රාජ්‍ය ඇමතිවරුන්ගේ භාවිතය සදහා එක අයෙකුට 8 බැගින් වාහන 296 ක්??

Update: 2022-09-13 06:30 GMT

පවතින ආර්ථික අර්බුදය තුළ ලංකාවේ ජනතාව එදිනෙදා ජීවිතය ගත කරන්නේ දැඩි අපහසුතා මධ්‍යයේයි. එවන් වාතාවරණයක් තුළ මැති ඇමැතිවරු ඇතුලු දේශපාලන නායකයන් විසින්ද සිය වරප්‍රසාද , වියදම් අඩුකරගනිමින් රට වෙනුවෙන් යම් කැපකිරීමක් කල යුතු බවට වන මතවාද නිතර සමාජයේ අසන්නට දකින්නට ලැබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය වියදම් අඩුකර ගනිමින් ජනතාව සදහා කල යුතු කැපවීම සිදු කරන බවට රජය පාර්ශවයේ දේශපාලන නායකයන් නිතර ප්‍රකාශ කරනවා. එහි තවත් දිගුවක් ලෙසට මෑතකදී පත්වූ රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනා, ඇමති වැටුප ලබා නොගනිමින් මන්ත්‍රී වැටුප පමණක් ලබාගන්නා බවට බොහෝ මාධ්‍ය වාර්තා පළවුණා.මේ අතරතුර එක රාජ්‍ය ඇමතිවරයෙක්ට වාහන 8 බැගින් වාහන 296 ලබාදෙන බවට සමාජ ජාලා සටහන් පැතිරුණා .මේ , ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් .

සමාජ  ජාලා සටහන් 

රාජ්‍ය අමාත්‍යවරුන් සදහා එක අයකුට වාහන 8 බැගින් ලබාදෙන බවට සහ 37 දෙනෙකුට එසේ ලබාදීම වෙනුවෙන් වාහන 296 ක් අවැසි බවට වන සමාජ ජාලා සටහන් පැතිර ගියේ මෙලෙසින්.

Facebook | Archived

මේ සදහා පරිශීලකයන් දක්වා තිබු අදහස් කිහිපයක් පහතින්.

මෙවැනි සටහන් විශාල වශයෙන් ෆේස්බුක් වල පැතිර තිබුණේ මෙලෙසින්.

ඒ සම්බන්ධයෙන් ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

මෙම සමාජ ජාලා සදහනේ පරිදි ලංකාසර වෙබ් අඩවිය මගින් එවැන්නක් වාර්තා කර ඇතිද යන්න අප මුලින්ම සොයා බැලුවා.එහිදී අපට දැකගන්නට ලැබුණේ ඔවුන් විසින් එවැන්නක් වාර්තා කර තිබු බවයි. එම සම්පුර්ණ ලිපියේ අන්තර්ගතය පහතින්.

රට හදන්න පැමිණි ස්වේච්ඡා රාජ්‍ය ඇමතිවරු 37 ට වාහන 296 ක් ලෙස පලවූ ලිපිය

එක් එක් අමාත්‍යවරයා ඉන්ධන දීමනාව සමග වාහන 08ක් ඉල්ලයි… සමහර ඇමතිවරු වාහන හොයාගෙන ඊයෙම අමාත්‍යාංශවලට ගිහින්….

අලුතෙන් පත්වුණු රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනාට රජයේ වාහන 296ක් ඊට අදාළ ඉන්ධනත් වාහනවල සේවය කිරිමට රියදුරු සේවකයනුත් වෙන් කිරීමට සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට වාහන 8 බැගින් ඔවුන්ට අදාළ අමාත්‍යංශවලින් වෙන් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග පවසා තිබේ.

පෙරේදා පත් කෙරුණු නව රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් කීප දෙනෙකු ඊයේ වන විටත් ඔවුන්ට අදාළ අමාත්‍යංශවලින් වාහන ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර මේ වන විට නිකුත් කර ඇති චක්‍රලේඛ පෙන්වමින් ඔවුන් තමන්ගේ වාහන හිමිකම් පිළිබඳවත්, ඒවා අවශ්‍ය බවත් බලධාරීන් හමුවේ අවධාරණය කර ඇත.

