නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ ලංකාවේ හුවමාරු වන භික්ෂුන් දෙදෙනෙකුගේ ආරවුලක් දැක්වෙන ඡායාරූපයේ ඇත්ත කතාව!

Update: 2022-11-23 17:11 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විදෙස් ඡායාරූප හේතුවෙන් බොහෝ අවස්ථාවලදී ෆේස්බුක් පරිශීලකයින් නොමග යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එවැනි සටහනක් පිළිබඳ Fact Crescendo අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“දෙදෙනෙකු එක මඟ නොයන්න” යනුවෙන් බුදු රජාණන් වහන්සේ විසින් වදාළ ප්‍රකාශයක් දක්වමින් ඡායාරූප දෙපළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එම ඡායාරූපය හේතුවෙන් පිණ්ඩපාතේ වැඩිය බෞද්ධ ස්වාමීන් වහන්සේලා දෙනමක් අතර යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් හෝ ආරවුලක් වී තිබුණේ ද යන්න පිළිබඳ බොහෝ දෙනෙක් විමසා තිබුණා. එම ඡායාරූප පහතින්.

Facebook | Archived Link

මෙම සටහන් වලට දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ බෞද්ධ භික්ෂුන් අතර ආරවුලක් පැන නැගී ඇති බවට බොහෝ දෙනෙක් වටහාගත් අයුරුයි.

බුදුන් වහන්සේ විසින් වදාළ “දෙදෙනෙකු එක මඟ නො යන්න” යන ප්‍රකාශ එම සටහන සඳහා එක් කරමින් ඉන් අර්ථකතනය කර තිබුණේ, බුදුන් වහන්සේ එලෙස වදාළීමට හේතුව එම ඡායාරූපයෙන් දැක්වෙන බවට බොහෝ දෙනා පවසා තිබෙන අයුරු ද, දැක ගන්නට ලැබුණු අතර එම ප්‍රකාශයේ සැබෑ අර්ථය පිළිබඳ බොහෝ දෙනෙකු ප්‍රතිචාරය දක්වා තිබුණේ මේ අයුරින්.

මේ අතර මෙම සටහනට එක් කර තිබූ එක් ප්‍රතිචාරයකින් පවසා තිබුණේ “මෙය මියන්මාරයේ සිදු වුන සිදුවිමක්. මේ භික්ෂූන් දෙනම පිංඩපාතයේ වඩින ගමන් එක භික්ෂූවක් මීමැස්මොරය (ෆිට්) එක හැදිලා වැටිලා තියෙනවා.ඒ වැටුනු පාරට තමයි අර පාත්තර එහෙම බිදිලා තියෙන්නේ.ඉතිං මේක දැකපු අර අනිත් භික්ෂුව ඒ රෝගී භික්ෂූවට ප්‍රථමාධාර දෙන්න පටන් ගන්නවා.එතන හිටපු කෙනෙක් ඒක රූ ගත කරලා සමාජ මාධ්‍යට මුදා හැරලා තියෙනවා. ඒ රූ ගත කල පුත්ගලයට රජයෙන් විශේෂ සම්මානයක් වගේම අර භික්ෂූන් වහන්සේටත් වීර භික්ඛු කියලා සම්මානයකට පාත්‍ර කරලා තියෙනවා.” යනුවෙනි.

ඒ ඔස්සේ සමාජ මාධ්‍ය සටහන් බහුලව නිර්මාණය වී තිබුණේ මෙලෙසින්. Archived Link

මෙම සිදුවීම සම්බන්ධයෙන් ද, බොහෝ දෙනෙකු නොමග ගොස් තිබූ බැවින් මේ පිළිබඳ විමසා බලා කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවා.

සිදුවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීම

ඉහත ප්‍රතිචාර වශයෙන් දක්වා තිබූ කරුණු ඔස්සේ අප අන්තර්ජාලය හරහා කරුණු ගවේෂණය කළත්, භික්ෂුන් වහන්සේ නමකට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් උපකාර කර භික්ෂුන් වහන්සේ නමට වීර භික්කූ ලෙස සම්මානයට පාත්‍ර කළ බවට හෝ ඒ රූ ගත කල පුත්ගලයට රජයෙන් විශේෂ සම්මානයක් ලබා දුන් බවට පුවතක් දැක ගන්නට නොලැබුණි. එවැනි සිදුවීමක් සිදුවුණි නම් මියන්මාරයේ ප්‍රධාන ධාරා පුවත් වාර්තාකර තිබිය යුතු වුවද, එවැනි තොරතුරක් අපට දැක ගන්නට නොලැබුණි.

ඉහත ඡායාරූපයේ පසුබිමෙන් පෙනෙන පුවරුවේ වෙනත් භාෂාවක අක්ෂර දැක ගන්නට ලැබෙන බැවින්, අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළා.

මීට වසර 5 කට පෙර මියන්මාරයේ සිදුවීමක්

එහිදී දැක ගන්නට ලැබුණේ, මෙය 2017 වර්ෂයේ මියන්මාරයේ, Mandalay ප්‍රදේශයේදී භික්ෂූන් දෙදෙනෙක් අතර සිදුවූ ගැටුමක් බවත්, එම අවස්ථාවේ ඡායාරූපය ගත් පුද්ගලයා වන Sein Chit Thu නමැත්තෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ මෙම ඡායාරූපය පළ කරමින් එදින උදෑසන දක්නට ලැබුණු මෙම දර්ශනය පිළිබඳ ලැජ්ජාවට පත් වන බවටත් සඳහන් කර ඇති බවට මියන්මාරයේ ප්‍රධාන පුවත් වෙබ් අඩවියක් සඳහන් කර ඇති බවයි.

එමෙන්ම මෙම අවස්ථාව අනතුරකට පත් වූ අවස්ථාවක් විය හැකි බවට බොහෝ දෙනා පැවසූවත්, එම ඡායාරූපය ගනු ලැබූ Sein Chit Thu පවසා ඇත්තේ මෙය අනතුරක් වූ අවස්ථාවක් නොව ගැටුමක් ඇති වූ බවට තමන්ට තහවුරු කළ හැකි බවයි. ඒ බවට මියන්මාර්යේ ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link | Archived Link

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා Fact crescendo අප මියන්මාර් කණ්ඩායමෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, ඉහත කමෙන්ටුවේ පළ වූ ආකාරයේ භික්ෂුන් වහන්සේ නමකට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් උපකාර කර භික්ෂුන් වහන්සේ නමට වීර භික්කූ ලෙස සම්මානයට පාත්‍ර කළ බවට හෝ ඒ රූ ගත කල පුද්ගලයෙකුට රජයෙන් විශේෂ සම්මානයක් ලබා දුන් බවට පුවතක් වාර්තා වී නොමැති බවත්, ඒ පිළිබඳව පිළිගත හැකි සත්‍ය මූලාශ්‍ර නොමැති බවයි. නමුත් ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ භික්ෂූන් දෙදෙනා ගැටුමක් ඇති කර ගත් අවස්ථාවක් බවට එහි ප්‍රධාන මාධ්‍ය ධාරාවක් පෙන්වා දී ඇති බවට ඔවුන් තහවුරු කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ ලංකාවේ හුවමාරු වන භික්ෂුන් දෙදෙනෙකුගේ ආරවුලක් දැක්වෙන ඡායාරූපයේ ඇත්ත කතාව!

Fact Check By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News