Covid19 පිළිබඳ අනාවැකියක් කර්නල් ගඩාෆි 2009 වසරේ දී පැවසුවාද?

Update: 2022-08-19 17:00 GMT

2019 වර්ෂයේ අග භාගයේදී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ බවට සැලකෙන කොවිඩ්19 වසංගත තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වුයේ විශාල පිරිසක් ජීවිතක්ෂයට ද පත්කරමින්. එන්නත්කරණය ඔස්සේ යම්තාක් දුරට රටවල් බොහෝමයක් මෙම වෛරසයේ බලපෑම පාලනය කරගෙන තිබුණ ද මේ වන විටත් කොවිඩ් වසංගතයේ විවිධ ප්‍රභේදවලට ගොදුරු වී මිනිසුන් ජීවිතක්ෂයට පත් වනවා. ලංකාවේ ද නැවත වරක් කොවිඩ්19 හේතුවෙන් සිදුවන මරණ, මේ දිනවල ඉහළ ගොස් තිබෙනවා.

මෙවන් පසුබිමක, ලොව ධනවත් සමාගම් විසින් කොවිඩ්19 වෛරසය නිර්මාණය කරමින් එම සමාගම් තුළින්ම ඒ සඳහා ප්‍රතිකාරකයන් මිලට ගැනීමට සලස්වන බවට, ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි විසින් සිදු කළ ප්‍රකාශයකින් කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අදහස් පළ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පිළිබඳ අප කළ කරුණු විමසා බැලීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ එදා ගඩාෆි කිව්වා , අද සැබෑ වුණා. එය දකින්නට අද ඔහු නැහැ” යනුවෙන් සඳහන් කරමින්, ලිබියානු විප්ලවීය නායක මුවම්මර් ගඩාෆි 2009 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 64 වන සැසියේදී, කොවිඩ්19 වසංගතය සහ එහි ප්‍රතිකාර සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පහතින්.

මෙහි සඳහන් කර තිබුණේ, "ඔවුන් විසින්ම වෛරස් නිර්මාණය කර ඔබට ප්‍රතිවෛරස විකිණනු ඇත. එවිට ඔවුන් විසඳුමක් සෙවීමට කාලය අවශ්‍ය බව මවාපාන අතර, ඔවුන් සතුව දැනටමත් එය ඇත.

ධනවාදී සමාගම් පසුව එන්නත් නිෂ්පාදනය හා විකිණීම සඳහා වෛරස් නිර්මාණය කරයි. මෙය ඉතා නින්දිත හා සදාචාර විරෝධීය. එන්නත් හා ඖෂධ අලෙවි කළ නොහැක. වෛද්‍ය විද්‍යාව නොමිලේ විය යුතු අතර එන්නත දරුවන්ට නොමිලේ විය යුතුය. නමුත් ධනවාදී සමාගමේ වෛරස් හා එන්නත් නිපදවා මුදල් ඉපයීමට අවශ්‍යය."

Facebook | Archived Link

මෙම සටහන් නැවත වරක් පසුගිය දින කිහිපයේ ද ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම සටහන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගඩාෆි කළ ප්‍රකාශයක් ලෙස හැඟවෙන පරිදි මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයට ලිබියානු විප්ලවීමය නායක මුවම්මර් ගඩාෆි විසින් 2009 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 64 වන සැසියේදී එවන් ප්‍රකාශයක් සිදු කළාද, යන්න පිළිබඳ ඔහු එහිදී සිදු කළ එම අදහස් දැක්වීම වෙත අප අවධානය යොමු කළා.

2009 වසරේ එක්සත් ජාතීන්ගේ සැසියේදී ලිබියානු නායක ගඩාෆි සිදුකළ කතාව

ඉහත සටහන් සඳහා යොදාගෙන තිබූ ඡායාරූපය කර්නල් ගඩාෆිගේ ඡායාරූපයක් වන අතර එය 2009 සැප්තැම්බර් මස 23 වන දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඔහු කළ කතාව අතරතුරදී ලබා ගත්තක්.

