක් මුල්කරගනිමින් ඇතිවු මහජන විරෝධය හමුවේ, ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන බව දැන්වීමට සිදුවූ අතර නව පාලනයක් පිහිටුවීම පිලිබඳ මේ දිනවල පක්ෂ නායකයන් අතර සකච්ඡා සිදුවෙනවා. ජනාධිපති නිළ නිවස ඇතුලු රජයේ මර්මස්ථාන, මෙම ලිපිය ලියන මොහොත වන විටත් අරගලකරුවන්ගේ ග්‍රහණයට නතුවයි පවතින්නේ.

මෙවන් පසුබිමක, අරගලය සදහා පසුගිය දින කිහිපයේ සහය දැක්වූ, ප්‍රකට සහල් මෝල් හිමිකරුවකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින්, සහල් මිල ක්ෂණිකව අඩු කරමින් ජනතාවගේ ජිවන වියදම අඩුකිරීමට තීන්දුවක් ගත් බවට නොමග යවන සුලු සමාජ ජාලා සටහන් හුවමාරු වෙමින් පවතිනවා. මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

ලංකාවේ ප්‍රධාන සහල් මෝල් හිමිකරුවෙක් වන ඩඩ්ලි සිරිසේන විසින් ජූලි මස 11 වැනිදා සිට සහල් මිල අඩු කරන බවත්, ඒ අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 190 දක්වා අඩුකර ජනතාවට ලබාදීමට සුදානම් බවත් දක්වමින් සමාජ ජාලා සටහන් පළව තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

මේ , ඒ සම්බන්ධයෙන් පළව තිබු අදහස් කිහිපයක්.

මේ සම්බන්ධ සමාජ ජාලා සටහන් ව්‍යාප්තව තිබුණේ මෙලෙසින්.

දේශීය සහල් මිලෙහි පසුගිය කාලයේ ඇතිවූ මිල වැඩිවීම සහ හිඟතාවය යානා දී කරුණු හේතුවෙන් සහල් මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයින් සිටින්නේ දැඩි විමසිල්ලෙන්. එමනිසා මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම ඩඩ්ලි සිරිසේන මෙවන් ප්‍රකාශයක් කල බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇතිද යන වග සොයා බැලුවේ. නමුත් එවැනි වාර්තා කිසිවක් අපට දක්නට හැකි වුවේ නැහැ.

මේ සම්බන්ධයෙන් තව දුරටත් තහවුරු කර ගැනීම සදහා අප ඩඩ්ලි සිරිසේන විසින් හිමිකාරිත්වය දරන අරලිය සහල් ආයතනයෙන් ද කරුණු විමසා බැලුවා. එහි ප්‍රකාශකයෙක් මෙම සමාජ ජාලා සටහනේ දක්වා ඇති කරුණු සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර පවසා සිටියේ ඩඩ්ලි සිරිසේන විසින් මෙවන් ප්‍රකාශයක් සිදුකර නොමැති බව සහ මෙය සම්පුර්ණ ව්‍යාජ සටහනක් බවයි.

ඔවුන් පැවසුවේ කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 258 ක් ද සිල්ලර මිල රුපියල් 260 ක්ද , සම්බා කිලෝවක තොග මිල රුපියල් 228 ක්ද සිල්ලර මිල රුපියල් 230 ක්ද සහ නාඩු කිලෝවක තොග මිල රුපියල් 218 ක් ද තොග මිල රුපියල් 220 ක් ද වන බවයි. හෙට (ජූලි 11) දිනයේද මෙම මිල ගණන් ඒ ආකාරයෙන් පවතින අතර එහි කිසිදු වෙනසක් සිදු නොවන බවත් පැවසුවා. රජය මගින් නිර්ණය කරන ලද සහල් කිලෝවක උපරිම සිල්ලර මිල හෙවත් පාලන මිල පවතින්නේත් ඔවුන් පැවසු සිල්ලර මිල සීමාවෙයි .

මේ පිළිබඳව අප අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති, ඩඩ්ලි සිරිසේන මහතාගෙන් ද විමසා සිටි අතර ඔහු ද පවසා සිටියේ ද තමා විසින් මේ ආකාරයේ මිල පහළ දැමීමක් පිළිබඳව නොපැවසූ බවයි.

එසේම මීට දින කිහිපයකට පෙර (ජුලි 04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා පවසා තිබුනේ සහල් මිලදී ගැනීමේදී තමා සාධාරණ මුදලක් ගෙවීමට සූදානම් බවයි. එසේම තම ආයතන ඇතුළු ආයතන කිහිපයක් හැර බොහෝ ආයතන විසින් පාලන මිලට වැඩියෙන් සහල් විකුණන බවයි. රජයේ නිලධාරීන් මේ සඳහා කිසිසේත් ආකාරයකින් ප්‍රමාණවත් කටයුතු කරන්නේ නැති බවත් සහල් නිෂ්පාදනය නොකරන වී මෝල් හිමියන් පිලිබඳ සොයා බලා පාලන මිලට වැඩි මිලට සහල් විකිණීමේ ප්‍රශ්න විසඳන ලෙසත් පවසා සිටියා.

ඉන් අනතුරුව අප දසත ලංකා නිව්ස් හි පුවත් සංස්කාරක වරයාගෙන් ඉහත සටහන් සම්බන්ධයෙන් විමසා බැලු අතර ඔහු තහවුරු කර සිටියේ ද ඔවුන් මෙවන් පුවතක් තමන් වාර්තා නොකළ බව සහ ඔවුන්ගේ නිල සන්නාම (logo) අවභාවිතා කරමින් මෙම සමාජ ජාලා සටහන් නිර්මාණය කර ඇති බවයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූයේ වන්නේ ජූලි මස 11 දින සිට කීරි සම්බා කිලෝවක මිල රුපියල් 190 දක්වා අඩු කිරීමට ඩඩ්ලි සිරිසේන විසින් තීරණය කර බවට පළවන සටහන් අසත්‍ය බවයි. ඒ බව ඩඩ්ලි සිරිසේන මෙන්ම අරලිය සහල් ආයතනය මගින් ද තහවුරු කළා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අරගලය ඵල දරයි. කිරි සම්බා කිලෝවක මිල රුපියල් 190 ට අඩු වෙයි ?

Fact Check By: Kalana Krishantha

Result: False

Tags:    

Similar News