ලොව වස විස අධිකම ආහාර ගන්න රටවල් අතරින් ලංකාව පළමු තැනට? 

Update: 2022-09-24 08:04 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

විවිධ ආහාර වර්ග තුළ පිළිකා කාරක සංඝටක තිබීමේ අවදානම, ආහාරවල ගුණාත්මක තත්ත්වය යනාදිය පිළිබඳව පුවත් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්වෙනවා. මේ අතර වසර ගණනාවක සිට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් ද මෙවන් තේමා යටතේ නැවත වරක් නොමඟ යවන සුළු කෝණවලින් හුවමාරු වෙනු අපට දැකගන්නටත් ලැබෙනවා. එවැනි සටහනක්  සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

කෘෂි රසායන භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇති බවත්, ලොව වස විස අධිකවම ආහාර ගන්න රටවල් වලින් ලංකාව අංක 1 ලෙසත්, සඳහන් වූ මෑතකදී ‘දිනමිණ’ පුවත් පතේ පළ වූ පුවත් ලිපියක් ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ එම පුවත් ලිපියේ ශීර්ෂ පාඨය ද, ඇතුළත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව මෙරට කෘෂි රසායන භාවිතය ඉහළ බවට පෙන්වා දුන් දත්ත සටහනක් ඇතුළත්ව මෙම ඡායාරූපය ෆේස්බුක් ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාවය පිළිබඳ සොයා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අප කටයුතු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ලොව වස විස අධිකම ආහාර ගන්න රටවල් අතරින් ලංකාව පළමු තැනට තේරී පත් වී ඇත්දැයි යන්න පිළිබඳව අප ප්‍රථමයෙන්ම ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ධාරා ඔස්සේද, පරීක්ෂා කළත්, එවැනි සංගණනයක් පිළිබඳ වාර්තාවක් අපට දැක ගන්නට නොලැබුණි.

එමෙන්ම මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා ද, එවැනි පුවතක් වාර්තා කර ඇත්දැයි යන්න අප විමර්ශනය කළ අතර එහිදී අපට දැක ගන්නට ලැබු‍ණේ, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, ලංකාවේ මිනිසුන් ලෝකයේ වැඩියෙන්ම 'වස විෂ කන’ ජාතියක් බවට පත් වෙමින් සිටින බවට කළ ප්‍රකාශය සහිත වාර්තා 2021 වසරේ පළ වී ඇති බවයි. එම පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

නමුත් මෙහිදී හෝ ශ්‍රී ලංකාව ලොව වස විස අධිකම ආහාර ගන්නා රටවල් අතරින් පළමු තැනට තේරී පත් වී ඇති බවට සඳහන් කර නොතිබුණි.

ඉන්පසුව අප ‘දිනමිණ’ පුවත් පතේ පළ වූ පුවත් ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂා කළද, මෑතකදී එවන් පුවතක් එහි පළ නොවුණි. ඉන් අනතුරුව අපගේ අවධානය යොමු වූයේ එම පුවත්පතේ ‘දිනමිණ’ ලෙස සඳහන් කොටසේ (logo) පසුබිම නිල් පැහැයෙන් ඇති බවත්, පසුගිය වසර කිහිපයේ දී එම පුවත් පතේ, දක්නට ලැබෙන පසුබිම් පැහැය රතු පැහැති බවත්ය. එම සංසන්දනය පහතින්

ඒ අනුව මේ ආකාරයේ පුවතක් පැරණි දිනමිණ පුවත්පතක හෝ වාර්තා කර ඇත්දැයි යන්න අප නිරීක්ෂණය කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වී තිබු 2013 දිනමිණ පුවත

සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබුනේ 2013 වසරේ ‘දිනමිණ’ පුවත් පතක පළ වූ පුවත් ලිපියක් බවට අපට අනාවරණය වුණා. එම කරුණු 2013 දෙසැම්බර් මස 09 වන දා 'දිනමිණ' මුල් පිටුවේ දක්වා තිබුනේ මෙලෙසින්.

Web Version | Epaper | Archived Link

එසේම 2014 මැයි මාසයේදී සුනිල් ජේ විමලවංශ විසින් ප්‍රකාශයට පත් කරන ලද “Impact of changing agricultural practices on human health: Chronic kidney disease of multi-factorial origin in Sri Lanka” (මිනිස් සෞඛ්‍යය සඳහා වෙනස්වන කෘෂිකාර්මික පිළිවෙත්වල බලපෑම: ශ්‍රී ලංකාවේ බහු සාධක සම්භවයක් ඇති නිදන්ගත වකුගඩු රෝගය) යන මාතෘකාවෙන් යුත් පර්යේෂණයක් ලෝක බැංකුව විසින් මුලින් ප්‍රකාශයට පත් කරන ලද දත්තම උපුටා දක්වා තිබුණා.

