මහින්ද රාජපක්ෂ ජනපති සමයේ (2005-2015) ලංකාව ලබාගෙන තිබු ණය පිළිබද විග්‍රහයක්!

Update: 2022-08-01 13:47 GMT

වත්මන් ශ්‍රී ලංකාව මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හා සමගම රට විවිධ පාලන කාලවලදී ලබාගත් ණය පිලිබදවත් කතාබහට ලක්වෙනවා. සමාජ ජාලා පරිශීලකයින් ද මේ පිලිබදව සොයා බැලීමට දක්වන්නේ ඉමහත් කුතුහලයක්. විශේෂයෙන්ම ලංකාව මගින් විදේශයන්ගෙන් ලබාගත් ණය පිලිබදව මේ දිනවල බොහෝ සමාජ ජාලා සටහන් පැතිර යනවා.

මේ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලබාගත් ණය ප්‍රමාණය පිළිබඳව පැතිර ගිය සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන් 

2005 - 2015 මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලංකාව ලබාගත් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 14.9 ක් ලෙස සහ එම පාලන කාලයට පෙර එනම් නිදහස ලද 1948 වසරේ සිට 2005 වසර දක්වාම ලංකාව ලබාගෙන තිබු මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.5 ක් ලෙස සමාජ ජාලා සටහන් පළව තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

එම සටහන් ෆේස්බුක් ඔස්සේ පැතිර ගියේ මෙලෙසින් .

මේ පිලිබදව සොයා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු සොයා බැලීම )

පළමුවෙන්ම ප්‍රධාන පෙලේ ලෝකයේ විවිධ රටවල ආර්ථිකයන් පිලිබදව විශ්ලේෂණය කටයුතු පිලිබඳ නමක් දරන වෙබ් අඩවි තුළ, ලංකාවේ ණය ප්‍රමාණය පිලිබඳ සිදුකරන තිබෙන දත්ත / විශ්ලේෂණ විමසා බැලීමක් කර අප යොමුවුණා.

අප විදෙස් ණය ඉහත සටහන්හි දක්වා තිබු කාලය අතරතුර දී වෙනස් වී තිබු ආකාරය පළමුව පරීක්ෂා කර බැලුවා.

මේ Macrotrends වෙබ් අඩවියේ ලංකාවේ External Debt (ණය හිමිකරු විදෙස් රටවල පාර්ශවයක් වන අවස්ථා) 2005-15 වසර දක්වා විචලනය වූ ආකාරය සහ වාර්ෂික ණය ප්‍රතිශතයේ ඉහළ යාම වගුවක් ආකාරයෙන් දක්වා තිබුණු අයුරු පහතින්.

Macrotrends | Archived

මහින්ද රාජපක්ෂ ලංකාවේ මුල් වරට ජනපති බවට තේරී පත්වූ 2005 වසර අවසානයේ දී සම්පුර්ණ විදෙස් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 11.3 කි. 2015 දි මහින්ද රාජපක්ෂ පාලන බලයෙන් ඉවත් වූ වසර අවසානයේ දී ලංකාවේ මුළු විදෙස් ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 43.9 කි.

එමෙන්ම ලෝක බැංකු දත්ත මගීන්ද ඉහත දක්වා ඇති දත්ත දැක්වෙනවා. ලෝක බැංකු වාර්තාවකට පිවිසිය හැකියි මෙතනින්.

ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්ත වාර්තාද බොහෝ දුරට මීට සමානයි. මහා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවේ උපග්‍රන්තයක (Appendix) දත්ත ඔස්සේ ද දක්වා තිබු කරුණු පහත පරිදි දැක ගන්නට ලැබෙනවා.

එම වාර්තාවට අනුව 1950 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 26.3 (ඩොලර් බිලියන 0.02) ක පමණ අගයක තිබු ශුද්ධ (net) විදෙස් ණය ප්‍රමාණය, 2005 වන විට ඩොලර් බිලියන 11.3 ක අගයක් වී ඇති බව දැක ගන්නට පුළුවන්. එසේම 2015 වසරේ නිම වන විට එම අගය ඩොලර් බිලියන 44.8 ක අගයන් ලෙස දැක්වෙනවා.

CBSL Report

මේ අනුව, 2005 වසර අවසානයේ දී සම්පුර්ණ විදෙස් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 11.3, රුපියල් වලට හැරවූ විට (11.3 *360 /1000 ) එහි අගය රුපියල් ට්‍රිලියන 4.06 ක්. එනම් වෙනත් ණය වර්ග පිලිබඳ විශ්ලේෂණ කිරීමකින් තොරව ද සමාජ මාධ්‍ය සටහන්හි දක්වා තිබු 2005 වසර වන විට සම්පුර්ණ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.5ක් යනු වැරදි අගයකි.

