ට්‍රැමඩෝල් Pencil Candy පිළිබඳ මත්ද්‍රව්‍ය නාශක අංශවලින් අනතුරු ඇඟවීමක්!

Update: 2022-09-22 07:13 GMT

පාසල් ළමුන් ඉලක්ළක කරගනිමින් සිදුවන විවිධාකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරකම් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්, දැනුවත් කිරීම් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. මේ අතර හුදෙක් ජනතාව අතර විශාල වශයෙන් සංසරණය කිරීමේ අරමුණින්, නොමග යන සුළු සටහන් ද අතිශයෝක්තියකින් හුවමාරු වනවා. එලෙස නොමග යා හැකි වසර ගණනක සිට හුවමාරු වන ෆේස්බුක් සටහනක් පිළිබඳ අප සිදුකරන දැනුවත් කිරීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

පැන්සලක් ආකාරයෙන් පාසල් ළමුන්ට මත් ද්‍රව්‍යයක් විකුණන බවත්, සූක්ෂම ලෙස දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ජාවාරම්කරුවන් මෙම උපක්‍රමය ලංකාවේ යොදාගන්නා බවත් දක්වමින් සටහන් පෙළක් හුවමාරු වී තිබුණා.

එහි දක්වා තිබුණේ මෙහි ඇතුළත ඇත්තේ Tramadol නම් ඩ්‍රග් එකක මිලිග්‍රෑම්  300ක් 500ක් අතර ප්‍රමාණයක් අඩංගු වන බවත්, මේවා භාවිතා කළ පසු ළමුන්ට වන දේ ඔවුන් වත් නොදන්න බවයි. මේ හේතුවෙන් දරුවන් පිළිබඳ මෙන්ම පාසැල හා ඒ අවට වෙළඳුන් පිළිබඳ විමසිලිමත් වෙමු යනුවෙන් පවසමින් එම මත්ද්‍රව්‍ය බවට ඡායාරූපද සමඟින් මෑතකදී සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්. Archived Link

මෙම ඡායාරූප සටහන ෆේස්බුක් ඔස්සේ පරිශීලකයින් අතර බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

එසේම 2018 වසරේ සිට මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

පසුගිය සමය පුරාවට, පාසල් ළමුන් කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය බෙදා හරින බවට සමාජ මාධ්‍ය සටහන් සටහන් සංසරණය වී තිබු අතර එවැනි සටහන් පිළිබඳ අප විමර්ශන කිහිපයක්ම සිදු කරනු ලැබුවා.

මත්ද්‍රව්‍ය ඇතුළත් ලොසින්ජර පිළිබඳ පළ වූ WhatsApp පණිවිඩය පිළිබඳ ඔබ දැනුවත් ද?

ළමුන් අඩපණ කරන මත්පෙති සමඟ ලංකාවේ වෙළඳපොළේ අලෙවිවෙන Luppo කේක් ? (Video)

නැවතත් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ඇතුළත් පැන්සලක් ලෙස හඳුන්වමින් පළ වූ සටහන සම්බන්ධයෙන් ද අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

කරුණු විමර්ෂණය

මෙම ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී පැන්සලක හැඩරුවට සමාන ළමුන් සඳහා ලබා දෙන පැණිරස ආහාරයක් ලෙස(Candy) එහි සඳහන් වී ඇති බවට දැක ගන්නට ලැබුණා.

එම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළත් අපට එම ඡායාරූපයම  සම්බන්ධයෙන් නිල තොරතුරක් නොලැබුණත් ඒ ආකාරයට පැන්සල් ආකාරයෙන් ළමුන් අතර ප්‍රසිද්ධයට පත් වූ ආහාර වර්ග විවිධ රටවල විකිණීමට ඇති බව අපට දැක ගන්නට ලැබුණා.

appletonsweets.co.uk

එවැනි පැන්සල් ආකාරයෙන් ඇති ප්‍රණීත ආහාර වර්ග ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මිලදී ගත හැකි වෙබ් අඩවියක් මෙතනින්.

ට්‍රැමඩෝල් යනු ?

ලංකාවේ හුවමාරු වන සටහන්හි දක්වා තිබුණේ එම පැන්සල් තුළ ට්‍රැමඩොල් නම් මත්ද්‍රව්‍ය අඩංගු වී තිබූ බවක් නිසා අප මුලින්ම ඒ පිළිබඳව සොයා බැලුවා.

ට්‍රැමඩෝල් යනු මත්ද්‍රව්‍යක් නොව ඉතා දැඩි වේදනා නාශකයක් බවත්, මෙවැනි වේදනා නාශක ලබා දෙන්නේ, දරුණු ආකාරයේ වේදනාවන්ට මුහුණ දෙන රෝගින් සඳහා බවත්, ඇතැම් සැත්කම් අවසානයේ දී නැගෙන දැඩි වේදනා සමනය කිරීමට බවත් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතාගෙන් අප කළ විමසීමේදී සඳහන් කළා.

එමෙන්ම ට්‍රැමඩෝල් කරලක සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 50 ක් පමණක් ඇති බවත්, ට්‍රැමඩෝල් කරල් කිසිදු විටෙක වෛද්‍ය නිර්දේශ මත (Medical prescription) මිස ඖෂධ ශාලාවකින් හෝ මිලදී ගත නොහැකි බවත් සෑම ඖෂධ ශාලාවක මෙම කරල් වර්ගය අලෙවි කිරීමට ද නොමැති බවත් වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

මෙම කරල් අධික ලෙස භාවිත කරමින් මත්වීම සඳහා ඇතැම් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් ඇති බැවින් මෙම ට්‍රැමඩෝල් කරල් සීමාසහිතව විකිණීමට කටයුතු කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පවසා සිටියේ.