මෙහිදී ගඩාෆි පැයකුත් මිනිත්තු 40ක් එම කතාව සිදු කර තිබුණේ, ඔහුට වෙන් කර තිබු කාලයට වඩා හය ගුණයක් පමණ වැඩි ප්‍රමාණයකිනි. එමෙන්ම ඉන් මිනිත්තු 87 ක් පමණ ඔහු වෛරස් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.

https://www.youtube.com/watch?v=BKMyY2V0J0Y

එක්සත් ජාතීන්ගේ නිල ලේඛනයක සම්පූර්ණ සැසියේ නිල කථන පිටපත, (Script) දැක්වෙන්නේ මෙලෙසින්.

එහිදී ගඩාෆි සිදු කළ කථනය 15 වන පිටුවේ සිට ආරම්භ වන අතර ඉහත සමාජ මාධ්‍ය සටහන් වලට තුඩු දුන් වෛරස් පිළිබඳ ප්‍රකාශය එම පිටපතෙහි 26 වන වන පිටුවෙන් දැක ගන්නට ලැබෙන්නේ මෙලෙසින්.

un.org

එම වෛරස් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහතින්.

අද swine flu සමහර විට හෙට මත්ස්‍ය උණ ඇති දෙයක් ඇති වෙන්න පුළුවන්, මොකද සමහර වෙලාවට අපි ඒවා පාලනය කරමින් වෛරස් නිපදවනවා. එය වාණිජ ව්‍යාපාරයකි. ධනපති සමාගම් එන්නත් නිපදවීමට සහ විකිණීමට හැකි වන පරිදි වෛරස් නිපදවයි. ඒක හරිම නින්දිත සහ දුර්වල සදාචාරයක්. එන්නත් සහ ඖෂධ අලෙවි නොකළ යුතුය. The Green Book හි (කර්නල් ගඩාෆි ධනවාදය ප්‍රතික්ෂේප කර මාක්ස්වාදී දෘෂ්ටිවාදය වැළඳ ගන්නා ලෙස පෙනී සිටි ඔහු විසින් රචිත දේශපාලන දර්ශනය) ඖෂධ අලෙවි කිරීම හෝ වාණිජකරණයට යටත් නොවිය යුතු බව මම තරයේ කියා සිටිමි. ඖෂධ නොමිලේ ලබා දිය යුතු අතර දරුවන්ට එන්නත් නොමිලයේ ලබා දිය යුතුය, නමුත් ධනේශ්වර සමාගම් වෛරස් සහ එන්නත් නිපදවා ලාභ ලැබීමට අපේක්ෂා කරනවා. ඒවා නොමිලේ නැත්තේ ඇයි? අපි ඒවා නොමිලයේ ලබා දිය යුතුයි, විකිණිය යුත්තක් නොවේ.

මුළු ලෝකයම උත්සාහ කළ යුත්තේ අපේ ජනතාව ආරක්ෂා කිරීමට, එන්නත් නිර්මාණය කිරීමට සහ නිෂ්පාදනය කිරීමට සහ දරුවන්ට සහ කාන්තාවන්ට ඒවා නොමිලේ ලබා දීමට මිස ඔවුන්ගෙන් ලාභ ලැබීමට නොවේ.

මෙහිදී ගඩාෆි විසින් වෛරස් නිර්මාණය කිරීම ගැන අනුමාන කරමින් එන්නත් විකිණීම ගැන ඔහුගේ කනස්සල්ල පළ කර සිටිනවා. පවතින වෛරස් පාලනය කිරීමේදී නව වෛරස් නිපදෙන බවත් ඉන්පසුව ඒ සඳහා වැක්සීන (එන්නත්) නිර්මාණය කොට ඒවා විකිණීම පිළිබඳත් ධනපති සමාගම් විසින් සිදුකරන වාණිජ වශයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් බවයි ඔහු අදහස් දක්වා තිබුණේ.