ඉහත 2013 දෙසැම්බර් ‘දිනමිණ’ පුවත් පතේ පළවූ ලිපියේ දත්ත හා මෙම දත්ත ද සැසඳේ.

පොහොර භාවිතය සඳහා ලෝක බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන

ඒ හේතුවෙන් අපි දකුණු ආසියානු කලාපයේ පොහොර භාවිතය සඳහා ලෝක බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා. අවසන් වරට මෙම දත්ත යාවත්කාලීන කර ඇති වසර වන්නේ 2020 වසරේ බැවින් එම දත්ත සැසඳීමේදී දකුණු ආසියානු කලාපයේ වැඩිම පොහොර පරිභෝජනය (වගා කළ හැකි ඉඩම් හෙක්ටයාරයකට යොදාගෙන තිබෙන පොහොර කිලෝග්‍රෑම්) සිදු කරනු ලබන්නේ බංග්ලාදේශය වන අතර එය ඒකක 320.9කි. කෙසේනමුත් දෙවනුවට පොහොර පරිභෝජනය කරනු ලබන වැඩිම රට වන්නේ ශ්‍රී ලංකාව වන අතර එය ඒකක 297.8ක් ලෙස සඳහන් වී තිබුණා. එම දත්ත පහතින්

worldbank.org | Archived Link

එසේම ලෝකයේ පොහොර භාවිතය පිළිබඳ ලෝක බැංකු නවතම දත්ත පරික්ෂාවේ දී ලංකාව සිටින්නේ 20 වෙනි ස්ථානයටත් පිටුපසින්. එම දත්ත සඳහා පිවිසීම මෙතනින්

එසේම කෘෂි රසායන භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇත්දැයි යන්න පිළිබඳ අප ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට ශාඛාවෙන්ද විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනේ දැක්වෙන්නේ, කෘෂි රසායන භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇති බවත්, ලොව වස විස අධිකවම ආහාර ගන්න රටවල් වලින් ලංකාව අංක 1 ලෙසත් සඳහන් වන්නේ 2013 වසරේ දත්ත පදනම් කර ගනිමින් එම වසරේදී පළ වූ පුවතකි.

මීට පෙර 2020 වසරේ දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනය මෙතනින්.

මෙරට කෘෂි කර්මාන්තය කාබනික පොහොර භාවිතයට යොමු කිරීමටත්, රසායනික පොහොර ආනයනය සහ භාවිතය නැවතීමටත් , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී පියවර ගනු ලැබූ අතර එම තීරණ ද ඇතුළුව ආහාර නිෂ්පාදන අඩුවීමත් සමග ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇත. මේ අනුව නැවත වරක් සීමා යටතේ රසායනික පොහොර සඳහා පනවා තිබු තහනම ඉවත් කෙරුණි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෑතකදී ‘දිනමිණ’ පුවත් පතේ පළ වූ පුවත් ලිපියක් ලෙසින් කෘෂි රසායන භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇති බවත්, ලොව වස විස අධිකවම ආහාර ගන්නා රටවල් අතරින් ලංකාව පළමු තැනට පත්ව ඇති බවටත්, සඳහන් වූ සටහන් නොමග යවන සුළු බවයි.

මෙම සටහන් නිර්මාණය වී තිබුණේ 2013 වසරේ පළවූ පුවත් වර්තාවක පළකර තිබු සටහනක් යොදාගනිමින්. එම අවධියේ දකුණු ආසියානු කලාපයේ පොහොර භාවිතය සම්බන්ධයෙන් ලංකාව පළමු ස්ථානයේ තිබුණ ද ලෝක බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනුව (2020) දකුණු ආසියානු කලාපයේ වැඩිම පොහොර පරිභෝජනය (වගා කළ හැකි ඉඩම් හෙක්ටයාරයකට යොදාගෙන තිබෙන පොහොර කිලෝග්‍රෑම්) සිදු කරනු ලබන්නේ බංග්ලාදේශය වන අතර එය ඒකක 320.9කි. දෙවනුවට සිටින්නේ ශ්‍රී ලංකාව වන අතර එය ඒකක 297.8ක්

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලොව වස විස අධිකම ආහාර ගන්න රටවල් අතරින් ලංකාව පළමු තැනට?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News