ඒ අනුව ඔවුන් පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාට වාහන දෙකකුත් පෞද්ගලික ලේකම්වරයාට වාහනයකුත්, පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම්වරුන්, පෞද්ගලික සහකාර හා මාධ්‍ය ලේකම්වරයාට අදාළ වාහන හා නියමිත ඉන්ධන දීමනා ලබා දෙන ලෙසය.

ඔවුන් තමන්ගේ රාජ්‍ය අමාත්‍යධුරයට හිමි අතිරේක දීමනාව ප්‍රතික්ෂේප කළත් මෙතෙක් මෙම වාහන හා ඊට අදාළ අධික අයවැය තමන් වෙනුවෙන් වෙන් නොකරන ලෙස කිසිදු රාජ්‍ය අමාත්‍යවරයෙක් මෙතෙක් ඉල්ලීම් කර නොමැති වග මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ලංකාසර | Archived

මෙම ලිපියේ අන්තර්ගත සමහර කරුණු වෙනස කරමින් ඔවුන් පසුව මෙම කරුණ සම්බන්ධයෙන් වෙනත් ලිපියක් පළ කර තිබුණා එහි දී එක් අමාත්‍යවරයෙකු ට වාහන 6 බැගින් රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනා ට වාහන 222 ක් වෙන් වී තිබීම ගැන සඳහන් වී තිබුණි. . ඒ සදහා පිවිසීම මෙතනින්. Archived

කෙසේ වෙතත් සමාජ ජාලා සටහන් සැකසී තිබුණේ ඔවුන් පලකල මුල් ලිපියේ සිරස්තල සහ එයින් ලබාගත් Screenshots යොදාගනිමින්. ඒ අනුව අම කරුණු පිළිබඳව අප අවධානය යොමු කළා.

ජනාධිපති ලේකම් විසින් අමාත්‍යංශ ලේකම්වරු වෙත යොමුකළ ලිපි

ජනාධිපති ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය අමාත්‍ය වරුනට සහ ඔවුනගේ කාර්ය මණ්ඩලයන්ට ලබාදෙන වරප්‍රසාද සහ පහසුකම් සීමා කරමින් රාජ්‍ය සම්පත් ඉතුරු කරගන්නා ආකාරය පිලිබදව උපදෙස් ලබාදෙන ලිපි 2 ක් පරිශීලනය කිරීමේ හැකියාව අපට ලැබුණා. එම උපදෙස් අඩංගු ලිපිවල අඩංගු කරුණු පහතින් අප සැකෙවින් දක්වන්නෙමු.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් කැබිනට් අමත්‍යාංශ ලේකම්වරුන් වෙත විවිධ කොන්දේසි පනවා ඇත.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යංශ සදහා වෙනම ලේකම්වරයෙක් පත් නොකරන අතර රාජ්‍ය අමාත්‍යංශය අයත් කැබිනට් අමාත්‍යංශයේ දැනට කටයුතු කරන අතිරේක ලේකම්වරයෙක්ම එම රාජ්‍ය අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධීකරණය සදහා පත් කෙරෙනු ඇත .

එමෙන්ම රාජ්‍ය අමාත්‍යංශය සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලය , එය අයත් කැබිනට් අමාත්‍යංශය යටතේ පවතින කාර්ය මණ්ඩලය තුලින්ම සකසා දිය යුතු අතර අලුත් තනතුරු රාජ්‍ය අමාත්‍යංශයට ඇති කිරීම සදහා ඉල්ලීම් ඉදිරිපත් නොකර යුතුය. රාජ්‍ය අමාත්‍යවරයෙක්ගේ කාර්ය මණ්ඩලය 11 නොඉක්මවිය යුතුය. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයාට අවශ්‍ය නම් පුද්ගලික ලේකම්, සම්බන්ධිකරණ ලේකම් ,මහජන සම්බන්ධිකරණ නිලධාරී සහ මාධ්‍ය ලේකම් යන තනතුරු සදහා බාහිර පුද්ගලයින්ව අමාත්‍යවරයා සේවය කරන කාලය සදහා පමණක් සේවය කල හැකිසේ තාවකාලික පත්වීම් ලෙස බදවා ගැනීමේ හැකියාව ඇත.

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යාල පවත්වාගෙන යාම සදහා අලුතින් ස්ථාන සැදීම හෝ කුලියට ගැනීම නොකළ යුතු අතර ඒ සදහා රාජ්‍ය අමාත්‍යංශය අයත් කැබිනට් අමාත්‍යංශය පවත්වාගෙන යන ගොඩනැගිලි වලම ඉඩකඩ සකසා දිය යුතුය.