එසේම 2015 වසර අවසානයේ සම්පුර්ණ විදෙස් ණය ප්‍රමාණය ලෙස දැක්වෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 44.8 රුපියල් වලට හැරවූ විට (44.8 *360 /1000 ) එහි අගය රුපියල් ට්‍රිලියන 16.1 ක පමණ අගයක් ගනී.

(ඇමෙරිකන් ඩොලරයක වටිනාකම , රුපියල් 360 ක් ලෙස සලකා මෙම ගණනය කිරීම සිදු කර ඇත. එසේම සම්පුර්ණ ණය එකතුව පමණක් මෙහි දී ගණනය සඳහා යොදාගෙන තිබෙන අතර ලබාගත් සහ සිදුකරන ලද ගෙවීම් වෙන වෙනම සලකා බලා නැත)

මේ අනුව එම 2005-2015 මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ දී සම්පුර්ණ විදෙස් ණය ප්‍රමාණයේ ඉහළ යාම රුපියල් ට්‍රිලියන 12 ක (ඩොලර් බිලියන 33.5) පමණ අගයක් ගනී. එය 2005 වසරේ තිබු අගයට සාපේක්ෂව, ප්‍රතිශතයක් ලෙස, 300% ක පමණ, එනම් තුන් ගුණයකින්, විදේශ ණය ප්‍රමාණයේ වර්ධනයක්.

එසේම ඉහත 1950 වසරේ සිට විදෙස් ණය ප්‍රමාණයේ අගයන් පරීක්ෂා කිරීමේ දී මීට පෙරට ප්‍රතිශතයක් ලෙස විශාල ලෙස විදෙස් ණය වැඩිවීම් පෙන්වූ අවස්ථා තිබුණ ද 2005-2015 කාල සීමාවේ දී විදෙස් ණය ප්‍රමාණික ඉතා විශාල ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරනවා

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය පිලිබදව ලෝක බැංකුව විසින් සකසන ලද ප්‍රස්තාරයක් පහතින්.

Full View

| Archived

මෙම සටහන මගින් ද වසර 2005 න් පසු විදෙස් ණය ප්‍රමාණයේ සීග්‍ර ඉහළ යාමක් ඇති බව පැහැදිලි වනවා.

එනම් එම කාලය තුළ දී විදෙස් ණයෙහි ඉහළ යාම, වර්තමානයේ ලංකාවේ සම්පුර්ණ විදෙස් ණය ප්‍රමාණයට විශාල දායකත්වයක් ද ලබා දී තිබෙනවා.

එසේම මීට මාස කිහිපයකට පෙර ඩොලර් බිලියන 51ක් පමණ වූ ලංකාවේ විදෙස් ණය බෙදී ඇති ආකාරය පිළිබඳව ද බොහෝ විශ්ලේෂකයින් කරුණු දක්වා තිබෙනවා. එවැනි සටහන් කිහිපයක් පහතින්.

DW | Daily News | Mronline | IPS

මේ සම්බන්ධයෙන් අප සමග වැඩිදුරටත් අදහස් පලකර සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ කථිකාචාර්ය D.I.J. සමරනායක පැවසුවේ 2005-15 අතර කාලයේ ණය ලබාගැනීම් පිලිබදව සලකා බැලීමේදී ඉහළ පොලියක් යටතේ වාණිජ ණය ලබාගැනීම් බහුලව පැවතිබවයි. වර්තමානයේ පවතින ණය අර්බුදයට එය ප්‍රබල සාධකයක් ලෙස බලපාන බවත් ඔහු පැවසුවා. එවකට රජය චීනයෙන් ද වාණිජ ණය ලබාගෙන ඇති බව සහ නමුත් චීනයෙන් ලබාගත් ණය ප්‍රමාණය අනෙත් ක්‍රම වලින් ලබාගත් ණය සමග සැසදීමේදී ප්‍රතිශතයක් ලෙස අඩු බවයි ඔහු සදහන් කලේ.

එමෙන්ම රටේ සමස්ත ණය ප්‍රමාණය ගණනය කිරීමේදී විදෙස් ණයට අමතරව විවිධ රජයන් මගින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණද සලකා බැලිය යුතු බවත් ඔහු පැවසුවා.දේශීය වශයෙන් ණය ලබාගැනීම් ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර නිකුත් කිරීම මගින් සිදුවන බවත් ඔහු පැවසුවා.

සැ.යු: මේ දිනවල ලංකාව විශේෂයෙන්ම විදෙස් ණය කළමනාකාරණ කටයුතු පිලිබඳව සැලකිලිමත් වන අතර රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ සංවර්ධන බැඳුම්කර යනාදිය මඟින් ලබාගත් රජයේ දේශීය ණය සංයුතිය මෙම ගණනය කිරීම් සඳහා යොදාගෙන නැත. එම දත්ත සමඟ මෙය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මහින්ද රාජපක්ෂ ජනපති සමයේ (2005-2015) ලංකාව ලබාගෙන තිබු ණය පිළිබද විග්‍රහයක්!

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News