රාජාලියෙක් වසර 20 ක සිය ජීවිත කාලය පුරාම ගමන්ගත් මාර්ගය දැක්වෙන සිතියමක් ? (Photos)

Update: 2022-08-18 05:32 GMT

තාක්ෂණයේ දියුණුවත් සමග ඒවා උපයෝගි කර ගනිමින් නොයෙකුත් පරීක්ෂණයන් සිදු කරනු ලබනවා. එවැනි පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. එමෙන්ම එම තොරතුරු වටහා ගැනීමේ දී සිදුවන අනවබෝධය හේතුවෙන් බොහෝ පුද්ගලයන් නොමග යෑමට ලක් වනවා. එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

වසර 20කට පෙර රාජාලියෙකුට සවි කළ GPS ට්‍රැකර් එකක සනිටුහන් වූ ඔහු ගමන් ගත් මාර්ගය සම්බන්ධයෙන් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Don Supz ගේ වෝල් එකෙන් උපුටා ගත්තේ..

**මේ මැප් එකෙන් පෙන්නන්නෙ රාජාලියෙක් වසර 20 ක සිය ජීවිත කාලය පුරාම ගමන්ගත් මාර්ගය. ට්‍රැකර් එක මුලින්ම හයි කරලා තියෙන්නෙ රුසියාවේදි. වසර 20 කට පසුව මේ සත්වා මිය යන්නෙ සෞදි අරාබියාවේ valley of the child නැමැති ප්‍රදේශයේදි. කිලෝමීටර දහස් ගනනක් තමන්ගෙ ජීවිත කාලය තුල සැරි සැරූ මේ පක්ශියාගෙ විවිධ ගමන් මාර්ග මේ සිතියමෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් නමුත් ඉතාමත් සුවිසේශි නිරීක්ෂණයක් තමයි මේ සත්වයා හිතාමතාම මුහුදු මඟහැර ගමන් කිරීම. ඇතැම් ස්ථාන වලදි මුහුද හරහා ගමන් කිරීම කෙටිම මාර්ගය වුනත් මේ පක්ශියා ඉතාමත් දීර්ඝ මාර්ගය වු ගොඩබිම් මාර්ගය තෝරාගෙන තිබෙනවා සෑම අවස්ථාවකදීම.

මුහුද මඟහැරීමට හේතු කිහිපයක් තිබෙන්න පුළුවන්. පලවෙනිම හේතුව තමයි රාජාලි වැනි විශේෂ Thermic wind flyers වීම. Thermic wind flying පියාසැරියෙදි වෙන්නෙ පියාපත් විදහා පමණක් සිටීමෙන් ඉහල නගින උණුසුම් වායුධාරා ආධාර කරගෙන ඉහල නැගීම. මේක සත්ව විද්‍යාවෙදි හඳුන්වනවා එනර්ජි සේවින්ග් මෙතඩ් එකක් විදිහට. තටු ගැසීමට වැයවන ශක්තිය මේ ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කරගන්න පුළුවන්. මාංශ භක්ෂක , විලෝපීක සත්ව විශේෂ වලට මේ එනර්ජි බජට් එක සංරක්ෂණය කරගැනීම අතිශයින්ම වැදගත්. ගොඩබිම ඉක්මනින් උණුසුම් වෙනවා, ඒ වගේම උණුසුම් වීම සාපේක්ෂව වැඩී. එහි ප්‍රතිඵලයක් විදිහට ගොඩබිමට ඉහලින් තිබෙන වායු දහරා උණුසුම්ව ඉහල නගිනවා නමුත් සාගරයට ඉහලින් මේ සංසිද්ධිය වෙන්නෙ සාපේක්ෂව අඩු අගයකින්. මේ නිසා Thermic wind flyers ලාට සාගරයට ඉහලින් පියෑඹීමට වඩා ගොඩබිමට ඉහලින් පියෑඹීම පහසුයි. තව හේතුවක් තමයි දීර්ඝ පියෑසැරියකින් තොරව පර්ච් කිරීමට ඇති අවශ්‍යතාව. කඩින් කඩ ගමන නවතා සිටීමට බැහැ සාගරයක් උඩින් පියාසර කරද්දි.