වාහන භාවිතය 

රාජ්‍ය අමාත්‍යවරයාගේ භාවිතය සදහා සහ ඔහුගේ ආරක්ෂාව සදහා යන පීරිස් ප්‍රවාහනය සදහා වෙන්කළ හැකි උපරිම වාහන ප්‍රමාණය 3 කි. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයාට එක වාහනයක් ලබාගත හැක. අනෙත් කාර්ය මණ්ඩලය සදහා පොදුවේ පාවිච්චියට වාහන 2 ක් ලබාගත හැක.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට භාවිතා කල හැකි උපරිම වාහන සංඛයාව 6 කි. සමාජ ජාලා සටහන් වල දක්නට ඇති ආකාරයේ වාහන 8 ක් නොවේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනා සදහා වැය වන උපරිම වාහන සංඛ්‍යාව 296 ක් නොව 222 කි.

මේ වාහන ද අලුතින් මිලදී ගැනීමක් හෝ ආනයනයක් නොව, ඒ ඒ කැබිනට් අමාත්‍යංශය සතු සංචිත වාහන වලින් සිදු කෙරෙන වාහන වෙන් කිරීමකි. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය සදහා වාහන සංචිත වල ඇති වෙනත් වාහන වෙන්නොකරන ලෙසද ජනාධිපති ලේකම්වරයා විසින් කැබිනට් අමාත්‍යංශ ලේකම්වරු වෙත ලිපියකින් දන්වා ඇත .

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල වාහන සදහා මසකට පෙට්‍රල් /ඩිසල් ලීටර 500 බැගින් වෙන්කිරීමටද අදාල ලිපි මගින් ජනාධිපති ලේකම්වරයා විසින් කැබිනට් අමාත්‍යංශ ලේකම්වරු වෙත උපදෙස් ලබාදී ඇත .

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරු සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයන් සදහා සන්නිවේදන දීමනාවක් සීමා සහිතව ලබාදෙන ලෙස උපදෙස් ලබාදී ඇත.

නමුත් ජනාධිපති ලේකම්වරයා සිය ලිපි මගින් අවධාරණය කරන්නේ රජයේ මුදල් මගින් ජංගම දුරකතන ලබා නොදිය යුතු බවයි.

මෙම ලිපි සැප්තැම්බර් 9 දිනයේ නිකුත් කරන ලද ඒවායි.

ජනාධිපතිවරයා විසින් ලබාදුන් මෙම උපදෙස්වල සාරාංශයක් රජයේ නිල පුවත් වෙබ් අඩවිය වන news.lk හිද සදහන්ව තිබුණු ආකාරය අපට දැකගැනීමට හැකි වුණා.එම ලිපිය කියවිය හැකියි මෙතනින්. Archived.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ

මෙහි සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පැවසුවේ, තමන් කටයුතු කරන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදී ඇති උපදෙස් ප්‍රකාරව බවයි. අමාත්‍යංශ ලේකම් වරුන් එම උපදෙස් පිළිපැදීමට බැදී සිටින බවත් ඔහු පැවසුවා.

වාහන පිලිබදව කටයුතු කිරීමේදී රාජ්‍ය අමාත්‍යවරයා ඇතුලු කාර්ය මණ්ඩලයට ලබාදිය හැකි උපරිම වාහන ප්‍රමාණය(6) ඉක්මවා වාහන ලබාදීමක් අමාත්‍යංශ මගින් සිදු නොකරන බවයි ඔහු පැවසුවේ. එම වාහන 6 ද ලබාදෙන්නේ අදාළ රාජ්‍ය අමාත්‍යංශය අයත් කැබිනට් අමාත්‍යංශයේ වාහන සංචිතව සතුව මේ වන විට වාහන 6 ක් ඉතිරිව පැවතුනහොත් පමණක් බවත්, වාහන අලුතින් ආනයනයක් හෝ බාහිර පාර්ශ්ව ඔස්සේ අලුතින් හෝ කුලී පදනම ඔස්සේ වාහන ලබාගැනීමක් කිසිසේත් සිදු නොවන බවත් ලේකම්වරයා පැවසුවා.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රාජ්‍ය ඇමතිවරුන්ගේ භාවිතය සදහා එක අයෙකුට 8 බැගින් වාහන 296 ක්??

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News