කොටුව දුම්රිය ස්ථානයේදී විදේශිකයෙකුට වැඩි මුදලකට දුම්රිය ටිකට් පතක් විකුණූ අවස්ථාවක් ද?(Video)

Update: 2022-11-24 17:58 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

කොරියානු ජාතිකයෙකු විසින් කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රි ටිකට් පතක් වැඩි මිලකට අලෙවි කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“මේ කොරියන් ජාතිකයා වීඩියෝ කරද්දිත් රුපියල් 240 ටිකට් එක රු:500ට විකුණනකොට විදේශිකයෝ ඒවිද රටට” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එහි දැක්වුණේ, කොරියානු ජාතිකයෙක් කොටුව දුම්රි ස්ථානයේදී ගාල්ල දුම්රිය ස්ථානය සඳහා ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමට එහි මිල කවුන්ටරයෙන් අසන ආකාරයකි. ඉන් පසුව ඊට පිළිතුරු දෙමින් කවුන්ටරයේ සිටින නිලධාරියා දෙකයි හතළිහ ලෙස (Two- forty) ලෙස පිළිතුර ලබා දේ. කොරියානු ජාතිකයා විසින් ගාල්ලට ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා අතර ඊට මුදල් ගෙවීම සඳහා රු. 1000 නෝට්ටුවක් කවුන්ටරයට ලබා දෙයි. ඉතිරි මුදල 500ක් බවට දැක ගත් විට ඒ පිළිබඳව කොරියානු ජාතිකයා කවුන්ටරයෙන් විමසන අතර ඔහු සඳහන් කරන්නේ, ප්‍රවේශ පත්‍රයේ කොළඹ සිට ගාල්ල සඳහා ගාස්තුව රු. 240 ලෙස දක්වා ඇති බවයි.

ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී කවුන්ටරයේ සිටින නිලධාරියා පවසන්නේ, දෙකයි හතළිහ ලෙස පිළිතුරු ලබා දුන්නේ එම අවස්ථාවේ වෙලාව පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කළ බවට සිතා ඊට පිළිතුරු ලබා දුන් බවත් ගාල්ලට යෑම සඳහා ගාස්තුව රු.240ක් නොව නව මිල රු. 500ක් බව ත් ය. කවුන්ටරයේ සිටින නිලධාරියා රු.500 ලෙස එම ප්‍රවේශපත්‍රයේ පෑනකින් සඳහන් කරනු ලබයි. මේ අතර ඔහු විසින් කොටුවේ ඇති ඩිජිටල් ඔරලෝසුව පෙන්වන අතර එය ද, නිසායාකාරව ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවට දැක ගන්නට ලැබේ.

ඉන් අනතුරුව ඔහු එහි සිටින පොලිස් නිලධාරියෙකුගෙන් ගාල්ලට යෑම අවශ්‍ය බව පවසයි. එම පොලිස් නිලධාරියා විසින් ඔහු ගමන් කළ යුතු දුම්රිය වේදිකාව පෙන්වන අතර කොරියානු ජාතිකයා විසින් එම වේදිකාවේ රැඳී උන් ගාල්ල බලා යෑමට සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකුගෙන් ප්‍රවේශ පත්‍රයේ මිල පිළිබඳව විමසන අතර එක් තරුණියක් ප්‍රවේශපත්‍රය පෙන්වන අතර එහි සඳහන් වන , ගාස්තුව රු.240 ක් ලෙසට ඇය පවසනු ලබයි.

මේ හේතුවෙන් ඔහු සඳහන් කර සිටින්නේ, මුදල් වංචා කිරීමක් සිදු වී ඇති බවයි.

එම වීඩියෝව පහතින්.

Full View

Facebook

මෙම වීඩියෝව සම්බන්ධයෙන් මෙරට පුර වැසියන් ද නොමග ගොස් තිබුණේ වැඩි මුදලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විදේශිකයන්ට විකුණා ඇති බවටයි. එවැනි සටහනක් පහතින්.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ එම වීඩියෝව බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මේ පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප පියවර ගත්තා.