අප ද මේ පිළිබඳව කළ පරික්ෂාවේ දී දැක ගන්නට ලැබුණේ වේදනාව කළමනාකරණය කිරීම සඳහා ට්‍රැමඩෝල් වැඩි වැඩියෙන් භාවිතා කළ ද නවතම අධ්‍යනයන්ට අනුව ට්‍රැමඩෝල් භාවිතයෙන් අතුරු ආබාධ ඇතිවිය හැකි අතර ඉහළ මරණ අවදානමකට ද සම්බන්ධ බවයි. ඒ පිළිබඳ වාර්තාවක් මෙතනින්.

එසේම ට්‍රැමඩෝල් භාවිතා කරන්නන් මත්පැන් පානය කරන විට හෝ ට්‍රැමඩෝල් වෙනත් මධ්‍යම ස්නායු පද්ධතියේ අවපීඩක (central nervous system depressants) සමග භාවිතා කරන විට මාරාන්තික ආකාරයේ විෂ වීමක් හෝ ශ්වසන පද්ධතියට දරුණු බලපෑම් ඇතිවිය හැකි බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව

ලංකාවේ මෙවැනි පැන්සල් ආකාරයෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරීම් සිදු කෙරෙනවාද යන්න හා එවැනි සිදුවීම් වාර්තා වී ඇත්දැයි යන්න පිළිබඳව හා එවැනි අත්අඩංගුවට ගැනීම් සිදු වී ඇත්දැයි යන්න පිළිබඳ විමසීම සඳහා අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ට්‍රැමඩෝල් වැඩි වශයෙන් අඩංගු පැන්සල් ආකාරයෙන් ඇති රස ආහාරයක මත්ද්‍රව්‍ය ලෙස ළමුන්ට විකිණීමේ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු ඔවුන් වෙත වාර්තා නොවූ බවත්, එවැනි ආකාරයේ වැටලීමක් හෝ සිදු කර නොමැති බවයි.

කෙසේනමුත් අනවශ්‍ය ලෙස ඖෂධ ගබඩා කිරීම් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ හා එවැනි වැටලීම් සිදු කරනු ලබන්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය බවත්, ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කළා.

එසේම පසුගිය වසර වල දී මෙන්ම මෑතක දී ද මෙලෙස නීත්‍යානුකුල නොවන ආකාරයෙන් ට්‍රැමඩෝල් ගබඩා කිරීම් හා ආශ්‍රිත වැටලීම් සිදුව තිබෙනවා. මීට වසර කිහිපයකට පෙර එවැනි සිද්ධි කිහිපයක් පිලිබඳ වාර්තා මෙතනින් සහ මෙතනින්

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය 

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක චාමර කරුණාරත්න මහතා පවසා සිටියේ, ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 300ක් -500ක් අතර අඩංගු පැන්සලක් ආකාරයෙන් ඇති මෙම රසකාරක ආහාර ද්‍රව්‍ය  ළමුන්ට විකුණන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට වාර්තා නොවුණු බවත්, මීට පෙර ද, මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ අනුව කළ පරීක්ෂා කිරීමෙන්ද, මෙම තොරතුර සම්බන්ධයෙන් කරුණු වාර්තා නොවූ බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරක අධ්‍යාපන පුහුණු අංශය මගින් දිවයින පුරා වෙසෙන පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරන බවත්, නිතරම මෙවැනි ජාවාරම් / ක්‍රියාකාරකම් පිළිබඳ අවධානයෙන් පසුවන බවත්, යම්කිසි ආකාරයකින් ඉහත සිදුවීම සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්නම් එවැනි නිෂ්පාදන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාදක රසායනාගාරයට යොමුකර සායනික පර්‍යේෂණයක් සිදු කර සැබවින්ම මෙවැනි ප්‍රමාණයකින් ට්‍රැමඩෝල් නමැති ඖෂධය යොදා තිබේද යන්න පරීක්ෂා කරන බවත් ඔහු පවසා සිටියා.

ට්‍රැමඩෝල් කරලක් පමණක් සාමාන්‍ය ළමයෙකුට ඔරොත්තු නොදෙන බැවින් ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 300ක් -500ක් අඩංගු ආහාර වර්ගයක් ලබා ගතහොත් මරණය පවා ළගාවිය හැකි අතර ඒ හේතුවෙන් මෙම සමාජ මාධ්‍ය සටහනේ දක්වා ඇති එම කරුණ ද සැක සහිත බවත් ඔහු සඳහන් කළා.

ළමුන් මත්ද්‍රව්‍ය කරා ළඟා වීම සම්බන්ධයෙන් සෑම අතින්ම දෙමාපියන්ගේ දැනුවත් වීම වැදගත් අතර මේ පිළිබඳව සැලකිල්ල යොමු කිරීම ඉතා වැදගත් බවත් තහවුරු කරමින් ඒ මහතා පවසා සිටියේ අසත්‍ය තොරතුරු සමාජගත නොකරන ලෙසයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ට්‍රැමඩෝල් Pencil Candy පිළිබඳ මත්ද්‍රව්‍ය නාශක අංශවලින් අනතුරු ඇඟවීමක්!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News