වසර 20 පමණ පියෑසැරිය තුල මේ පක්ශියා කොතරම් දේවල් දකින්නට ඇත්ද

Facebook | Archived Link

මෙම සටහන සංසරණය වූ තවත් සටහනක් මෙතනින්. Archived Link

Twitter ඔස්සේද, මෙම සටහන් ඉංග්‍රීසි බසින් පළ වී තිබුණේ මේ අයුරින්.

https://twitter.com/ZoologiMY/status/1101653482698813440

කෙසේ වෙතත් මෙම සටහනේ දැක්වෙන කරුණු නිවැරදි ද යන්න පිළිබඳ අප විමසා බැලීමක් සිදු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව දැක ගැනීමට හැකි වූයේ, Fahd Qash නමැති පුද්ගලයෙක් හට සවුදි අරාබියේදී මියගිය රාජාලියෙකු දැක ගන්නට ලැබුණු බවත්, වඩාත් ළංව රාජාලියා නිරීක්ෂණය කිරීමේදී එම සත්ත්වයාට අමුණා ඇති GPS ට්‍රැකර් උපාංගයක්(ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය) ඇති බවත්ය. එමෙන්ම එහි ස්ටිකරයක් ද අමුණා තිබූ අතර, එහි සඳහන් වී ඇත්තේ මෙම උපකරණය හමුවුවහොත් naurzum@mail.ru ඊමේල් ලිපිනයට දන්වන ලෙසයි.

ඒ අනුව එම උපාංගය සවිකළ හිමිකරු පවසා ඇත්තේ, මෙම රාජාලියා හෙවත් ‘ස්ටෙප් ඊගල්’, රාජාලීන්ගේ පියාසැරි රටා අධ්‍යයනය කළ පර්යේෂණයකට යොදා ගත් රාජාලීන් 20 දෙනාගෙන් එක් අයෙකු බවයි.

ට්‍රැකර් උපාගය හරහා ලබා ගත් දත්ත දළ වශයෙන් එක් අවුරුද්දක පමණ කාල සීමාවකට අයත් දත්ත බවට හෙළිදරව් වී ඇති බවත්, එම රාජාලියා කසකස්තානයේ සිට යේමනය, සුඩානය, අසර්බයිජානය වැනි ප්‍රදේශවලට ගොස් අවසානයේ සෞදි අරාබියේදී මිය ගොස් ඇති බවයි. එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ, එම රාජාලියා ගොඩබිමට ඉහළින් පමණක් පියාසර කර ඇති අතර රතු මුහුද, කැස්පියන් මුහුද හරහා හෝ පර්සියානු ගල්ෆ් ද මග හැර පියාසර කිරීමයි.

රාජාලියා විසින් ආවරණය කරන ලද දීර්ඝතම දෛනික පියාසැරි දුර කිලෝමීටර් 355 ක් පමණ වන අතර එම රාජාලියා ශීත සෘතු ප්‍රදේශයේ 31.5 %ක් ද, අභිජනන ප්‍රදේශයේ 41.9 %ක් ද, ඉතිරි 26.6% ක් සංක්‍රමණය සඳහා ද පියාසර කරන බව පර්යේෂකයන් සොයාගෙන ඇත.

එම සටහන මෙතනින්. Archived Link තවත් සටහනක් මෙතනින්. Archived Link

කෙසේ වෙතත් ඉහත සටහනේ දැක්වෙන ලෙස එම රාජාලියාගේ වසර 20 ක කාලයක පියාසැරි දත්ත ලබා ගත් බවට වාර්තා වල දැක ගන්නට නොලැබුණි. එහි සඳහන් කර තිබුණේ, එක් වර්ෂයක දත්ත පමණක් ඇතුළත් වී තිබූ බවයි.

කෙසේ වෙතත් 2019 වසරේ වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් රුසියානු ක්ෂේත්‍ර පක්ෂි විද්‍යාඥවරියෙකු වන Elena Schneider විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. ඇය එහි සඳහන් කර ඇත්තේ, වසර 20කට පෙර පක්ෂි විද්‍යාඥයන් විසින් ලුහුබැඳ ගිය රාජාලියෙකුගේ පුවත් ලෙස 2019 වසරේ බහුලව අන්තර්ජාලය හරහා පැතිරුණු ද, 2019 වසරේ සිට වසර 20 කට පෙර අපට GPS/GSM දත්ත සම්ප්‍රේෂණය කිරීමේ එවැනි තාක්ෂණයක් නොතිබුණු බවයි.

සිතියමේ දැක්වෙන්නේ, එම පරීක්ෂණය මෙහෙය වූ Dr.Katzner සහ Dr. Bragin ගේ කණ්ඩායම විසින් බටහිර කසක්ස්තානයේ 2018 වසරේදී අමුණන ලද GPS ට්‍රැකර් පද්ධති සමගින් ස්ටෙප් ඊගල්ස් (Aquila nipalensis) 20 දෙනෙකුගෙන් යුත් පක්ෂීන්ගෙන් එක් රාජාලියෙකුගේ මැප් සටහන් බවත්, මෙලෙස එම රාජාලියා වසර 20ක කාලයක සිට GPS ට්‍රැකර් පද්ධතියක් සවි කර ඇති බවට වරදවා වටහාගෙන ඇති බවයි.