කරුණු විමසා බැලීම:

අප ප්‍රථමයෙන්ම කොළඹ කොටුව සිට ගාල්ල දුම්රිය ස්ථානය සඳහා දුම්රි ප්‍රවේශ පත්‍ර මිල කොපමණ ද, යන්න දැන ගැනීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියේ සඳහන් මිල පිළිබඳව අවදානය යොමු කරනු ලැබුවා.

අපට එහිදී දැක ගන්නට ලැබුණේ, දුම්රිය මැදිරියේ 3වන පංතියේ (3rd Class) මිල රු. 240ක් බවත්, 2වන පංතියේ (2nd Class) මිල රු.500 ක් බවත්ය. එසේම කවුන්ටරයේ සිටි නිලධාරියා පවසා සිටි පරිදි ප.ව.2.40 ට දුම්රියක් ද තිබෙන බවත් මෙහි දී දැක ගන්නට ලැබෙනවා

eservices.railway.gov.lk | Archived Link

එමෙන්ම මේ සම්බන්ධයෙන් එම කොරියානු ජාතිකයා සිය යූ ටියුබ් නාලිකාවේද ඔහු ලංකාවට පැමිණ සංචාරයේ නිරත වූ සම්පූර්ණ වීඩියෝව මෙලෙසින් පළ කර තිබූ අතර එහිදී ද, ඔහු විසින් ලබා ගත් දුම්රිය ප්‍රවේශ පත්‍රය පැහැදිලිව පෙන්වනු ලබන්නේ මෙලෙසින්.(02.20)

මෙහිදී අපට දැක ගන්නට ලැබෙන්නේ, එම ටිකට් පතේ 2වන පංතියට අදාළව නිකුත් කරන ලද්දක් බවයි. එමෙන් ම එහි ගාස්තුව රු.240ක් ලෙස ද, දක්නට ලැබේ.(පසුව කවුන්ටරයේ දී රු. 500 ලෙස ලියා තිබේ)

එමෙන්ම ඉහත වීඩියෝවේ කොරියානු ජාතිකයා විසින් කොටුව දුම්රිය වේදිකාවේදී ලාංකික තරුණියකගෙන් දුම්රි ප්‍රවේශ පත්‍ර මිල විමසන අවස්ථාවේ ඇය විසින් පෙන්වනු ලබන දුම්රි ප්‍රවේශ පත්‍රයේ මිල රු.240ක් ලෙස සඳහන් වුව ද, එම ප්‍රවේශ පත්‍රය කොරියානු ජාතිකයාට නිකුත් කළ ප්‍රවේශ පත්‍රයේ පැහැය(රෝස පැහැය) නොව කහ පැහැති වර්ණයක් වන බව ද, එහි 3වන පංතිය ලෙස සඳහන් වී ඇති බව ද, දක්නට ලැබේ. එම අවස්ථාව මෙතනින්.

දුම්රිය ප්‍රධාන පාලක මැදිරියේ ප්‍රධාන දුම්රිය පාලක

මේ හේතුවෙන් එම දුම්රිය ප්‍රවේශ පත්‍රයේ මිල තහවුරු කර ගැනීම සඳහා අප දුම්රිය ප්‍රධාන පාලක මැදිරියේ ප්‍රධාන දුම්රිය පාලක කේ.කේ.එන්.කේ නයනකාන්ත මහතාගෙන් විමසීමක් කළා.

ඒ මහතා තහවුරු කළේ, කොළඹ කොටුව සිට ගාල්ල දක්වා නව සංශෝධිත මිල වන්නේ, 3වන පංතිය(3rd Class) සඳහා මිල රු. 240ක් වන අතර, 2වන පංතිය සඳහා (2nd Class) මිල රු.500 ක් බවත්ය.

