2021 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, ඔක්තෝබර් 05 නිකුත් කළා ද?

Update: 2022-10-06 11:57 GMT

Update : 11/25/22

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ(24) සිට නිකුත් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් නැවතත් පළ වී තිබුණා. මේ හේතුවෙන් අප විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතාගෙන් ප්‍රතිඵල ලැබෙන දිනයන් පිළිබඳ විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, ප්‍රතිඵල ඉක්මණින් නිකුත්කිරීමට කටයුතු සුදානම් කර තිබෙන බවයි. ඒ අනුව නොවැම්බර් 25 පස්වරුවේ ප්‍රතිඵල නිකුත් කළ බවට නිවේදනයක් නිකුත් කර තිබුනේ මෙලෙසින්. ප්‍රතිඵල පරීක්ෂා කිරීම මෙතනින්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමූහයටමෙතනින් එකතුවන්න.

2021 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා කරුණු විමර්ශනයක් අප සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

2021 වසර සඳහා පැවැත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබු බව දක්වමින් හුවමාරු වූ සටහනක් පහතින්

Facebook | Archived

‘2021 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද’ යනුවෙන් දක්වමින් ඔක්තෝබර් 05 වැනිදා පළවූ තවත් සටහනක් මෙතනින් | Archived

එම තේමාවෙන් ම නොමඟ යවන සුළු ආකාරයෙන් දකුණු පස පහතින් කුඩා අකුරු භාවිත කරමින් ප්‍රතිඵල පැමිණෙන්නේ නැති බව දක්වමින් සටහන් පෙළක් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. එවැනි සටහනක් පහතින්

Facebook | Archived Link

මෙම සටහනේ දක්වා ඇති කරුණු අසත්‍ය බව පැවසූවත්, ප්‍රතිඵල පිලිබඳ උනන්දු මෙම කුඩා අකුරුන් උපහාසාත්මකව දක්වා තිබු වදන් පෙළ නොදුටු බොහෝ දෙනෙක් මෙහි සත්‍යතාවය විමසා තිබෙනු දැකගන්නට ලැබෙනවා.

අ.පො.ස (සා/පෙළ) ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව අපගේ 0771514696 වට්සැප් අංකය ඔස්සේ කිහිපදෙනෙක්ම විමසා සිටි බැවින් මේ පිළිබඳ අප තොරතුරු සොයා බැලුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

2021 වසරේ පැවැත්වීමට තිබූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ වසරේ (2022) මැයි 23 වන දා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබුවා. ජූනි 01 දා තෙක් දින 10ක් පුරා පැවැත් වූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ(05) දිනයේ දී නිකුත් කරන බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණා ද යන්න අප නිරීක්ෂණය කළ අතර එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි. එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය ඔස්සේ හෝ නිකුත් කර නොතිබුණි.

ඒ හේතුවෙන් අප අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව විමසීමට පියවර ගනු ලැබුවා.

අධ්‍යාපන අමාත්‍යාංශය

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) ලලිතා එගොඩවෙල මහත්මිය පවසා සිටියේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙතෙක් නිකුත් නොකළ ඇති බවත්, ප්‍රථිඵල ලබාදෙන දිනයක් මෙතෙක් නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

විභාග කොමසාරිස්

2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් මාසයකට අධික කාලයක් ගත වන බවට විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කළා.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකරනුයේ විභාග දෙපාර්තමේන්තුවේ අනෙකුත් විභාග රාජකාරී මධ්‍යයේ බැවින් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම එලෙස කල් ගතවනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 407,129ක් හා පෞද්ගලික අයදුම්කරුවන් 110,367ක් පෙනී සිට ඇති අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,842ක හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක විභාගය පවත්වා තිබුණා. ඒ සම්බන්ධ තොරතුරු මෙතනින්.

මේ ආකාරයෙන් ප්‍රතිඵල කලින් නිකුත් වීම පිලිබඳ බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වන අතර ඒ අතර කරුණු තහවුරු කර නොගත් අවස්ථා ද එමටයි. 2021 වසරේ දී උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් අපගේ කරුණු විමර්ශනයක් පහතින්

FACT CHECK: 2020 උසස් පෙළ විභාග ප්‍රතිඵල අද (අප්‍රේල් 27 / මැයි මස 03) දින මැදියම් ‍රැයේ නිකුත් වන බවට ව්‍යාජ සටහන් පෙළක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැති බවයි. 2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් මාසයකට අධික කාලයක් පමණ ගත වන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ද, සඳහන් කළා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:2021 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, ඔක්තෝබර් 05 නිකුත් කළා ද?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News