‘පිළිකා සෛල නසන විස්මිත කැඳ’ ලෙස පවසමින් හුවමාරු වූ ප්‍රතිකාරය සඳහා යොමු වීම සුදුසු ද?

Update: 2022-09-13 16:57 GMT

පිළිකාව හා සම්බන්ධ රෝගී තත්වයන් සඳහා කළ හැකි දේශිය ප්‍රතිකාර ක්‍රම ලෙසට වෛද්‍යවරයෙකුගේ අනුදැනුමක් නොමැතිව පළ වන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි විධි ක්‍රම සඳහා ද වැඩි සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා යොමු වෙනවා. මෙවැනි ප්‍රතිකාර අත්හදා බැලීම තුළින් ඔබගේ ජීවිතය ද අවධානමකට දැමීම පිළිබඳව ඔබ නොසිතනවා වන්නට පුළුවන්. මේ හේතුවෙන් එවැනි සටහන් වල දැක්වෙන කරුණු නිවැරදිද යන්න පිළිබඳ විමර්ශනය කොට ඔබට සත්‍ය වටහා දීමට Fact Crescendo අප නිබඳව කටයුතු සිදු කරන්නෙමු. 

සමාජ මාධ්‍ය ඔස්සේ පිළිකා ප්‍රතිකාරයක් ලෙස දක්වමින් පළ වූ සමාජය නොමග යා හැකි තවත් සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

පිළිකා සෛල නසන විස්මිත කැඳක්. පොල් කිරි කෝප්පයක් ගෙන එය මුට්ටියකට දමා ළිප තබා එයට කුරුඳු පොතු, සුදු ලූනු, කරපිංචා ස්වල්පය බැගින් එකතු කර හොඳින් හැඳිගාන්න. පසුව කටුපිල කොළ කොටාගත් යුෂ කෝප්පයක්ද, කටුපිල දඬු තම්බාගත් වතුර කෝප්පයක්ද, එකතු කර හොඳින් හැඳි ගාමින් කැඳ පිස උදෑසන හිස්බඩ පානය කරන්න.යනුවෙන් පුවත් පතක පළ වූ සටහනක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී පළ වී තිබූ අයුරු.

Facebook | Archived Link

මෙම සටහන 2019 වසරේද ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්. Archived Link

ඉහත සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබූ අයුරු පහතින්.

පිළිකා සෛල නසන ප්‍රතිකාරයක් ලෙස පළවී තිබූ සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙහි දැක්වෙන කරුණු සත්‍ය කරුණු ලෙස බොහෝ දෙනෙකු වටහා ගෙන ඇති බවයි.

එසේම මේ ආකාරයේ නිවසේ දී සාදාගත හැකි ඖෂධ පානයන් ඇතුළු ප්‍රතිකාර පිළිබඳව මීට පෙර කොවිඩ් වසංගත සමයේ ද වාර්තා පළවූ අතර ඒ පිළිබඳ මෙන්ම ඉහත ද අදහස් දැක්වූ ඇතැම් පිරිස් පවසා සිටියේ මෙහි අඩංගු දෑ ශරීරයට හිතකර බැවින්, අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණ ද, එමඟින් හානියක් නොවන බැවින් මෙවැන්නක් අත්හදා බැලීමේ වරදක් නොමැති බවයි.

Also Read: FACT CHECK: පොල් වතුර,ලුණු ,දෙහි මිශ්‍රණය කොවිඩ් සදහා ප්‍රතිකාරයක්ද?

කොවිඩ් නැසිය හැකි බවට හුවමාරු වන දේශීය බෙහෙත් වට්ටෝරු අත්හදා බැලීමෙන් වළකින ලෙස උපදෙස්!

මේ හේතුවෙන් මෙම සටහනේ නිරවද්‍යතාවය සොයා අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මෙවැනි සටහනක් පුවත් පතක පළ වී තිබුණාද යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළද, අපට මෙවැනි ලිපියක් පළ වූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවීය.

වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක

මෙම සටහනින් දැක්වෙන ප්‍රතිකාර ක්‍රමය පිළිකා සෛල නසනවා ද යන්න අප කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතාගෙන් විමසීමක් සිදු කළා.