එම සටහන පහතින්.

Facebook | Archived Link

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය සඳහා වන වනාන්තර සහ රේන්ජලන්ඩ් පරිසර පද්ධති විද්‍යා මධ්‍යස්ථානයේ පර්යේෂණ වනජීවී ජීව විද්‍යාඥයෙක් වන ඉහත පරීක්ෂණය මෙහෙය වූ වෛද්‍ය Todd Katznගෙන් AFP කරුණු පරීක්ෂක කණ්ඩායම මේ පිළිබඳව විමසීමක් සිදු කර තිබෙනවා.

විද්‍යාඥයින් විසින් පරීක්ෂණ සඳහා කූඩු කර රාජාලීන් කණ්ඩායමකට GPS ට්‍රැකර් සවිකර මධ්‍යම ආසියාවේ සිට ඔවුන්ගේ සංක්‍රමණ මාර්ග සහ හැසිරීම් පිළිබඳව තම කණ්ඩායම අධ්‍යයනය කිරීමට නිදහස් කර තිබෙන බවට ඔහු පැහැදිලි කර තිබෙනවා. සිතියමේ කසකස්තානයේ සිට ස්ටෙප් රාජාලීන් 20 දෙනෙක් මාස 10 ක් තුළ සිදු කරන ලද පියාසැරීන් මෙම GPS ට්‍රැකර් පද්ධතිය හරහා සිදු කර ඇති අතර, ඉහත ඡායාරූපයේ එම රාජාලි 20 දෙනාගේම මාස 8 - 10 වැනි කාල පරාසයක ගමන් මාර්ග සියල්ලක්ම දැක්වෙන බවට එම වෛද්‍යවරයා පවසා තිබෙනවා.

රාජාලියන් 20 දෙනාගෙන් ඇතැම් රාජාලීන් අරාබියේ හෝ අප්‍රිකාවේ මිය ගොස් ඇති අතර තවත් සමහරු ආසියාවට පැමිණි ඇති බවත් එම වෛද්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් සවුදි අරාබියේදී මියගොස් සිටි රාජාලියා හමුවූ පුද්ගලයා විසින් අරාබි බසින් ෆේස්බුක් ඔස්සේ ඒ පිළිබඳ තැබූව සටහන පිළිබඳ එම වෛද්‍යවරයාගේ මිතුරෙකු පවසා තිබෙනවා.

එම මිතුරාට සියලු රාජාලියන් සංක්‍රමණය වන මාර්ග වල ඡායාරූපයක් මෙම වෛද්‍යවරයා විසින් යොමු කර ඇති අතර එය රාජාලීන් 20 දෙනෙකුගේ සිතියමක් බව පැහැදිලි කර තිබේ. නමුත් ඒ පුද්ගලා එය වැරදි ලෙස පරිවර්තනය කොට ගෙන එක් රාජාලියෙකුගේ වසර 20ක දත්ත ලෙසට පවසා තිබීම හේතුවෙන් මෙලෙස නොමග ගොස් තිබේ. ඒ පිළිබඳ පළ වූ AFP කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, වසර 20 ක සිට රාජාලියෙකුගේ සංක්‍රමණය පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා GPS ට්‍රැකර් උපංගය භාවිත කළ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන නොමග යවන සුළු බවයි. ඊට හේතුව වන්නේ එහි දැක්වෙන්නේ, රාජාලියන් 20 දෙනෙකු යොදා, වසරක් වැනි කාලයක් තුළ සිදු කළ පරීක්ෂණයක දී ලබාගෙන තිබු සංක්‍රමණික දත්ත හේතුවෙනි.

නමුත් එම තොරතුරු එම පරීක්ෂණය මෙහෙයවූ වෛද්‍යවරයා විසින් තවත් පුද්ගලයෙකු හට පවසා ඇති අතර එය පරිවර්තනය කර ගැනීමේදී එම පුද්ගලයා විසින් රාජාලියන් 20 දෙනෙකුගේ දත්ත පෙන්වූ සිතියමේ දැක්වෙන්නේ, එක් රාජාලියෙකු වසර 20 සංක්‍රමණික දත්ත බවට වරදවා වටහා ගැනීම මෙම නොමග යෑමට හේතු වී තිබේ. ඒ බවට එම වෛද්‍යවරයා, තහවුරු කර තිබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රාජාලියෙක් වසර 20 ක සිය ජීවිත කාලය පුරාම ගමන්ගත් මාර්ගය දැක්වෙන සිතියමක් ? (Photos)

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News