දුම්රිය ස්ථානාධිකාරී කොළඹ කොටුව

අප මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ කොටුව, දුම්රිය ස්ථානාධිකාරී බී.ආර්. විජේතිලක මහතාගෙන් විමසීමක් සිදු කළා. ඒ මහතා පවසා සිටියේ, පසුගිය ජූලි 23 වන දා සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වූ බවත්, ඒ අනුව කොළඹ කොටුව සිට ගාල්ල දක්වා නව සංශෝධිත මිල වන්නේ, 3වන පංතිය සඳහා මිල රු. 240ක් බවත්, 2වන පංතිය සඳහා මිල රු.500 ක් බවත්ය.

එදින පැමිණි එම කොරියානු ජාතිකයා විසින් 2වන මැදිරියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කවුළුවෙන් ටිකට් පතක් මිලදී ගත් බවත්, එහි වටිනාකම වූයේ රු.500ක් බව ත් තහවුරු කළා. එමෙන්ම ප්‍රවේශ පත්‍ර නිකුත් කළ කවුන්ටරයේ සිටි නිලධාරියා විසින් ඔහු විමසා සිටි ප්‍රවේශ පත්‍රයේ මිල වෙනුවට ඔහු ඇසුවේ මීළඟ දුම්රිය තිබෙන වේලාව බව වරදවා වටහාගෙන දහවල් 02.40 ලෙස පවසා ඇති බවත්, ඒ ඔස්සේ මෙම නොමග යෑම සිදුවූ බවත් සඳහන් කළා.

ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කිරීමේ අපහසුතා මධ්‍යයේ පැරණි ප්‍රවේශපත්‍ර සංශෝධිත මිල ගණන් යටතේ යොදාගැනීම..

යාවත්කාලීන නොවූ ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් ද, අප විමසීමක් සිදු කළ අතර ඔහු සඳහන් කළේ, මෑතක සිදු වූ දුම්රිය ගාස්තු සංශෝධනයෙන් පසුව පැරණි මිල යටතේ මුද්‍රණය කර ඇති දුම්රි ප්‍රවේශ පත්‍ර තොග අවසන් වන තෙක් ඒවා භාවිත කරන බවත්, මුද්‍රණ සඳහා වැය වන පිරිවැය ඉහළ ගොස් ඇති හෙයින් ද, මුද්‍රණය කර ඇති පැරණි ප්‍රවේශ පත්‍ර නව සංශෝධිත මිල යටතේ, ලබා දෙන බවයි. එසේම නව මිල යටතේ දුම්රිය ප්‍රවේශ පත්‍ර කොටසක් මුද්‍රණය කර ඇතත්, පෙර පැවති තොග අවසන් වන තෙක් ඒවා භාවිත කිරීමට සිදු වන්නේ, මුද්‍රණය කිරීම සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟ වීම හේතුවෙන් දරන්නට සිදුවී ඇති පිරිවැය අධික වීම නිසා බව ඒ මහතා තවදුරටත් තහවුරු කළා. මුද්‍රණය සම්බන්ධ ගැටලු පැන නැගී ඇති හෙයින් ඉදිරියේදී දුම්රි ප්‍රවේශ පත්‍ර සඳහා විකල්ප ක්‍රම ද, භාවිත කිරීම පිළිබඳ මේ වන විට සාකච්ඡා මට්ටමින් පවතින බවත් ඔහු පවසා සිටියා.

එමෙන්ම අප මේ පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන දුම්රි මගීන් කිහිප දෙනෙකුගෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් ද, තහුවරු කළේ, එහි 3වන පංතියේ නව මිල රු. 240 ක් බවත්, 2 වන පංතියේ නව මිල රු. 500ක් බවත් ඔවුන් සියල්ලම ප්‍රවේශ පත්‍ර ලබා ගමන් කරන්නේ එම නව මිල ගණන් යටතේ බවයි.

ඒ අනුව පැහැදිලි වන්නේ, කොටුව දුම්රිය ස්ථානයේදී විදේශිකයෙකු රවටා වැඩි මුදලකට ප්‍රවේශ පත්‍ර අලෙවි නොකර ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කොටුව දුම්රිය ස්ථානයේදී විදේශිකයෙකුට වැඩි මුදලකට දුම්රිය ටිකට් පතක් විකුණූ අවස්ථාවක් ද?(Video)

Fact Check By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News