ලෝකයේ වැඩිම දිවියන්ගේ ගහන ඝනත්වය තිබෙන්නේ යාල ජාතික උද්‍යානයේ ද?

Update: 2022-09-28 16:50 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මන්දවල් වලට හසුවීම ඇතුළු හේතු මත විශේෂයෙන්ම කඳුකර දිවියන් මියැදුණු පුවත් පසුගිය වසර කිහිපයේ දී වාර්තා වුණා. මෙවන් පසුබිමක ලංකාවේ වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව ජිවත්වන දිවියන්ට ඇතිවන තර්ජන පිළිබඳව සමාජ ජාලා තුළ මෙන්ම ජන ජීවිතය තුළ ද නිතර කතාබහට ලක්වෙනවා.  

මේ අතර , ලොව වැඩිම දිවියන්ගේ ඝනත්වය ලංකාවේ යාල ප්‍රදේශයෙන් වාර්තා වූ බවට ද හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් මේ.

සමාජ ජාලා සටහන්

ලෝකයේ වැඩිම ගහන ඝනත්වය දැකිය හැක්කේ ශ්‍රී ලංකාවේ යාල ජාතික වනෝද්‍යානය තුළ බවට දක්වමින් සමාජ ජාලා සටහනක් පැතිර පැවතියේ මේ ආකාරයෙන් .

“ලස්සන රටක්.!!! Sri Lanka’s Yala National Park is recognized as having the highest density of wild leopards in the world. In one area of the park, it is reported that there is one leopard per square kilometer, an incredibly high number compared to anywhere else in the world. Unconfirmed reports indicate that between 500 – 650 leopards reside in the wild in Sri Lanka.”

එහි පැවසුනේ ශ්‍රී ලංකාවේ යාල වනාන්තරය ලෝකයේ වැඩිම දිවි ඝනත්වයක් සහිත වනාන්තරය ලෙස හදුන්වා ඇති බවයි. ආසන්න වශයෙන් ආසන්න වශයෙන් වර්ග කිලෝමීටරයක් තුළ එක දිවියෙකු වසන බවටත් එහි කරුණු දක්වා තිබෙනවා.

Facebook| Archived

මෙම සටහන් හුවමාරු වී තිබු තවත් අවස්ථා කිහිපයක් පහතින්

අප විසින් මෙම කරුණු සම්බන්ධව පවතින මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මුලින්ම අප අවධානය යොමු කළා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් ලෝකයේ වැඩිම දිවියන්ගේ ගහන ඝනත්වය ඇත්තේ යාල ජාතික වනෝද්‍යානය තුළ බවට වන සදහන් සිදුකර ඇති බවත් අපට නිරීක්ෂණය වුවේ නැහැ.

නමුත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන සමහර වෙබ් අඩවිවල ලෝකයේ දිවියන්ගේ ගහන ඝනත්වය වැඩිම යාල ජාතික වනෝද්‍යානය තුළ බවට සදහන් වන ලිපි පළව ඇති ආකාරයක් අපට දැකගන්නට හැකිවුණා. එවැනි ලිපි වලට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින්. Archived & Archived

මෙම සමාජ ජාලා සටහන සැකසීමේදී ඉහත සදහන් එක වෙබ් අඩවියක තිබු සටහනක් ඒ ආකාරයෙන්ම උපුටා ගෙන ඇති බවත් පෙනී ගියා.

“Sri Lanka’s Yala National Park is recognized as having the highest density of wild leopards in the world. In one area of the Park, it is reported that there is one leopard per square kilometer, an incredibly high number compared to anywhere else in the world. Unconfirmed reports indicate that between 500 – 650 leopards reside in the wild in Sri Lanka.”

Archived

ඉන්දියාවේ මුම්බායි ආසන්නයේ වනෝද්‍යානයක දිවි ඝනත්වය

කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය , විශේෂයෙන්ම ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය වාර්තාවල දැක්වුණේ ඉන්දියාවේ මුම්බායි ආසන්නයේ පිහිටා ඇති සංජය ගාන්ධි ජාතික වනෝද්‍යානය මේ වන විට ලෝකයේ වැඩිම දිවියන්ගේ ගහන ඝනත්වය සහිත වනෝද්‍යානය බවයි.

ඒ සම්බන්ධයෙන් වන හින්දුස්ථාන් ටයිම්ස් සහ ඩේකෑන් හෙරල්ඩ් පුවත්පත්වල වෙබ් අඩවිවල පළව ඇති වාර්තා කියවිය හැකියි මෙතනින් සහ මෙතනින්. Archived & Archived

මෙහි ඩේකෑන් හෙරල්ඩ් පුවත්පතේ සදහන් වන්නේ 2017 වසර ආසන්නයේදී පලකරන ලද පර්යේෂණයක ප්‍රතිඵල වන අතර හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ මේ වසරේ ජර්නලයක පලකල පර්යේෂණයක ප්‍රතිඵල සදහන්. හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ සදහන් පර්යේෂණ වාර්තාව ඔබටත් කියවිය හැකියි මෙතනින්. Archived

ඉහත සදහන් කළ මේ වසරේදී පලකරන ලද පර්යේෂණ පත්‍රිකාවේ සදහන් ආකාරයට සංජය ගාන්ධි වනෝද්‍යානය තුළ වර්ග කිලෝමීටර 100 ක වපසරියක් තුළ දිවියන් 26 දෙනෙක් පමණ ජීවත්වේ. එය ලෝකයේ මේ වන විට පවතින වැඩිම දිවි ගහන ඝනත්වය බව එම පර්යේෂණ වාර්තාවේ සදහන්.