කෙසේනමුත් වෛරස් තත්ත්වයට විසඳුම් ආරම්භයේ දී ම තිබිය දී ප්‍රතිවෛරස් (වැක්සීන) නිපදවීමට කාලය අවශ්‍ය වන බවක් දක්වන ප්‍රකාශයක් , 2009 වසරේ ගඩාෆි ගේ කතාවේ ලිඛිත පිටපත් හෝ වෙනත් අවස්ථාවක දී හෝ දැක ගන්නට නොලැබුණි.

ඒ අනුව, ගඩාෆිගේ කතාව ඔස්සේ එහි කොටස් යොදාගනිමින් එය කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සහ එන්නත්කරණය පිළිබඳ අනාවැකියක් පැවසූ බවට හඟවමින් පළවූ සටහන් මෙලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.

මෙම සටහන් ඉංග්‍රීසි බසින් ද පසුගිය වසරේ ලොව පුරා හුවමාරු වී තිබු අතර ඒ පිළිබඳව වෙනත් ජාත්‍යන්තර කරුණු විමර්ශන කණ්ඩායම් සිදු කළ විමර්ශනයක් මෙතනින් සහ මෙතනින්.

2011 වසරේ දී අරාබි වසන්ත මහජන විරෝධතා අතරතුර බලය අතහැරීමට කර්නල් ගඩාෆි ප්‍රතික්ෂේප කළ අතර ඒ හේතුවෙන් සිවිල් යුද්ධ තත්ත්වයක් නිර්මාණය වූ අතර 2011 ඔක්තෝම්බර් මාසයේදී ඔහුව වෙඩි තබා ඝාතනය කරන ලදී.

කොවිඩ්19 වෛරසයේ ආරම්භය පිළිබඳ මත සහ වර්තමාන සොයාගැනීම් 

කෙසේවෙතත් කොවිඩ් 19 වෛරසයේ ආරම්භය පිළිබඳ විවිධ මත ඉදිරිපත් වී තිබුණා.

COVID19 ආරම්භය අපැහැදිලි නමුත් රසායනාගාරයකින් කාන්දු වීමේ න්‍යාය (Lab Leak Theory) අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධායන මෙන්ම , ඇමරිකාවේ වසංගත රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුචි ද මීට පෙර පවසා තිබුණා.

කොවිඩ්19 ආරම්භය රසායනාගාරයක සිදුවූ බවට ඇතැම් විද්‍යාඥයින් පැවසුව ද, එය සිදු වූයේ රසායනාගාරයක නොවන බවත් චීනයේ, වුහාන්හි මුහුදු ආහාර සහ වනජීවී වෙළඳපොල කොවිඩ්-19 පැතිරීමේ කේන්ද්‍රස්ථානය වූ බවට බලවත් සාක්ෂි ලැබී ඇති බවටත් විද්‍යාඥයින් පවසනවා. ඒ පිළිබඳව මෑතකදී පළ වූ BBC වාර්තාව මෙතනින්. Archived

Lab Leak Theory නැතහොත් රසායනාගාරයක් මඟින් කොවිඩ්19 මුල් වරට ව්‍යාප්ත වන්නට ඇති බවට පළවූ මත මේ වන විට බැහැර කළ හැකි බවත්, වුහාන් හි පිහිටි Huanan සත්ත්ව වෙළෙඳපොළ වසංගත කේන්ද්‍රස්ථානය බවට සාක්ෂි සහිතව හඳුනාගෙන ඇති බවත් පළවූ තවත් වාර්තාවක් මෙතනින් | Archived

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Covid19 පිළිබඳ අනාවැකියක් කර්නල් ගඩාෆි 2009 වසරේ දී පැවසුවාද?

By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News