වෛද්‍යවරයා සඳහන් කළේ, ආයුර්වේදයට අනුව ඉහත සටහන සත්‍ය නොවන බවයි. පිළිකා විවිධ හේතුකාරක සහිත විවිධ වර්ග වලින් ඇති හෙයින් ඒ සඳහා විවිධ ප්‍රතිකාර අවශ්‍ය වන බවත්, මෙහි කුමන පිළිකා වර්ගයට ලබා දෙන ප්‍රතිකාරයක් ද, සඳහන් නොකර ඇති බවත්, සියලු පිළිකා වලට ලබා දෙන ප්‍රතිකාරයක් ලෙස මෙය භාවිත කළ හැකි නොහැකි බවත්, මෙය සම්පූර්ණ අසත්‍ය බවත් වෛද්‍ය කරුණාතිලක මහතා අවධාරණය කළා.

එම සටහනේ දැක්වෙන ඖෂධ විවිධ ගුණයෙන් යුක්ත වන සත්‍ය නමුත්, ඒවා එකතුකොට ඖෂධ ලෙස භාවිතා කරන විට විවිධ පුද්ගලයන්ගේ ශරීර මත විවිධකාරයේ බලපෑම් ඇති කිරීමට හේතු වන හෙයින් කිසිදු අවස්ථාවක දේශිය හෝ වේවා බටහිර විද්‍යා වෛද්‍යවරයෙකුගේ අනුදැනුමකින් තොරව පිළිකා සඳහා ප්‍රතිකාර කියූ පමණින් කුමන හෝ මාධ්‍යක පළ වන කිසිදු ප්‍රතිකාර ක්‍රමයකට යොමු නොවන ලෙසට වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා වැඩි දුරටත් පවසා සිටියා.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය ජානකි විදානපතිරණ

වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මිය ද, පවසා සිටියේ පිළිකා ප්‍රතිකාරකයක් ලෙස හෝ පිළිකා නසන ආහාර පාන ලෙස පොදුවේ කිසිදු ප්‍රතිකාරයක් හැඳින්විය නොහැකි බවත්, එක් එක් පිළිකා වර්ග සඳහා ලබා දෙන ප්‍රතිකර්ම විවිධ බැවින්, පුද්ගල ශරීරයන් ද විවිධ බැවින් අදාළ පරීක්ෂණයන් සිදු කොට ආසාත්මිකතා හඳුනගෙන එක් එක් පුද්ගලයන්ට ඇති පිළිකා වර්ග සඳහා ඔවුන්ට ආවේණික වූ ප්‍රතිකාර ඇති බවයි.

ඒ සඳහා වෛද්‍ය නිර්දේශය මත මිස කිසිදු අවස්ථාවක මෙලෙසෙ පළ වන ප්‍රතිකාර සඳහා යොමු නොවන ලෙස වෛද්‍යයවරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Also Read: අන්නාසි කැබලි කිහිපයක් උණුවතුරට දමා බීමෙන් පිළිකාව සුව වෙනවාද ?

උණු පොල් වතුර, පිළිකා සෛල විනාශ කරනවාද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පිළිකා සඳහා ප්‍රතිකාරයක් ලෙස කැඳ වර්ගයක් පිළිබඳ පළ වන සටහන් අසත්‍ය බවයි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මිය මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා ද අවධාරණය කළේ, පිළිකා ප්‍රතිකාරකයක් ලෙස හෝ පිළිකා නසන ආහාර පාන ලෙස පොදුවේ කිසිදු ප්‍රතිකාරයක් හැඳින්විය නොහැකි බවත් එක් එක් පිළිකා වර්ග සඳහා ලබා දෙන ප්‍රතිකර්ම විවිධ බැවින් වෛද්‍ය නිර්දේශය මත මිස කිසිදු අවස්ථාවක මෙලෙස පළ වන ප්‍රතිකාර සඳහා යොමු නොවන ලෙසයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:‘පිළිකා සෛල නසන විස්මිත කැඳ’ ලෙස පවසමින් හුවමාරු වූ ප්‍රතිකාරය සඳහා යොමු වීම සුදුසු ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News