සංරක්ෂණවේදී ඇන්ජලි වොට්සන්

මේ පිළිබද වැඩිදුර විස්තර දැනගැනීම සදහා අප ශ්‍රී ලංකාවේ දිවියන් පිලිබදව දශක ගණනාවක සිට පර්යේෂණ පවත්වන ,සංරක්ෂණවේදී ඇන්ජලි වොට්සන්ගෙන් කරුණු විමසා සිටියා. ඇය Wilderness and Wildlife Conservation Trust (WWCT)සංවිධානයේ නිර්මාතෘවරිය ද වෙනවා.

ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා සටහන්වල ඇති කරුණු පිලිබදව අදහස් දැක්වූ ඇන්ජලි වොට්සන් පවසා සිටියේ මෙහි ඇති කරුණු නොමගයවන සුලු බවයි. සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටරයක ජීවත්වෙන දිවියන් සංඛ්‍යාව ගණනය කිරීමක් සිදු නොවන අතර ගණනය කරන්නේ වර්ග කිලෝමීටර 100 ක භුමි ප්‍රමාණයක ජිවත්වන දිවියන් සංඛ්‍යාව බවයි ඇය පැවසුවේ.

යාල -කලාප 1 ලෙස හදුන්වන ප්‍රදේශයේ යම් වැඩි ගහන ඝනත්වයකින් යුත් දිවියන් (Sri Lankan Leopard නැතහොත් Panthera pardus kotiya) පිරිසක් ජිවත් වුවත්, එම කුඩා ප්‍රදේශයක් මත, ලෝකයේ දිවියන්ගේ ගහන ඝනත්වය වැඩිම ප්‍රදේශය ලෙස අර්ථ දැක්වීම අතිශයෝක්තියක් බවත් ඇය පැවසුවා.

මෑතකදී සිදු කරන ලද පර්යේෂණ අනුව ලංකාවේ දළ වශයෙන් වැඩිහිටි දිවියන් 850ක් පමණ ජිවත්වන බවක් සැලකෙන අතර එම දිවියන් ගහනය 550- 1050 දක්වා විහිදෙන බවත් ඇය පැවසුවා. ඒ අනුව 500-650 අතර ප්‍රමාණයක් පමණක් දිවියන් ජීවත්වෙන බව නවතම පර්යේෂණ දත්ත වාර්තා හා සමග නොගැලපෙන බවයි ඇය පැවසුවේ.

IUCN රතු දත්ත පොතේ ඇති වාර්තා

IUCN රතු දත්ත පොත සදහා සිදුකර ඇති අවසාන වරට 2019 වසරේ ඔක්තෝබර් සිදුකර ඇති තක්සේරුව අනුව ද ලංකාවේ දිවියන් (Sri Lankan Leopard) 776-777 පමණ වාර්තා වී ඇති බව සඳහන්. එසේම ලංකාවට ආවේණික මෙම Panthera pardus ssp. Kotiya දිවියන් විශේෂය වඳවීමේ අවදානමට ලක්ව ඇති (Vulnerable D1) විශේෂයක් ලෙසද එහි සඳහන්. මෙම තක්සේරු සඳහා ද දායක වූ ගවේක්ෂයන් අතර ඇන්ජලි වොට්සන්ගෙන්ගේ ද නම සඳහන්. එම වාර්තාවට පිවිසීම මෙතනින් Archived

WWCT ආයතනය මගින් 2001-2 වසරවල යාල -බ්ලොක් 1 කලාපයේ සිදුකරන ලද පර්යේෂණයකින් සොයාගත් දත්තවලට අනුව අනුව එහි සිටින දිවියන්ගේ සංඛ්‍යාව වර්ග කිලෝමීටර සියයක වපසරිය සදහා දිවියන් 21 දෙනෙකි. නමුත් මෑත කාලයේ නිසි ආකාර පර්යේෂණයක් සිදු නොවීම නිසා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකිරීම අපහසුයි. රතු දත්ත පොත හා තොරතුරු සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවක් කියවිය හැකියි මෙතනින්.

ලංකාවේ දක්නට ලැබෙන මෙම දිවියන් විශේෂය ඇතැම් අවස්ථාවල දී , ශ්‍රී ලංකා කොටියා ලෙස ද හඳුන්වනු ලැබෙනවා

මේ පිලිබදව අප හා අදහස් පලකල වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරියෙක් පැවසුවේ මෑතකදී නිසි ආකාරයේ පර්යේෂණයක් සිදුව නොමැති නිසා මෙම සමාජ ජාලා සටහන්වල ඇති කරුණු පිළිගැනීම හෝ බැහැර කිරීම අපහසු බවයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලෝකයේ වැඩිම දිවියන්ගේ ගහන ඝනත්වය තිබෙන්නේ යාල ජාතික උද්‍යානයේ ද?

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News